ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වගේම සියවසේ මලල ක්‍රීඩකයා නමින් හඳුන්වන මේ වන විටත් පාපන්දු ක්‍රීඩාව නිසා ලෝකයේ තරුවක් ලෙස බැබලෙන පාපන්දු ලෝක කුසලාන තුනකට හිමිකම් කියූ ලෝකයේ එකම ක්‍රීඩකයා වන බ්‍රසීල ජාතික පේලේගේ ජීවිතයේ සුවිශේෂී කරුණු ගැන කතා කරමු.
පේලේගේ සමුගැනීම ගැන FIFA සභාපති,Gianni Infantino මෙහෙම කියනවා,
“ඔහු කාන්දමක් වැනියි, ඔබ ඔහු සමඟ සිටින විට, සියළුම දේවල් නතර වෙනවා වාගෙයි. අද, මුළු ලෝකයම පේලේගේ වියෝව ගැන ශෝක වේ; මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ඔහුය.”
1940 ඔක්තෝබර් 23 වැනිදා, බ්‍රසීලයේ කුඩා නගරයක් වන ට්‍රෙස් කොරාකාස් හි තමයි පේලේ ඉපදුනේ. ඔහුගේ උප්පැන්න සහතිකයේ නම සටහන් වුනේ එඩිසන් ඇරන්ටෙස් නැසිමෙන්ටෝ විදිහට. ඔහුට මේ නම දී තිබෙන්නේ ඔහුගේ මව විසින්. තෝමස් අල්වා එඩ්සන්ව සිහි වීම සඳහා තමයි ඔහුට එඩිසන් කියන නම යොදලා තියෙන්නේ. නමුත් ඔහු ලොව පුරා ප්‍රචලිත වුනේ පේලේ කියන තරු ලකුණින්.
1958 වර්ෂයේ පේලේ ඔහුගේ පළමු පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 17 යි. ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. ස්විඩනයේ පැවැති ඔහුගේ පළමු ලෝක කුසලානයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ඔහු. එහිදී අවසන් මහා තරගාවලියේදී ඔහු විසින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනවා.
පේලේගේ පියා ඩොන්ඩින්හෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන João Ramos do Nascimento යි. ඔහු මධ්‍යයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩකයෙක් වගේම උපදේශකයෙක් සහ පුහුණුකරුවෙක් වුනා. ඔහු මුල් කාලයේ පේලේගේ පුහුණු කරු ලෙසද කටයුතු කළා. ඔහු තරග කළ ක්‍රීඩා සමාජ තරගයකදී හිසින් එල්ල කරන ලද පහරවල් වලින් එකම තරගයකදී ගෝල 5 ක් වාර්තා කරා. පේලේට කවදාවත් තාත්තාගේ මේ වාර්ථාව කඩන්නට ලැබුනේ නෑ. නමුත් පේලේ එවැනි ගෝල 4 ක් ලබාගෙන තිබෙනවා.
වසර 2000 දී, පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය (IFFHS) පේලේට සියවසේ ලෝක ක්‍රීඩකයා ලෙස නම් කරා. ඒ වගේම 1999 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔහුව සියවසේ මලල ක්‍රීඩකයා ලෙස තෝරා පත් කර ගත් අතර ටයිම් සඟරාව 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස පේලේ නම් කරන ලැබුවා. එසේම FIFA සියවසේ ක්‍රීඩකයා ලෙස ඔහුව වසර 2000 දී නම් කරනු ලැබීමද සුවිශේෂී කාරණයක්.
ඔහු තම රට වෙනුවෙන් වසර 21ක තරඟ දිවිය තුළ තරඟ 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබුවා. ඒ වගේම තරග 92කදී ගෝල 77ක් වාර්තා කිරීමද විශේෂිතයි.
1958, 1962 සහ 1970 තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට ගෙන ඒමට දායකත්වය දැක් වූ එකම ක්‍රීඩකයා තමයි පේලේ.
තමා අදහන ආගමට ගරු කිරීමක් ලෙස කතෝලිකයෙකු වන පේලේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අත්සන් කළ ජර්සියක් පරිත්‍යාග කලා. මේ වන විට රොනාල්ඩෝ නසාරියෝ විසින් අත්සන් කරන ලද පාපන්දුවක් සමඟින්,එය වතිකානු කෞතුකාගාරයක තැම්පත් කර තිබෙනවා.
Saru Fm Media