හැමෝම සෙට් වුනාම බනින දේවල් අතරේ අම්මා බලෙන් ඇඳුම් හෝදන එක, කෙල්ල වද දිදී විස්තර අහන එක, උදේට බස්වල ඉන්න සෙනග වගේම ඔෆිස් එකේ තියෙන ප්‍රශ්නවලට බනින ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ විදියට බනින හේතු ගොඩක් තියෙන නිසා අපි හිතුවා ඇත්තටම මිනිස්සු සතුටින් වැඩකරන, අවුලක් නැති ඔෆිස් එකක් මොනවගේ විය යුතුද කියල හිතන්න. ඉතින් අපි හැදුවා සේවකයො සතුටින් වැඩකරන සාර්ථක ඔෆිස් එකකට ගයිඩ් ලිය්න්ස් ටිකක්.
අරයට වෙනම නීතියක්, මෙයාට වෙනම නීතියක් විදියට තියෙන ඔෆිස්වල ගැටුම් වැඩියි ඒනිසා හැමෝටම සමාන නීතියක් තියෙන්නට උවමනායි වගේම ඒ නීති නිසි ලෙස පැහැදිලි කිරීමකුත් සිද්ධ වෙන්නට උවමනායි. ඒ හැඩගැසීම මුලින්ම හදාගැනීම කාර්යාලයකට වැදගත්. එතකොට සේවකයින්ට කාර්යාල රාමුව ඇතුළෙ තමුන්ගෙ වැඩ කරගෙන යන්න අවශ්‍ය නිදහස ලැබිලා තියෙන සැක දුරු වෙනවා. ඒ නිසා පැහැදිලි ලෙස නීති පද්ධතියක් සහ ඒ නීති පිළිපදින සේවක පුහුණුවක් කාර්යාලයකට අවශ්‍යමයි.
ඉල්ල ඉල්ල කියන්න ඕන කරන දේවල් නෙමෙයි මේ. ඒ නිසා මේ කොටස කෙටියෙම්ම මේ විදියට හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන කරන දේවල් තියෙනවනෙ. මිනිස්සු රැකියාවක් කරන්නෙ ඒ ටික පෝෂණය කරගන්නනෙ. අන්න ඒ පහසුකම් සියල්ල රැකියාව තුළදීත් ලැබිය යුතුමයි.
අපි මේ ඔක්කොම කරන්නෙ සල්ලි වෙනුවෙන්. ඒ නිසා කරන වැඩවලට සරිලන වැටුපක් අපිට හිමි වෙන්නට උවමනායි. ඒ වැටුප සේවකයාට ජීවත්වීමට සරිලන වැටුපක් විය යුතුයි. ඒ වගේම රැකියාව තුළ සේවකයා දිරිගැන්වීමට මේ වැටුප් ක්‍රමවේදය යොදාගත හැකියි. ඒ අනුව සමාගම ලාබ ලබන අයුරින් අමතර දීමනා වැඩිකරන්නට සමාගමක් හට හැකියාව තිබෙනවා. එය ඒ වෙනුවෙන් සේවකයා පොළඹවන්නට කරන උත්සාහයක්.
සේවකයන්ට හිත සතුටෙන් වැඩ කරන්නට හැකිවන තවත් දෙයක් වන්නේ තමන්ගේ ප්‍රධානීන් තමන් විසින් නිම කළ වැඩ කටයුතු ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමයි. මේ විදියට තමන්ගේ වැඩ ගැන ප්‍රධානීන්ගේ දිරිමත් කිරීම් සිදුවීම තවදුරටත් ඒ වැඩකටයුතු වඩා ඵලදායී ලෙස සිද්ධ වන්නට හේතුවක් බව සිහිපත් කළ යුතුමයි. ඒ වගේම එවන් දිරිමත් කිරීම් සිදුවී තිබෙන අවස්ථාවක, වරදක් පෙන්වාදුන්විටත් එය හැඩගස්වාගන්නට සේවක මනස සැකසීම පුදුමයක් නෙමෙයි.
සේවකයන්ට සේවය අර්බුදයකින් තොරව කරගෙන යන්නට තමන් අවට සේවය කරන පිරිසේ සුහදශීලී බවත් හොඳින්ම බලපාන හේතුවක්. ඒ කොතරම් විශාල වැටුපක් ලැබුනත්, කොතරම් සුහදශීලි ප්‍රධානීන් සිටියත් ඔබ ජීවත් විය යුත්තේ සහ ඔබ එක්ව රැකියාව කළ යුත්තේ ඔබ අවට සිටින සේවකයින් සමග නිසායි. ඒ නිසා සුබවාදී ආකල්ප සහිත සේවක පිරිසක් කාර්ය මණ්ඩලය ලෙසින් සිටිය යුතුමයි.
මේ සෑම කටයුත්තක්ම යොමුවිය යුත්තේ එක් කාර්යයකටයි. ඒ ඔබේ රාජකාරියටයි. එනිසා ඔබේ නිදහස චිත්‍රපට බලන්නට, ඕපාදූප දොඩන්නට නොව සේවකයා අදාළ රාජකාරිය වෙනුවෙන් දිරිමත් කරවන රැකියා වටපිටාවක් ආයතනයකට අවශ්‍යයි. එය සිදුවන්නට නම් වගකිව යුතු නිළධාරීන්ගේ අවදානය අවශ්‍යයි. ඔවුන් ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ හැර රාජකාරි පැහැර හැරුණු විට පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එය ඔවුන්ගේ පහළ බැසීමට හේතුවක්.
රැකියාවකදී කතාබහකර විසඳුමකට එළැඹෙන්නට සමාගම තුළින් දී ඇති ඉඩ කියන දේ ඉතා වැදගත් තත්ත්වයක්. සමාගම් නීති රාමුව තුළ සිට තමන්ගේ ප්‍රශ්නවලට විසඳම් සෙවිය හැකි කරම් නම්‍යශීලී පාලනයක් සමාගමක් තුළ තිබීඹ ඒ සමාගම තුළ අර්බුද අඩු වීම ප්‍රධානතම හේතුවක්.
Saru Fm Media