ලස්සනට පේන්න පියයුරු ලොකු කරගන්න සැත්කම – Saru FM Media

0
227


“සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන” කියල තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයේ ස්ත්‍රී ශරීරය වර්ණනා කළේ. ඈත ඉතිහාසයේ ඉඳලම කාන්තා සිරුරේ ලාලිත්‍ය ගැන මේ වගේ ලියවුණු තැන් සාහිත්‍යයේ බොහොමයි. ඒ වගේම තමයි සුන්දර ශරීරයක් හිමි කාන්තාවන්ට ලැබුණ තැනත් බොහෝම විශේෂයි. පරණ පතපොත කියවද්දී අපිට තේරුම් යන කාරණයක් තමයි ඒ කාලෙ කාන්තාවන් හුඟ දෙනෙක් මේ කවි නිර්මාණවලින් කියවෙන විදිහේ සුකුමාල සිරුරකට හිමිකම් කියපු බව. හැබැයි ඉතින් අද තත්ත්වය හරි වෙනස්. හැමදේම යන්ත්‍ර සූත්‍ර වලින් කරගෙන සැපට කාල ඉන්න නිසාමද මන්ද කාන්තාවන්ගේ සිරුරේ හැඩයත් එහෙ මෙහෙ වෙලා. හැබැයි ඒ එක්කම ඒ හැම දෙයක්ම නිවැරදි කරන්නත් ක්‍රම අළුත් තාක්ෂණයෙන්ම හොයාගෙනත් තියෙනවා.

මේ කියන්නෙනම් ස්වභාවයෙන්ම පිහිටන ශරීරාංගයක වෙනස්කම් කිරීමක් ගැනයි. ඒ තමයි පියයුරු. කුඩා පියයුරු නිසා හිත් වේදනාවෙන් හිටිය කාලේ ඉවරයි. පියයුරු විශාල කරගන්න විවිධ ක්‍රම මේ වෙද්දි හොයාගෙන තියෙනවා. සම්බාහන ක්‍රම, ව්‍යායාම, යෝග ක්‍රම අතරේ පියයුරු විශාල කිරීමේ සැත්කමත් හරිම ප්‍රසිද්ධයි. ඉතින් අපි අද කතා කරන්නෙ ඒ ගැන. 

 

මේක සමහර අයනම් අහලවත් නැති කාරණාවක් වෙන්නත් ඇති. ශරීර ස්වභාවයෙන්ම කුඩාවට පිහිටන පියයුරු විශාල කරන්නත් සැත්කම් කරන්න පුළුවන් කිව්වම පුදුමත් හිතෙනවනෙ. හැබැයි මේක අද කාලෙ වෙද්දි බොහොම සුලභ සැත්කමක්. Breast augmentation හෙවත් පියයුරු වර්ධන සැත්කම, එහෙමත් නැත්තම් වර්ධන මැමෝප්ලාස්ටි නමිනුත් මේ සැත්කම හැඳින්වෙනවා. මේකෙදි වෙන්නෙ බාහිර සැත්කමක් මඟින් පියයුරු වල හැඩය සහ ප්‍රමාණය සකස් කිරීම සහ වර්ධනය කිරීම. සැත්කම සිදුකරන්න ඕන සුදුසුකම්ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් හරහා. 

 

මේ පියයුරු විශාල කරන සැත්කම ක්‍රම දෙකකට සිදුකෙරෙනවා. 

ක්‍රම දෙකක් තිබුණට දෙවන ක්‍රමයනම් කලාතුරකින් මිසක් භාවිතා වෙන්නෙ නැහැ. වඩා සුලභ මුල් ක්‍රමයයි. 

 

මේ සැත්කම සිදුකරන්නේ ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් හරහා කියල අපි කලින් කිව්වනෙ. ඉතින් වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරල අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. සැත්කම සිදුකරන්නෙ නිර්වින්දනය කරල. ඒ කියන්නෙ සිහිනැති කරල. පියයුර යට පැත්තෙන් කැපුමක් යොදල විවෘත කරල කලින් කිව්ව විදිහේ සේලයින් හෝ සිලිකන් වලින් සකස් කළ මල්ලක ආකාරයේ කෘත්‍රීම පියයුර ඇතුල් කරල නැවත මැසීම තමයි සිදුවෙන්නේ. සැත්කමෙන් පස්සේ සාමාන්‍ය විදිහට අවදිවෙන්න පුළුවන්. හැබැයි සුව වෙන්න යම් කාලයක් ගතවෙනවා. 

 

අපේ ආසාවට පියයුරු ලස්සන කරගන්නම විතරක්ම නෙමෙයි මේ සැත්කම තියෙන්නේ. පියයුරු ලස්සන කිරීමත් එක හේතුවක් තමයි. හැබැයි මව්කිරිදීමෙන් පසු හෝ ස්ථුල තත්ත්වයක සිට නැවත බර අඩුකර ගැනීමේදී සිදුවන පියයුරු එල්ලා වැටීම් නිවැරදි කරන්න, පියයුරු ආශ්‍රිත වෙනත් සැත්කම් නිසා පියයුරුවල ඇතිවෙන වෙනස්කම් නිවැරදි කරන්න වගේ විවිධ හේතු වලට මේ සැත්කම සිදුකරනවා. හැබැයි කොයි හේතුව නිසා උනත් සැත්කම සිදුකෙරෙන්නේ නම් ප්ලාස්ටික් සැත්කම් සිදුකරන විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා රූපලාවන්‍ය සැත්කමක් විදිහටම තමයි. 


Saru Fm Media