ලෝකයේ භයානකම බිරින්දෑවරු 7 දෙනෙක් – Saru News Media

0
21

සමහර හස්බන්ඩ්ලට තමන්ගෙ වයිෆ්ට මල් තියල වඳින්නත් හිතෙන්න පුළුවන් මේ ලිපිය කියෙවුවට පස්සේ. ​ඒ වගේම සමහර වයිෆ්ලා “තමුසෙටත් හම්බවෙන්න තිබ්බේ මේ වගේ ගෑණියෙක්ව… අපි හොඳ වැඩියි” කියලා හස්බන්ඩ්ව ටැග් කරලා මේ ලිපිය ෂෙයාර් කරන්නත් ඉඩ තියනවා. හරි, ​ඒ කතා පැත්තකින් තියලා අපි දැන් කියවලා බලමු ලෝකයේ අමානුෂිකම බිරින්දෑවරුන් ගැන. 

 

‘කිඩ්නි ඩිවෝස්’ නමින් ජනප්‍රිය වුණු දික්කසාද නඩුවකටත් හේතු වුණු මේ සිදුවීම මීට දශකයකට විතර එපිට ඇමරිකානු මාධ්‍යවලට රසබර පුවතක් වුණා. ශල්‍ය වෛද්‍යවරයෙක් වුණු රිචර්ඩ් බැටීස්ටාගේ බිරිඳ වෙන ඩැව්නෙල් බැටීස්ටා වකුගඩු ආබාධයකින් පෙළුණු තැනැත්තියක්. දෙවරක්ම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අසාර්ථක වෙලා ඉඳිද්දී ​​ඇයට රිචර්ඩ් තම වකුගඩුවක් දන් දෙනවා. ​ඒත් ටික කාලයකින් ​​ඇය අනියම් සම්බන්ධයක් පටන් ගත් බව රිචර්ඩ් කියනවා. අවසානෙදී දෙදෙනා දික්කසාද වෙන්න තීරණය කරනවා. බිරිඳ කරපු ද්‍රෝහිකම නිසා දැඩි කෝපයට පත්වෙන රිචර්ඩ් තමන් දීපු වකුගඩුව නැවත ඉල්ලනවා. එහෙම නැත්නම් වකුගඩුවේ වටිනාකම හැටියට ඩොලර් මිලියන 1.5ක් ඔහු ඉල්ලා සිටිනවා. අන්තිමේදි රිචර්ඩ් නඩුව පරදිනවා. ​ඒ විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන්ව බලන්නට බිරිඳ තමන්ට ඉඩ දෙන්නේ නැහැයි කියලත් රිචර්ඩ් බිරිඳට චෝදනා එල්ල කරනව. 

 

තමන්ගේ පළමු සැමියා හෘදයාබාධයකින් මියගියාට පස්සේ තම දියණියන් දෙදෙනාත් එක්ක තනිවුණ ස්ටේසි තවත් විවාහයක් කරගන්න තීරණය කරනවා. ​​ඇය ඩේවිඩ් කැස්ටර් නම් පුද්ගලයෙක් එක්ක නැවත විවාහ වෙනවා. ඔය විවාහයත් කාලයක් ගලාගෙන යද්දි ස්ටේසි දවසක් පොලිසියට පැමිණිලි කරනවා තමන්ගෙ ස්වාමි පුරුෂයා තමන් එක්ක තරහ වෙලා කාමරේ දොර වහගෙන, පිටතට ​ඒම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා කියලා. නිවසට ගිහින් කාමරයේ දෙර කඩලා බලන පොලිස් නිලධාරීන්ට දකින්න ලැබෙනවා ස්ටේසිගෙ ස්වාමිපුරුෂයා වස පානය කරලා මිය ගිහින් තිබෙන බව. කොහොම නමුත් වැඩිදුර පරීක්ෂණ සිදු කරද්දි පොලිසියට වස බඳුන්වල ස්ටේසිගේ ​​ඇඟිලි සලකුණු හමුවනවා. ​ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසිය ස්ටේසිගේ පළමු සැමියාගේ සිරුරත් ගොඩ ගෙන පරීක්ෂණ පවත්වනවා. එහිදී ඔහුගේ සිරුරේත් ඉහත වස වර්ගය තිබෙන බවට ඔවුන් සොයාගන්නවා. ක්‍රම කමයෙන් සැකය තමන් වෙත යොමු වද්දී ස්ටේසි තව දරුණු උපායක් යොදනවා. ​​ඇය කරන්නේ තමන්ගේ වැඩිමල් දියණියට වසදී, සැමියන්ගේ මීනීමැරුම් දෙක ඇය විසින් සිදු කරන ලද බවට ව්‍යාජ සියදිවිනසාගැනී​මේ ලිපියක් සකස් කරන එකයි. නමුත් වාසනාවකට ඇගේ දියණියගේ ජීවිතය ගැලවෙනවා. තම සැමියන් දෙදෙනාව වස දී මරාදැමීමේ චෝදනාවට ස්ටේසිට සිර දඬුවම් හිමි වෙනවා.

 

බොහොම දරුණු ගතිපැවතුම් වලින් හෙබි ඕස්ට්‍රේලියානු කාන්තාවක් වුණු කැතරින් කීප විටක් විවාහ වුණු තැනැත්තියක්. ඇගේ සැමියන් සහ ඇය ලිංගික සබඳතා පැවැත්වූ පුරුෂයින්ටත් නොයෙක් තාඩන පීඩන එල්ල කිරීමේ ඉතිහාසයක් ඇයට තිබ්බා. ඇය අවසන් වරට සම්බන්ධතාවයක් පැවැත්වුවෙ ජෝන් ප්‍රයිස් නම් පුද්ගලයෙක් සමග. එක දවසක ජෝන් ප්‍රයිස් රැකියාවට වාර්තා කරන්නෙත් නැතුව අතුරුදන් වෙනවා. ඒ ගැන රැකියා ස්ථානයෙන් සිදු කරපු පැමිණිල්ලක් හොයා බලන්න එන පොලිස් නිලධාරීන්ට හොයාගන්න ලැබෙන්නේ කැතරින් විසින් ජෝන් ප්‍රයිස්ව මරා දමා ඇති බවයි. ඒ විතරක් නෙමෙයි, ජෝන්ව මස් කරලා, අල, වට්ටක්කා, බීට්රූට් වගේ එළවලු එක්ක මිශ්‍ර කරපු ආහාරයකුත් ඇය ඒ වෙද්දි පිළියෙල කරමිනුයි ඉඳලා තියෙන්නේ. මේ ආහාරය ඇය හදලා තියෙන්නෙ තමනුත් කාලා තම දරුවන්ටත් පිළිගන්වන්නටයි. වැඩිදුර පරීක්ෂණ වලදී හෙළි වෙන්නේ කැතරින් ​ජෝන් ප්‍රයිස්ව මරා දමා තිබෙන්නේ පිහි පහර 37ක් ඇනීමෙන් බවයි. ඇය මේ බිහිසුණු අපරාධයට තවමත් ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් විඳිමින් පසුවනවා.

 

ඊජිප්තු ජාතික මෝස්තර නිරූපණ ශිල්පිණියක් වුණු ඔමයිමා නෙල්සන් 80 දශකයේදී ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඉන් පසු ඇයට සමීප වන විලියම් නෙල්සන් නම් ගුවන් නියමුවෙක් සමග ඇය විවාහ වෙනවා. නමුත් මේ විවාහය පවතින්නේ ඉතාම කෙටි කාලයයි. තමන්ව ලිංගික අපයෝජනයට ලක්කිරීමට පළිගැනීමක් වශයෙන් ඔමයිමා විලියම්ට කතුරකින් ඇන, ඉස්ත්‍රික්කයකින් පහර දී මරා දමනවා. ඇගේ පළිගැනීම එතැනින් නිම වෙන්නේ නැහැ. විලියම්ගේ ශරීරය කැබලි කරන ඔමයිමා ඔහුගේ මස් කළුකුම් මස් සමග මිශ්‍ර කර කුණු බක්කියට දානවා. තවත් මස් කොටසක් ඇය බාබකියු කොට ආහාරයට ගත් බවටත් ඇය සඳහන් කරන්නේ ඒ මස් වල ප්‍රණීත රසය ගැනත් වර්ණනා කරමින්. කොහොම නමුත් අවසානයේදී මිනීමැරුමට වරදකරු වන ඔමයිමාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here