මසාජ් කියන වදන අලුත් වුවත් සිරුරට බාහිරින් කරන තෙරපීම් මගින් සහනයක් ලබාගැනීමේ සම්බාහන ක්‍රම වල ඉතිහාසය මීට වසර 5000කට එපිට දක්වා දිවයන්නක්. ලෝකයේ මෙසපොතේමියා, හොවැංහෝ, ඉන්දු නිම්න ආදි පුරාණ ශිෂ්ටාචාරවලද මෙම සිරුරු සම්බාහන ක්‍රමවේද භාවිතා වී තිබෙනවා. චීනය සහ ඉන්දියාව මූලික වූ පෞරාණික සම්බාහන ක්‍රමවේද වසර සිය දහස් ගණනක් තිස්සේ ජනයාට සුවය සහනය මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක වාසිද ගෙන එන්නට වුනා.
සම්බාහනය ලබන අය බිමට එලූ පැදුරක් මත මුනින් අතට නිදි කෙරූ පසු තෙරපි සිදුකරන්නා පැමිණ සිරුරට තෙල් දමා විවිධ ස්ථාන විවිධාකාර පීඩනයන් යටතේ පයින් තෙරපීම කේරළ යටිපතුල් මසාජ් හරහා සිදුකරනවා. මේ මසාජ් ක්‍රමය අපේ රටේ අංගම් කලාව මෙන් කේරළයේ වූ පුරාණ සටන් කලාවන් ආශ්‍රිතව දියුණු වූවක්. චවුට්ටි මසාජ් ලෙස මලයාලම් බසින් හඳුන්වන මෙය කේරළයට පැමිණෙන සංචාරකයින් අතරද ප්‍රචලිත වූ මසාජ් ක්‍රමවේදයක්. මේ ක්‍රමයේදී සිරුරට වැඩි පීඩනයක් එල්ල කරන අතර එවැනි පීඩන දරාගත හැකි හොඳින් පදම් වූ ක්‍රීඩාශීලී සිරුරක් ඇති අය සඳහා මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ
හින්දු හා බෞද්ධ ආගමේ පසුකාලීන සංස්කරණයක් වන තන්ත්‍රයානයේදී විමුක්තිය ලබාගැනීමේ එක් භාවනා මාර්ගයක් ලෙස ලිංගික පහස හුවමාරුව දැක්වේ. එහිදී ගුරුවරයා සහ සිසුවා අතර කුමන ආකාරයේ වුව සම්බන්ධතාවයක් අනුමත කෙරේ. තන්ත්‍රයානික යෝග ක්‍රමවේද වලදී පුහුණු කරන්නා සහ පුහුණු වන්නා අතර දෑත් වලින් එහාට ගිය ස්පර්ශයන්ට අවස්ථාව සැලසේ. පුරාණ ඉන්දියාවේ කාජුරහෝ වැනි නටඹුන් වූ හින්දු සිද්ධස්ථාන වල නටඹුන් වලින් එකල ලිංගිකව හැසිරීම යනු වසන් කල දෙයක් නොවන බව පෙන්නුම් කරයි.
තන්ත්‍රයාන දහම මහායාන ක්‍රම අනුව ටිබෙටයේ සහ චීනයේ කොටස් වල පැතිර ගිය ධර්ම මාර්ගයකි. සිරුරට සැහැල්ලුව පමණක් නොව මනසටද විමුක්තිය අරමුණු කරගත් මෙම තාන්ත්‍රික මසාජ් සහ යෝග ක්‍රමවල වාසි පැයකින් දෙකකින් සිරුරට කඩිමුඩියේ එකතු කරගන්නට අමාරුය. අධ්‍යාත්මික භාවනා ක්‍රම, යෝග ක්‍රම හා මුසු වූ තාන්ත්‍රික සම්බාහන (Tantric Massage) ආකාර දැන් දැන් බටහිර රටවලටද පැතිර යමින් පවතී.
පීනන තෙරපෙන මාළුන් මගින් කෙරෙන ෆිෂ් තෙරපි දැන් දැන් ලංකාවේද ජනප්‍රිය වී තිබේ.මාදු ගඟේ බෝට්ටු සවාරි යන අය ෆිෂ් තෙරපියක්ද ලබාගැනීමට අමතක නොකරති. මෙහිදී අපගේ යටිපතුල් සහ කකුල් වල ඇති මැරීගිය සම් කොටස් මාළුන් විසින් නොමිලේම ඉවත්කර දෙනු ලැබේ. ඒ සඳහා විශේෂිත වූ මාළු වර්ග සිටී. එහෙත් දිනකට බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා මෙම මාළු ප්‍රතිකාර හරහා සමේ රෝග පැතිරීමේ අවදානමක් තිබෙන බව සොයාගෙන තිබේ.
ෆැරන්හයිට් අංශක 110-140ත් අතර උණුසුම් කරන ලද විශේෂිත ගල් විශේෂයක් සිරුරේ තබමින් මෙම හොට් ස්ටෝන් මසාජ් සිදුකරනු ලැබේ. බඩ, පපුව, මුහුණ, කලවා, පතුල් ආදී විවිධ ස්ථාන වලට මෙම ගල් මසාජ් හරහා ප්‍රතිකාර කරනු ලැබේ. ස්වීඩන මසාජ් ක්‍රම සමග මිශ්‍රවද භාවිතා කරන මෙම උණු ගල් ප්‍රතිකාරය තරමක් ජනප්‍රිය එකකි. විඩාවට පත් වූ මාංශපේෂී සමනය කිරීම, ආතතිය දුරු කිරීම ආදී වාසි රැසක් මෙම උණු ගල් ප්‍රතිකාරය හරහා ලැබේ.
අත් පා පමණක් නොව මුළු සිරුරම අනෙකා හා ස්පර්ශ කිරීමෙන් කරන මෙම බොඩි ටු බොඩි මසාජ් ක්‍රමවේදය තායිලන්තය ආදී සංචාරක කර්මාන්තය ජනප්‍රිය රටවල ලිංගික සුවය පිණිස භාවිතා කෙරේ. මසාජ් පාලර් මුවාවෙන් ලිංගික සුව ලබාදීම දකුණු සහ අග්නිදිග ආසියාවට අමුතු දෙයක් නොවන අතර ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් රටවල මෙසේ බොඩිටු බොඩි මසාජ්, සෙන්සේශනල් මසාජ් ආදී ලෙසින් වෙනස්ම ආකාරයේ ලිංගිකමය උද්දීපන පාරිභෝගිකයින්ට සපයන තැන් පැතිරී ගොස් තිබේ. මේ හරහා ද සිරුරට මෙන්ම මනසට සැහැල්ලුවක් ලැබෙන හෙයින් තායිලන්තය කරා ඇදෙන සංචාරකයෝද විරුද්ධ ලිංගික තෙරපිවරුන්, තෙරපිනියන් හරහා බොඩි ටු බොඩි මසාජ් ලබාගැනිමට ආශා කරති.
කොණ්ඩය කපන්නට සැලොන් එකකට ගිය පසු මසාජ් එකක් දමාගැනීම අපේ ලංකාවේද ගමේ සැලුන් එකේදී පවා ලබාගත හැකි සේවාවකි. හෙඩ් සහ උරහිස් සඳහා ලබාදෙන මෙම මසාජ් එක ගෝවේදී සහ කේරළයේදී තරමක් දැඩි ලෙස කාලය ගෙන ඔලුවට ලබාදෙන මසාජ් එකකි. ඉන්දියාවේ ප්‍රකට සංචාරක මධ්‍යස්ථානයන් වන කේරළයේ සහ ගෝවේ මෙම ඔළුව මසාජ් කරගැනීම විදෙස් සංචාරකයින් අතරද පැතිර ගොස් ඇත. හිසට ගල්වනු ලබන තෙල් බෙහෙත් දමා හෝ නොදමා කරන මෙම මසාජ් එක ඔලුවේ බර සැහැල්ලු කරගැනීමේ මනෝමූලික බාහිර ක්‍රමයක් ලෙසද හැඳින්විය හැකිය.
Saru Fm Media