ලසඥ්ඥා
අවශ්‍ය ද්‍රව්‍ය:-
ලසඥ්ඥා ශීට් පැකට් එකක්
අඹරාගත් මස් කප් 3
චොප් කරගත් ළූණු ගෙඩියක්
සුදුළූණු බික් 2ක්
ටොමැටො පේස්ට් කප් 3
ටොමැටො සෝස් කප් 1/4
සීනි මේස හැඳි 1 1/2
ගම්මිරිස් රස අනුව
මහදුරු කුඩු තේ හැඳි 1/4
වතුර කප් 1/2
ඔරිගානො කුඩු තේ හැඳි 1/4
මොසරැල්ල චීස්
ලුණු රස අනුව
සාදන ක්‍රමය:-
ලසඥ්ඥා ශීට්ස් ටික පැකට්ටුවේ සඳහන් පරිදි තම්බා ගන්න.
තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට අඹරාගත් මස්, ලුණු ටිකක් එක් කර මදක් තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ සුදුළූණු එක් කර මිශ්‍ර කරගන්න.
මොසරැල්ලා චීස් සහ ලසඥ්ඥා ශීට්ස් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම තෙම්පරාදු කරගත් මස් එකට මිශ්‍ර කරගෙන හොඳින් කලවම් කර මද ගින්නේ උකු වනතුරු පිසෙන්න හරින්න.
බේක් කරගත හැකි තැටියක අඩියට බටර් තවරා එයට උඩින් සාදාගත් මස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමාගන්න. එයට උඩින් ලසඥ්ඥා ශීට්ස් අතුරා නැවත මස් මිශ්‍රණය එක් කර එයට උඩින් ගාගත් මොසරැල්ලා චීස් අතුරා ගන්න.
මේ විදියට තට්ටු කීපයක් දමාගෙන අවසානයට ලසඥ්ඥා ශීට් එක උඩට මොසරැල්ලා අතුරා සෙල්සියස් 180ට විනාඩි 15-20ක් බේක් කරගන්න.
Garlic and Ginger
Saru FM Media