ලිංගික නිදහස ගැන කවුරුවත් ඔබට නොකිව් කතා… – Saru News Media

0
9

දැන් මේ ලිංගික නිදහස කියන්නෙම බොහොම සිත් ඇදගන්නා සුළු මාතෘකාවක්නේ මේ කාලෙදී. මෙතනදී අපිට දකින්න පුළුවන් කොටස් කීපයක් ඉන්නවා. එක කොටසක් ලිංගික නිදහස අත්‍යාවශ්‍යයි කියලා කියනකොට තව කොටසක් කියනවා බුදු අම්මෝ ඕක සංස්කෘතිය විනාස කරන පිල්ලියක් කියලා. ඔය අතරේ මැදහත් සිතින් වැඩ කරන ඇත්තෝ කියනවා, ලිංගික නිදහස වුනත් නිවලා මඳ පමණට ගත්තහම ප්‍රශ්නයක් නැහැයි කියලා. හරි, ලිංගික නිදහස සහ සංස්කෘතිය ගැන, ලිංගික නිදහසේ හරි වැරැද්ද ගැන අපිට වෙන දවසක කතා කරන්න පුළුවන්. හැබැයි ලිංගික නිදහස ගැන කතා කරනකොට ගොඩක් අය කතා නොකරන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ගැන කරුණු ටිකක් විමසන්න තමයි අපි යන්නේ.

 

කොල්ලෝ ඉන්නවා නේද කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න තියෙන ඕනකමට දහසකුත් ජාති කෙල්ලන්ට කියන. ඒක ලිංගික නිදහස නෙවෙයි, ඒක කුප්ප කම. මෙතනදී ජනප්‍රියම කතන්දරේ තමයි “මම ඔයාව බඳිනවා” කියන එක. ඒකට හේතුව තමයි, පිරිමි ළමයි කෙසේ වෙතත් අඩු තරමින් බහුතරයක් ලංකාවේ ගෑණු ළමයි තමන් සෙක්ස් කරන්න ඕන විවාහ වෙන/වෙන්න ඉන්න කෙනාත් එක්ක කියලා හිතන එක. ඉතින් කවුරුහරි ගෑණු ළමයෙක් ඒ වගේ අදහසකින් ඉන්නවා නම්, ලිංගික නිදහසනේ කියලා තමන්ව බඳිනවා කියලා කියන හැම එකා එක්කම සෙක්ස් කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. ඒක කොයි තරම් ෂුවර් ලෙවල් එකක තියෙන දෙයක්ද කියන එක ගැන මුලින් නිගමනයකට එන්න.

 

ඔව්, උඩින් කියපු කතාවේ අනික් පැත්තත් සමහර වෙලාවට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලිංගික නිදහස ගැන දාර ටෝක් ඉෂූ කරලා, තමන්ට බඳින්න කලින් කැමති කෙනෙක් එක්ක සෙක්ස් කරන එකේ කිසීම අවුලක් නැහැයි කියලා කියන සමහර ගෑණු ළමයි, කොල්ලෙක් එක්ක සෙක්ස් කළාට පස්සේ ඒ කොල්ලව බැඳගන්න ඒක ආයුධයක් කරගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඒකට හේතුව ඇත්තටම පස්සෙන් පහු කොල්ලා ගැන කෙල්ලට ආල හිතක් ඇතිවීම වෙන්න පුළුවන්. හැබැයි ඒත් එහෙම බැඳීමකට යන්න සෙක්ස් ආයුධයක් කරගන්න එක ලිංගික නිදහස නෙවෙයි.

 

කොල්ලෙක් එහෙම කියනවා නම්, ඒක එයාගේ අවංක අදහස නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොල්ලෙක් තමන් ආස කරන කෙල්ලෙක්ගේ එක්ක ලිංගික සංසර්ගයකට යන්න වුවමනාවට, කෙල්ලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඒත්තු ගන්නන්න මේ කතාව කියනවා නම්, ඇත්තටම ඒ කොල්ලා ලෝක කපටියෙක් මිසක් ලිංගික නිදහස ගැන හිතන මනුස්සයෙක් නෙවෙයි. කවුරුහරි ගෑණු ළමයෙක් හිතනවා නම් කන්‍යාභාවය විවාහය තෙක් ආරක්ෂා කර ගන්න ඕන කියලා, ඒකට අපිට කිසිම වැරැද්දක් කියන්න බැහැ. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ කෙල්ල හණමිටි අදහස් තියෙන කෙනෙක් කියලා. කොල්ලෙක්ට වුනත් එහෙමයි. අනික් අතට කන්‍යාභාවය ආරක්ෂා කරගන්න අවශ්‍ය නැහැ කියලා විශ්වාස කරන කෙල්ලෙක් නැහැදිච්ච එකියක් වෙන්නෙත් නෑ. ඒක තම තමන්ගේ කැමැත්ත. එච්චරයි.

 

ඔව්, ඒක ඇත්ත. ඉස්සර කාලේ විදියට කාන්තාවක් නම් ලිංගික භාණ්ඩයක් හෝ ලිංගික වහලියක් වෙන්න අවශ්‍ය නැහැ. ඉස්සර වගේ කාන්තාවකට තමන් ලිංගිකව එක් වෙන්න ඕන කාත් එක්කද කියන එක පුරුෂාධිකාරයෙන් නියම කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ලිංගික සහකරුවාව හෝ සහකාරියව තෝරගන්න ඕනම කාන්තාවකට නිදහස, අයිතිවාසිකම තියෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක්, කෙල්ලට තමන් එක්ක සෙක්ස් කරන්න ඇඳට යමු කියන එක කියාගන්න “ඔයා ලිංගිකව ස්වාධීන ගැහැණියක්” කියලා කියනවා නම්, ඒ ට්‍රික් එක ඇත්තටම පරණයි කියලා තමයි කියන්න වෙන්නේ. අද ඊයේ නෙවෙයි කාන්තාවට එයා ස්වාධීනයි කියලා පෙන්නලා එයාව හූරාකන එක පිරිමි කළේ. ඒක ඉතිහාසේ පුරාත් සිද්ධ වුණු දෙයක්. අන්න ඒ නිසා, තමන්ට ලිංගික ස්වාධීනත්වය ගැන දේශනා කරන්න එන ගොනා හැරෙන්නේ මොන පැලේටද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here