ලෝක පාසැල් චෙස් ශූරතාවලියේදී දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

0
11

දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා.

ඔවුන් එම තරඟාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 03ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරඟ සඳහා පදක්කම් 04ක් ද දිනාගනු ලැබුවා.

16වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා රටවල් 27ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400ක් පමණ සහභාගීවී තිබෙනවා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ඔවුන්ගේ මව්පියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් පැමිණ සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here