saru fm media
Home ආහාර පාන රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju

රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju

0
181


වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බවට කිසිඳු සැකයක් නැහැ.
The brinjal (also known as eggplant) is incredibly nutritious, but also allows for countless ways of enjoying its nutrition-rich goodness. Here, Chassy shows a fried-brinjal recipe that is sure to make you fall even more in love with the brinjal.

Ingredients


0/12 ingredients

TNL රේඩියෝවෙන් ඡසී සමඟ රසවත් වම්බටු මෝජුව
Sweet Brinjal Moju with Chassy on TNL Radio

ඡසී TNL ගුවන්විදුලියේ ‘The Drive with Marlon’ හි කැපිපෙනෙන හඬ පෞර්ෂයක්. ඇයගේ සජීවී හඬ ශ්‍රී ලාංකිකයන් නැවත සවස් යාමයේ නිවාස වෙත ගෙන්වන ආකාරයේ සහෘද හඬක්. ඔබ ඇය ගැන නොදන්න කරණය තමයි ඇය ආහාර පිසීමට බොහොම උනන්දුවක් දක්වන බව. මේ විඩියෝස් වල ඇය අපිට පෙන්වනවා පිලිපීන වැසියන්ගේ කැමතිම ආහාර කිහිපයක් සකස් කරගන්න ආකාරය.
One half of the ‘The Drive with Marlon’, Chassy is among TNL Radio’s most distinctive voices. Her lively voice is a constant companion for Sri Lankans commuting back home in the evenings. What you may not know is that she is a passionate about cooking – and here she shows us how to make some Filipino favourites.
 

 

Directions


0/0 steps made

  1. කපා ගන්නා ලද වම්බටු භාජනයකට දමන්න.
    Add cut Brinjals in a bowl.
  2. ඊට කහ කුඩු එකතු කරගන්න.
    Add Turmeric powder.
  3. ලුණු එකතු කරගන්න.
    Add Salt.
  4. ගම්මිරිස් ස්වල්පයක් එකතු කරගන්න.
    Add a pinch of Pepper.
  5. හොඳින් මිශ්‍ර කරගන්න. ඒවා වම්බටු කැබලි වල හොඳින් තැවරෙන ලෙස මිශ්‍ර කරගන්න වග බලා ගන්න.
    Mix thoroughly. Make sure the Brinjals are well coated.
  6. මිශ්‍රණය සමඟ වම්බටු මිනිත්තු දෙකක් පමණ මරිනේට් කරගන්න.
    Let the Brinjals marinate in the mix for 2 minutes.
  7. ඒ අතර තෙල් පෑන් එක රත් කරගන්න.
    Meanwhile, heat Oil in a pan.
  8. වම්බටු ඊට දමා ගැඹුරු තෙලේ බැදගන්න. රන් දුඹුරු දක්වා වම්බටු බැදගන්න.
    Place the Brinjals into the pan and deep fry till golden brown.
  9. බැදගන්නා ලද වම්බටු පෑන් එකෙන් ඉවත් කොට පසෙකින් තබන්න.
    Remove the fried Brinjals from the pan and set aside for later.
  10. නැවත අලුත් තෙල් ස්වල්පයක් පෑන් එකට දමා රත් කරගන්න.
    Add and heat fresh Oil in a pan.
  11. කපාගත් ළුණු සහ සුදු ළුණු ඊට දමන්න.
    Add cut Onions and Garlic.
  12. කපාගත් අමු මිරිස් සහ තක්කාලි ද එකතු කරගන්න.
    Add cut Green Chillies and Tomatoes.
  13. කරාබු නැටි යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Cloves and stir.
  14. බැද ගත වම්බටු ඊට එකතු කර හොඳින් හැඳි ගමින් මිශ්‍ර කරගන්න.
    Add the fried Brinjals and stir.
  15. ඊට පොල් කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Coconut milk and stir.
  16. මද ගින්නේ මිනිත්තු දෙකක් තුනක් පමණ තබන්න.
    Let it simmer for about 2-3 minutes.
  17. විනාකිරි සහ සීනි එකතු කරගන්න.
    Add Vinegar and Sugar.
  18. නැවත ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Salt for taste. Stir well.
  19. පදම නැවත බලන්න / පදම රස බලන්න. අවශ්‍ය නම් නැවත සීනි සහ ලුණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
    Check seasoning. Add more Salt and Sugar if needed. Stir well.
  20. ඉවතට ගෙන උණුසුම්ව පිළිගන්වන්න.
    Take out and serve hot.


රොටි හෝ බත් සමඟ පිළිගැන්විය හැක.
Can be served with roti or cooked rice.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ පිළිගැන්විය හැක Can be served with:

Featured

  • නිර්මාංශ කෑම Vegetarian Kaema
  • පට්ට කෑම Top Kaema
  • පොඩ්ඩන්ට කෑම Kaema for Kids
  • හොදට කන කෑම Proper Kaema

පරිප්පු රොටි Parippu (Dhal) Roti

Read more


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!