saru fm media
Home දේශීය පුවත් ලක්ෂ 6ක මාළු බෝට්ටු තුනකින් ඇවිත් කොල්ල කාලා

ලක්ෂ 6ක මාළු බෝට්ටු තුනකින් ඇවිත් කොල්ල කාලා

0
185


( අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය කොටුව මුහුදේ මාලු අල්ලමින් තිබු ධිවර යාත්‍රාවක අල්ලන ලද මාලු තොගයක් ඊයේ (22) පස්වරුවේ තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් ඇතැයි  ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.

ත්‍රිකුණාමලය කෝණේශ්වරන් කොටුව මුහුදේ ගොඩබිම සිට  නාවික සැතපුම් 11ක් ඈතින් මෙම මංකොල්ලය සිදු වි ඇති අතර එම  යාත්‍රාවේ අල්ලන ලද රුපියල් ලක්ෂ හයක් වටිනා මාලු මෙසේ කොල්ලකා ඇතැයි  වරයා පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා ප්‍රදේශයේ පදිංචි ධිවරයන් පිරිසක් වරාය පොලිසියට පැමිණිලි කර ඇති අතර පිටත එන්ජින් සවිකරණ යාත්‍රා තුනකින් දහදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ධිවර පිරිස කියයි.

 කොල්ලකෑමට රැගෙන ආ ධිවර යාත්‍රා තුනේ  ලියාපදිංචි අංක පොලිසියට ලබාදි ඇති අතර සිද්ධීය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ  පවත්වාගෙන යයි.


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!