ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එම සහය ලැබෙනු ඇති.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වුණු අතර එහිදී එකී ප්‍රතිසංස්කරණ ගැන සාකච්ජා කර තිබේ.
ස්ථාපිත කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය සහ අරමුදල් ලැබෙනු ඇති අතර ඉදිරි මාස 12 තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ සංක්‍රාන්ති සැලැස්ම ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලයට පවරා ඇත.
ASK
Saru Fm Media