ලස්සන් වෙන්න හැමෝම කැමතියි.ඒත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න, සැලෝන් යන්න, මුදල් වියදම් කරන්න සමහරු පැකිලෙනවා. ගෙදර තියන දේවල් වලින් ලස්සන වෙව්න්න කැමති ඔයාලට මේ පහසු බියුටි ටිප්ස් ලොකු උදව්වක් වෙයි කියලා අපිට විශ්වාසයි
පොල් වතුරින් මුහුණ සේදීම –
පැරණි ගෘහනියන් අතර ජනප්‍රියම ප්‍රතිකර්මයකි.පොල් වතුරින් මුණ සෝදා ඒ වතුර මුනෙම වියැලෙන තුරු විනාඩි 20ක් විතර සිටින්න.පොල් වතුර වලට මුහුණේ මැරුණු සම ඉවත් කරලා මුහුණ පැහැපත් කරන්නට හැකියාවක් තිබෙනවා.
දෙහි යුෂ වලින් මුහුණ සේදීම

දෙහි බෑයක් මිරිකා එයට මිරිකූ දෙහි යුෂ ප්‍රමාණයට සමාන වතුර ප්‍රමාණයක් එකතු කර පුළුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න. එය විනාඩි 20ක් පමණ තබන්න. එම කාළය තුලදී ඉර එළියට නිරාවරණය නොවීම වඩාත් සුදුසුයි.ඉන් සම හානි වන්නට පුළුවන්. විනාඩි 20න් පසු මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. දෙහි යනු ප්‍රබල විෂබිජ නාශකයක්. එසේම දෙහි වල අඩංගු වන alpha-hydroxy කියන අම්ලය මගින් මුහුණේ මැරුණු සම හොදින් ඉවත් කර මුහුණ සුදු කරනවා. සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකර්ම කිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.
අල පෙත්තක් මුහුණේ ආලේප කිරීම

අල ගෙඩියක් හීනියට පෙති කපා ඔබේ මුහුණේ අලේප කරන්න. සෙමින් කවාකාරව ඔබේ සමේ අල පෙත්ත අතුල්ලන්න. අල වල ඇති විටමින් C නිසා මුහුණ පැහැපත් වීම සිදුවේ.
පිපිඤ්ඤා පෙති මුහුණේ ආලේප කිරීම –

පිපිඤ්ඤා පෙති මුහුණේ ගා පෙති දෙකක් මුහුණ උඩ තබාගෙන සිටීම වඩාත් සුදුසුයි. එය හොදටම වියළුණු පසුව මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. මෙය සතියකට කීප වතාවක් කරන්න.
මෙවැනි පුචි පුංචි ප්‍රතිකර්ම කිරීම මඟින් ඔබට පුළුවන් ස්වාභාවිකම ලෙහෙසි පහසුවෙන්ම අඩුවියදමින් පැහැපත් සුන්දර මුහුණක් ලබාගන්න.
Saru Fm Media