ලෝක ඉතිහාසයේ හමුදා කුමන්ත්‍රණ – Saru News Media

0
2

ලෝකයේ විවිධ අවස්ථාවල හමුදාමය මැදිහත් වීමෙන් රටක පාලනය වෙනස් වෙච්ච අවස්ථා ගණනාවක් පවතිනවා. දකුණු ආසියාවේ පාකිස්ථානය තමයි මේ සඳහා හොඳම උදාහරණය. ඒ අතින් බැලුවොත් එහෙම කොතරම් දූෂිත රාජ්‍ය තන්ත්‍රයක් ගැන චෝදනා එල්ල වුණත් ඉන්දියාව සෑම විටම තම ප්‍රජාතන්ත්‍රවාදී හරය ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. අපේ රටේ වුණත් එහෙමයි. අපේ රටෙත් එක්තරා අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට පසුබිම සකස් වී තිබුණත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එය සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් වුණා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලෝක ඉතිහාසයේ මුණගැහෙන සාර්ථක හමුදා කුමන්ත්‍රණ කීපයක් පිළිබඳව තොරතුරු.

 

 

 

නැපෝලියන් බොනපාට් තමන් නායකත්වය ලබාදුන් සුප්‍රකට ඊජිප්තු මෙහෙයුම අවසාන කිරීමෙන් පස්සේ නැවත ප්‍රංශයට ආවේ එවකට ප්‍රංශය පාලනය කළ පස් දෙනෙකුගෙන් යුතු නිලධාරී මණ්ඩලයේ පාලනය පෙරළා දැමීමේ අධිෂ්ඨානයෙන්. විවිධ උපක්‍රම අනුගමනය කළ ඔහු තමන් ප්‍රමුඛ කොන්සල්වරුන් තිදෙනෙකුගේ පාලනයක් ප්‍රංශයේ ස්ථාපිත කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව ඔහු ප්‍රංශයේ අධිරාජයා බවට පත්වීමට මාර්ගය විවෘත කර ගත්තා.

 

 

1936 වසරේ දී ස්පාඤ්ඤයේ  බලය වාමාංශික සන්ධානයකට හිමිවූ අතර ඒ වන විට ජනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ සේවය කළේ කැනරි දූපත්වලයි. ඔහු විසින් ඒ මොහොතේම ස්පාඤ්ඤ බලය  පැහැර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. පසුව ඔහු කැනරි දූපත් වල තිබූ තම සේනාංක සමග ස්පාඤ්ඤය  වෙත පැමිණි අතර එහි ප්‍රතිඵලය වූයේ වසර තුනක් දක්වා දිග්ගැසුණු සිවිල් යුද්ධයක්. කෙසේ නමුත් අවසානයේදී ඔහු ජයග්‍රාහකයා බවට පත්වී තම මරණය දක්වාම ස්පාඤ්ඤයේ ඒකාධිපති පාලනයක් ගෙන ගියා.

 

 

එවකට කනිෂ්ඨ හමුදා සෙබළෙකු වූ  ගඩාෆි, ලිබියාවේ එවකට පාලකයාව සිටි ඉඩ්රිස් රජු සංචාරයක් සඳහා විදේශගතව සිටියදී එරට බලය අල්ලා ගැනීමට සමත් වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසි හතක් පමණයි. එතැන් පටන් බටහිරට හිසරදයක් වූ නමුත් ඔහු සිය රටේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. වසර 42ක ඔහුගේ පාලන කාලය 2011 වසරේදී නිමා වූයේ අරාබි වසන්ත සමයේදියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here