ලෝක ඉතිහාසය වෙනස් කළ ගිවිසුම් 7ක් – Saru News Media

0
1

අද දක්වා මිනිස් වර්ගයාගේ දේශපාලන පැවැත්ම අධ්‍යයනය කිරීමේ දී විවිධ රටවල් සහ ජනවර්ග අතර ඇති කර ගත් ගිවිසුම්  ලෝකයේ දිශානතිය තීරණය කළ බව දකින්නට ලැබෙනවාහැබැයි මේ බොහෝමයක් ගිවිසුම ඇතිවෙලා තියෙන්නේ යුරෝපා ජාතීන් අතර. අද වන විට ආසියාවේ නැගී සිටීමත් එක්ක ඇතැම් ආසියාතික රටවල් ලෝක මට්ටමේ තීරණ ගැනීම සඳහා දායක වුණත් අතීතයේ දී විශේෂයෙන්ම 18 වැනි සහ 19 වන සියවස්වල යුරෝපය  සහ ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තීරකයා බවට පත් වුණා. අපි අද කතා කරන්න යන්නේ විදිහට ලෝක දේශපාලනය වෙනස් කරන්න සමත් වුණ ගිවිසුම් කීපයක් පිළිබඳව.

 

ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර ඇතිකර ගත් මෙම ගිවිසුම සඳහා මැදිහත්කරු විදිහට ක්‍රියා කළේ පාප් වහන්සේ. මේ හරහා යුරෝපයෙන් පිටත සොයාගත් රටවල්වල බලය මේ රාජධානි දෙකට පැවරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤයට මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වැඩි කොටසක හිමිකාරීත්වය ලැබුණු අතර පෘතුගාලයට ඊට නැගෙනහිර කොටසේ හිමිකාරීත්වය පැවරුණා. එසේම වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව පෙරදිග වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට පෘතුගාලයට හැකියාව ලැබුණා.

 

තිස් අවුරුදු යුද්ධය අවසානයේ දී ඇතිකරගත් එකඟතා දෙකකින් මෙම ගිවිසුම සමන්විත වෙනවා. මේ හරහා එතෙක් යුද වැදෙමින් සිටි රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ත රාජ්‍ය අතර දිගුකාලීන සාමයකට මුල පුරනු ලැබුවා. ආරම්භයේදී මෙහි ප්‍රතිලාභ ලැබුණේ යුරෝපයට පමණක් වුවත් වර්තමානයේ දී බලන කල එය ලෝක මට්ටමේ සාධනීය ප්‍රතිඵල ලබා දී තිබෙනවා. රාජ්‍ය සහ රට වැසියන් කෙරෙහි එම රාජ්‍යයේ බලපෑම කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳව අඩිතාලම දැමීම මෙම ගිවිසුම් මඟින් සිද්ධ වුණා.

 

ඇමරිකා එක්සත් ජනපදය දේශපාලනික වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම මේ ගිවිසුම මගින් සිද්ධ වුණා. එහි දී ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අරගලයේ දී සහයෝගයෙන් කටයුතු කළ ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ අරමුණ වූයේ ඇමරිකා එක්සත් ජනපදය දුර්වල රාජ්‍යයක් ලෙස ස්ථානගත කිරීමයි. නමුත් තම යටත්විජිතයට නිදහස දීම සිද්ධ වුණත්  එක්සත් රාජධානිය  ඉතා දූරදර්ශී ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉදිරියේදී නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මෙම ගිවිසුම හරහා සිය දායකත්වය ලබා දුන්නා.

 

 නැපෝලියන්ගේ පරාජයෙන් පසුව යුරෝපා රාජ්‍ය අතර ඇතිකරගත් මෙම ගිවිසුම මගින් සියවසක පමණ කාලයක් පුරාවට යුරෝපයෙහි සාමකාමී පරිසරයක් ඇති කිරීමට අඩිතාලම යොදනු ලැබුවා. වර්තමාන ඉතිහාසඥයන් ප්‍රතිගාමී ගිවිසුමක් ලෙස හැඳින්වුවත්  සාමකාමී කාලයක් යුරෝපයට උදා කිරීම පිළිබඳව ඊට ගෞරවය හිමිවිය යුතු බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මෙම ගිවිසුමේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ පරාජයට පත් වූ ප්‍රංශය පවා එහි කොටස් කාරයකු බවට පත්කර ගැනීමයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here