රට හදන යෝජනා ගන්න සංඝායනා ක්‍රමවේදයක් – Saru FM

0
80


රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළා

නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කර සිටියා

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට නැවත ඇද දැමීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම තම ඉලක්කය බවත් කියා සිටියා.

2048 වන විට, රට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම තම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය නවීන ලෝකයට සහ නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි හැඩගස්වා නොගතහොත් රට පසුබෑමකට ලක් වනු ඇති බවද ප්‍රකාශ කළා


Saru Fm Media