රසම රස පොල් කේක් අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩි එකහමාරක ගා…

0
381


රසම රස පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-

පොල් ගෙඩි එකහමාරක ගා ගත් පොල් ( ලොකු පොල් බෑ තුනක පොල් )
පැණි බෝතල් 1/2ක්
ලොකු බිත්තර 04ක්
කපාගත් කජු මද ග්‍රෑම් 50ක්
පිටි ග්‍රෑම් 200ක්
සීනි ග්‍රෑම් 50 – 100ක්
බේකින් පවුඩර් තේ හැඳි දෙකක්
බේකින් සෝඩා කපාපු තේ හැඳි 01ක්
එනසාල් සහ කරාබුනැටි කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:-

සීනි ස්වල්පයක් බඳුනකට දමා ළිප තබන්න. එය රන්වන් පැහැයට හැරීගෙන එනවිට ජලය ස්වල්පයක් එකතුකර කැරමල් සාදාගන්න.

දැන් සාදාගත් මේ කැරමල්වලට ඉතිරි සීනි ටික දමා උණු වෙන්නට හරින්න. එයටම එනසාල්, කරාබු නැටි මිශ්‍ර සුවඳ කුඩු ස්වල්පයක් සහ ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න.

මෙය තරමක් ඝන පැණි ද්‍රාවණයක් බවට පත් වීගෙන එද්දී සිහින්ව ගා ගත් පොල් ටික ද දමා සාමාන්‍ය ආකාරයට පොල් පැණි සාදා ගන්න.

එලෙස සාදාගත් පොල් පැණි ටිකට ඔබ මිලදී ගත් පැණිවලින් භාගයකට ටිකක් වැඩි ප්‍රමාණයක් දමා හොඳින් නිවෙන්නට තබන්න.

දැන් බිත්තර ටික කඩා බඳුනකට දමා විස්ක් එකකින් හොඳින් ගසා ගන්න.

පිටි ටිකට බේකිං සෝඩා සහ බේකිං පවුඩර් මිශ්‍රකර තෙවරක් හළාගන්න.

කජු ටික සාමාන්‍ය කැබලිවලට කපාගන්න. අවශ්‍ය නම් ඇට ඉවත්කර කපා ගත් රටඉඳි ග්‍රෑම් 50කුත් මෙයට එකතු කළ හැකියි.

දැන් හළාගත් පිටිවලට මේ කජු, රටඉඳි කැබැලි දමා මිශ්‍ර කරන්න. අනතුරුව ගසාගත් බිත්තර මිශ්‍රණයට හළාගත් පිටි ද ටික ටික දමමින් හොඳින් කලවම් කරගන්න.

පිටි, බිත්තර, කජු ආදිය හොඳින් කලවම් වූ පසුව සාදා නිවෙන්නට තැබූ පැණි පොල් ටිකත් මෙයට දමන්න. අනතුරුව සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසුව මේ මිශ්‍රණය කලින් සකස් කරගත් බේකිං ට්‍රේ එකට දමා තුනී කරගන්න. ( බේකිං ට්‍රේ එකේ පතුලට පත්තර කොළ තුනක් පමණ නවා දමන්න. ඊට උඩින් තෙල් කඩදාසියක් දමා කේක් ට්‍රේ එක සාදා ගන්න.)

දැන් සෙල්සියස් අංශක 180ට රත් කරනලද අවන් එකක දමා විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

කේක් එක හොඳින් බේක් වූ පසුව විනාඩි කිහිපයකින් අවන් එකෙන් පිටතට ගෙන ටූත් පික් එකකින් එහි තැනින් තැන පොඩියට සිදුරු කරන්න. ඉන්පසුව ඉතුරු කරගත් පැණි ටික කේක් එක මතට වත් කරන්න.

දැන් නැවතත් කේක් එක අවන් එක තුළට දමන්න. උඩින් වත් කළ පැණි, කේක් එකට උරාගෙන හොඳින් නිවෙන තුරුම අවන් එක ඇතුළතම තබන්න. අවන් එක නැවත ඔන් කරන්න එපා.

කේක් එක හොඳින් නිවුණාට පසුව කෑලි කපා ආහාරයට ගත හැකියි.

Garlic and Ginger



Saru FM Media