මෙි වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. විශේෂයෙන්ම උතුර මැද සහ ඒ අවට ප්‍රදේශ වල වකුගඩු නරක් වීම බහුලව පවතිනවා..
මෑතක ආපේ කලාපයේ රටවල් අතරින් වැඩිම රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීර ගත වෙන රට විදියට අපේ රට තමයි කප් එක ගැහුවෙ.
වකුගඩු වල මූලික කාර්යය තමයි ශරීරය තුල පෙරණයක් විදියට ක්‍රියා කරන එක. මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා.
හරි, දැන් අපි බලමු ශරීරය ඇතුලෙ තියෙන පෙරණයේ හිල් ඇති වී (නරක් වී) ඇති බවට මොනවගේ ඉඟිද අපිට දෙන්නෙ කියල.
සීතල දවස් වලට අපට මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම වැස්ස දවසට, වැඩිපුර වතුර බීපුවම ඇතිවන මුත්‍රා බර ගැන නෙමෙයි මේ කියන්න යන්නේ.
ඔයා නිදාගෙන ඉන්න කොට හිටි හැටියේ රෑට ඇහැරෙන්නේ මුත්‍රා කරන්නම නම් මෙය වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා අවශ්‍ය ප්‍රමාණයට නොයා අතර මැද නැවතිලා ටික ටික නම් යන්නෙ මේ ගැනත් ඔයා වැඩිපුර සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍යයි. මොකද මේ වකුගඩු නරක් වීම පිලිබඳ ඉඟියක් වෙන්න පුලුවන්.
අපි මානසිකව අවුලක ඉන්න විටත් අපට නින්ද යන් නෑ. වෙනත් රෝගයක් වැළඳුන වෙලාවටත් අපට නින්ද යන් නෑ. ඒ වගේම තමයි මේ වනකොට විද්‍යාඥයෝ සොයාගෙන තියෙනව නිතරම ෆෝන් එකේ ඉන්න ඇබ්බැහි වූවොත් නින්ද නොයෑමේ තත්වයක් ඇති වෙනව කියලා.
නමුත් මේ හේතු කිසිවක් නැතිව ඔයාට නිදිමත අධිකව තිබුනත්, ඔයා නිදාගන්න try කරත් ඔයාට නින්ද යන් නැත්නම් ඔයාගේ වකුගඩු නරක් වීගෙන එන බවට මේ කරන්නෙ ඉඟි කිරීමක් වෙන්න පුලුවන්.
ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර බිව්වෙ නැතිනම් අනිවාර්යෙන්ම සම වියැලෙනවා. ඒ වගේම අපේ සමට සුදුසු නැති සබන් ගානකොටත් ඇඟ වියැලෙනවා, සම කසනවා. බොහෝ වෙලාවට අපට ඇලජික් කෑමක් කෑවමත් ඇඟ කසනවා.
ඉහත කියපු කිසිම හේතුවක් නැතිව ඔයාගෙ සම නිතර නිතර කසනවා නම්, ඒ වගෙම ඔයාගෙ සම කසන කොට දැඩි වියළි බවක් දැනෙනව නම් සහ කසන කොට සමටත් යටින් කසන බවක් ඔයාට දැනෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම සම සම්බන්ධ වෛද්‍යවරයකු වෙත නෙමෙයි යන්න ඕනි ඔයාගෙ වකුගඩු පරීක්ෂා කරගන්න කියල මතක තියා ගන්න.
අපිරිසිදු වතුර පෙරන මැෂින් එකක් වගේ වකුගඩු අපේ ශරීරයේ වැඩ කරන්නෙ. මේ මගින් විෂබීජ ජලය එක්ක මිශ්‍ර කරල පිට කරනවා. මුත්‍රා පෙරණයේ අවුලක් වුනොත් ශෛල වලින් ලේ වල තියෙන රතු රුධිරානු කාන්දු වෙනවා. මෙන්න මේ කාරණයෙදි තමයි බොහෝ දුරට මුත්‍රා වලින් ලේ පිට වෙන්නේ. ඒ නිසා තව තවත් වකුගඩු ඩැමේජ් වෙන්න නොදී වහාම වෛද්‍යවරයකු වෙත යන්න කියල මතක් කරන්න කැමතියි.
Saru Fm Media