ලෝක පාසැල් චෙස් ශූරයෝ දිවයිනට – Saru News Media දේශීය පුවත්

0
2

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණියා.

රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටියා.

මෙම තරගාවලිය ඉකුත් පසුගිය පසුගිය මස 28 දින සිට රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාසැල් චෙස් ක්‍රීඩකයින් පිරිස අද (13) දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් , ගුරුවරුන්, සිසු සිසුවියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here