මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡවකිදී එතුමා පැවසූවේ ආර්ථික අර්බුදයට විසඳුම වන්නේ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම බවත් නැවත මෙවැනි තත්ත්වයට පත් නොවීමට රට ස්තාවර කලයුතු බවත්ය.
◾රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ගැටලුව විසඳා ගැනීමට මෙරටට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබා දෙන ණය මුදල සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. මේ ණය මුදල මඟින් මෙරට බිඳ වැටී ඇති ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කුමන ආකාරයේ සහයක්ද ලැබෙන්නේ?
අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබා ගත් ණය මුදල අපේ රටේ ණය අර්බුදයට හෝ ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් නොවෙයි. එහෙත් රටේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා ප්‍රවේශයක් විදිහට මේ ණය ලැබීම සලකන්න පුළුවන්. එහෙම නැතිව අප සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගැලවුණා දැන් හරි කියල කෙනෙකු හිතනවා නම් ඒක වැරැදියි.
ණය අරන් ප්‍රිය සාද පැවැත්වූ කාලයක් තිබුණා. ඒත් ණය ගත්තාම ඒ ණය මුදල ප්‍රතිඵල දායක විදිහට යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. විස්තීරණ ණය මුදලක් ලැබීමට නියමිතයි. මේ ණය මුදල ඉලක්කමක් විදිහට අරන් බැලීමට වඩා වැදගත් දෙයක් විදිහට පෙන්වා දෙනවාට වඩා අපට වෙනත් ආකාරයකට පෙන්වා දීමට හැකියාව තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමඟ අප රටට නැවත සහතිකයක් ලැබෙනවා.
අප රට ණය ලබා දිය හැකි රටක් විදිහට නැවත සහතික වීමක් ලැබුණා. ඒ නිසා අපට රටක් විදිහට නැවත ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉඩ ලැබෙනවා. ඒ සමඟ අපට වෙනත් රටවලින් ණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතන, විදෙස් රටවල්, මෙන්ම වාණිජ ණය ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එයට මූලික හේතුව බවට පත්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය වාරිකය සමඟයි.
ඒ නිසා අද වන විට මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී ආර්ථික තත්ත්වය සමනය කළ හැකි වාතාවරණයකට අවශ්‍ය මඟ මේ ණය වාරිකය අනුමත වීමත් සමඟ රටට ලැබී තිබෙනවා. එහෙත් මෙය අප රට මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදයට විසඳුමක් විදිහට සලකනවාට වඩා අර්බුදය විසඳීමට ලැබෙන නව පිවිසුමක් විදිහට සලකන්න පුළුවන්.
Saru Fm Media