ලිංගික සවිබල ශක්තිය වැඩිදියුණු කරගන්න ක්‍රම සහ විධි කිහිපයක්! – Saru News Media

0
1

දැන් ඔය ස්ටැමිනා කියලා වචනයක් එහෙම අහල ඇතිනේ. නැද්ද? ස්ටැමිනා කිව්වහම ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න පුළුවන් කම, අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාව ගැන තමයි කියන්නේ. එතකොට සෙක්ෂුවල් ස්ටැමිනා කියන්නේ? ඒත් ඒ වගේම දෙයක් තමා. ඇඳේදී අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාව තමයි එතනදී අදහස් වෙන්නේ. මේක ඕන නම් ලිංගික සවිබලතාව, ලිංගික සවිබල ශක්තිය කියලා කියන්න පුළුවන්. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ලිංගික සවිබලතාවය එක්කම, තමන්ගේ ශාරීරික සවිබලතාවයත් කියන කාරණා දෙකම අරගෙන තමයි. ඇයි? ඇඳේදී තෘප්තිමත් ලිංගික සංසර්ගයක් ලබාගන්න නම් ඔය දෙකම සෑහෙන්න දුරට වැදගත් වෙනවා. අමුවෙන්ම කියලා දානවා නම්, ටිකක් වෙලා “යන්නෙ නැතුව” අල්ලගෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕන, ඒ වගේම ටිකක් වෙලා ‘හති හලන්නෙ නැතුව’ අල්ලගෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕන!

දැන් ඔය විදියට හොඳ ස්ටැමිනා එකක් තියෙන එක ඇඳේදී අතිශයින්ම වැදගත්ද? ඔව්. තමන්ට හොඳ ලිංගික ජීවිතයක් ලබාගන්න විතරක් නෙවෙයි, තමන්ගේ පාට්නර්ට හොඳ ලිංගික ජීවිතයක් ලබාදෙන්නත් මෙන්න මේ කියන සෙක්ෂුවල් ස්ටැමිනා එක අත්‍යාවශ්‍යයි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, ලිංගික සවිබලතාවය නැතිනම් සෙක්ෂුවල් ස්ටැමිනා එක වැඩිවර්ධනය කරගන්න ක්‍රම සහ විධි කිහිපයක් කියලා දෙන්න අවශ්‍යයි කියලා.

 

මේක ඉතින් කොහෙන් ගියත් මුලින්ම කියන්න සිද්ධ වෙන කතාවනේ. දැන් ඔය මහත දෙහෙත අලස ඇඟ පත තියෙන මනුස්සයෙක්ට සෙක්ස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. බඩ වදිනවා, ඇඟ මහන්සි කරවන්න බැහැ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ඇරෙන්න, සෙක්ෂුවල් ස්ටැමිනා එකත් සෑහෙන්න බහිනවා. ආන්න ඒ නිසා තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සෙක්ෂුවල් ලයිෆ් එකේ පර්ෆෝමන්ස් වලට අත්‍යාවශ්‍ය වෙන්නේ. ඒකට පළවෙනිම කාරණාව තමයි සමබර ආහාර වේලක්. කාබ්ස් අඩු, ප්‍රෝටීන් සහ මේද වැඩි, සීනි පිටි අනං මනං නැති ආහාර රටාවක් හදාගත්තා නං ගොඩ. ඊට පස්සේ එක්සයිස්. එක්කෝ ජිම් එකකට යන්නත් පුළුවන්. එහෙම නැතිනම් හොඳ කාඩියෝ එක්සසයිස් ටිකක් හොඳ ට්‍රේනර් කෙනෙක්ගේ උදව්වෙන් හදාගෙන තමන්ටම කරගෙන යන්න පුළුවන්. මේ විදියට මාස කීපයක් කළොත්, සෙක්ෂුවල් ස්ටැමිනා එකෙත්, ෆිසිකල් ස්ටැමිනා එකෙත් කැපී පේන වෙනසක් පේනවා ෂුවර්!

 

සමහරු ඉතින් ස්වයං වින්දනය සලකන්නේ ආනන්තරිය පාපකර්මයක් විදියටනේ. එහෙම හිතන්නේ නැති අයට පුළුවන් මාස්ටර්බේෂන් එකෙන්, ඒ කියන්නේ ස්වයං වින්දනයෙන් සෙක්ෂුවල් ස්ටැමිනා එක යම් දුරකට වර්ධනය කරගන්න. ටිප්ස් කීපයක් තියෙනවා. එක්කෝ තමන්ට හුරු අතින්, හුරු විදියෙන් නැතුව වෙනස් විදියකට ස්වයං වින්දනය කරන්න පුළුවන්. සුරතාන්තයක් ලඟා වෙනකොට පොඩ්ඩක් වැඩේ නවත්තලා, ආයෙමත් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ විදියෙන් තමන්ටම ‘‍යවන්නෙ නැතුව ඉන්න’ ට්‍රේනින් එකක් ලබාගන්න පුළුවන් වෙනවා.

ඇත්තටම සෙක්ස් කරනකොටත් මේ ක්‍රමේම අත්හදා බලන්න පුළුවන්. සුරතාන්තයක් ඉක්මනටම එනවා නම්, සාමාන්‍යයෙන් එක සුරතාන්තයකට පස්සේ වැඩේ බැරි වෙලා යනවා නම් කරන්න තියෙන්නේ සුරතාන්තය පමා කරන එක. ඒකට ලං වෙනකොට වැඩේ පොඩ්ඩක් නවත්තලා, ඊට පස්සේ ආයෙමත් පාට්නර්ට සතුට ලබාදීමට ෆෝකස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් තමන්ගේ සුරතාන්‍තය බිල්ඩ්-අප් කරන්න පුළුවන්.

 

ඇත්තටම ශක්තිමත් ශරීරයක් තියෙන එකත්, සෙක්ෂුවල් ස්ටැමිනා එකට බලපානවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ‘අල්ලගෙන ඉන්න’ වගේම, වැඩි වෙලාවක් ‘යවන්නෙ නැතුව ඉන්නත්’ හොඳ උදවුවක් වෙනවා. එහෙම කියන්න හේතුව මේකයි. සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට පිරිමියෙක්ට නම් ගොඩක් සෙක්ස් පොසිෂන් වලදී ගොඩක් වෙලාවට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් ඉන්නේ ලබාගන්නා පැත්තේ නෙවෙයි නම්, එතකොට පාට්නර් තමන්ගේ උඩට ඇවිල්ලා කරගන්න පොසිෂන් එකකුත් නෙවෙයි නම්, අනිවාර්යයෙන්ම පිරිමියාට තමයි මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් ශක්තිමට ශරීරයක් තිබීම අනිවාර්යයි. ඒකට හොඳ දෙයක් තමයි, බයිසෙප්ස් වලට, ට්‍රයිසෙප්ස් වලට, බඩට, පිටිපස්සට, ඉණට වගේ තැන් වලට හරියන ව්‍යායාම කරන එක. ඒවා බෙන්ච් ප්‍රෙස් වල ඉඳලා පුෂ්-අප්ස් වලට එනකල්, සිට්-අප්ස් වල ඉඳලා බ්‍රිජස් වලට එනකල්, ස්කොට්ස් වලට එනකල් වෙනස් වෙනවා. ජිම් එකට ගියොත් ට්‍රේනර් මේ එක්සයිස් ටික ගාණට ෂෙඩුල් එකක් හදලා දෙයි!

 

ඒ විතරක් නෙවෙයි, එක්සයිස් කිරීමෙන් ඇඟේ නම්‍යතාවයත් දියුණු වෙනවා. ඒකත් සෙක්ස් කරනකොට වාසියක්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here