රටම දන්න දෙන්නෙක් උස්සං නව සන්ධානය හයිඩ් පිටියට බහී..

0
5


නව සන්ධානයේ දෙවන මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ නායකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාර මහතාගේ සංවිධානත්වයෙන් එම කටුයතු සිදුකෙරෙන බව රාජගිරිය පිහිටි පක්ෂ කාර්යාලය පවසයි.

මෙවර මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපක් එකතුවීමටද නියමිතයි.

ඉන් දෙදෙනෙකු නැගෙනහිර පළාත නියෝනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයින් වීමද විශේෂත්වයකි.

මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානින් බොහෝ දෙනෙකු මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හමුවී සාකච්චා පවත්වමින් තිබේ.එවැනි විශේෂ සාකච්චා දෙකක් පසුගිය සතියේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්විණි.

– Repoter



Saru News