COLOMBO ( News1st) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් මේ වන විට විරෝධතාවක් පැවැත්වේ.
ඒ , රිය අනතුරකින් පස් හැවිදිරි දැරියක් මිය යෑමේ සිද්ධියේදී පොලීසිය නිසි පියවර නොගත් බවට චෝදනා කරමිනි.
අප වාර්තාකරු පැවසූවේ,
පසුගිය 20 වැනිදා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පස් හැවිදිරි දැරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිදු වීමක් මුල් කරගෙන මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් දැරියගේ මව ද තුවාල ලැබු අතර ඇය ඒ වන විට ගැබිණියක්ව සිට ඇති අතර අනතුරින් ඇයගේ කුසෙහි සිටි දරුවා ද මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
නමුත් ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ පොලීසිය මෙම සිද්ධියේ දී පක්ෂපාතිව කටයුතු කර ඇති බවයි.
මෙම අනතුරින් මිය ගිය දැරියගේ අවසන් කටයුතු අද (22) සිදු කෙරේ.
උණුසුම් පුවත්
Saru Fm Media