වයසට ගිහින් කසාද බැඳපු බොලිවුඩ් නළු නිළියෝ – Saru News Media

0
26

ඉරණම්කාරයා මුණ ගැහුණම ඉතින් කොයි දේත් වෙනස් වෙලා ලයිෆ් එක කනපිට හැරෙන්න පුළුවන්. ඒක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙමෙයි සුපිරි තරු වලටත් පොදු ධර්මතාවයක්. සදා තනිකඩයි කියල හිතන් හිටපු ඈයො එකපාරටම පෙළවහක් කරගන්නේ බලන්න ඉන්න අයව ෆුල් හොල්මන් කරලයි. මේ ඒ විදිහට තරුණ වයස ඉක්මවලා විවාපත් වුණ බොලිවුඩ් නළු නිළි සෙට් එකක් ගැනයි කියන්නේ.

 

ජෝන් ඒබ්‍රහම් කියන්නේ බොලිවුඩයෙන් බිහිවෙච්ච සරාගීම නළුවෙක් කිවුවොත් අපි වැරදි නෑ නේද? 2003 අවුරුද්දෙ ‘ජිස්ම්’ චිත්‍රපටය හරහා මෙයත් එක්කම ජනප්‍රිය වුණු බිපාෂා බාසුත් එක්ක තමයි ජෝන් ඒ කාලෙ හාද වෙලා හිටියේ. ඒත් කාලයක් යද්දී මේ දෙන්නගෙ නොගැ​ලපීම් නිසා වෙන්වීම සිද්ධ වුණා. ඊට පස්සේ ජෝන් අයියා කසාද බඳින එකක් නැද්දෝ කියල කට්ටිය හිත හිත ඉද්දි තමයි එයා​ට 2010 අවුරුද්දෙදි මූල්‍ය විශ්ලේෂිකාවක් වන ප්‍රියා රුන්චල්ව මුණ ගැහෙන්නෙ. මේ දෙන්නා 2014 අවුරුද්දෙදි විවාපත් වෙනවා. ඒ වෙද්දි ජෝන් ඒබ්‍රහම්ගෙ වයස අවුරුදු 42ක්.

 

රංගීලා චිත්‍රපටය හරහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්වෙච්​ච උර්මිලා මතෝන්ද්කාර් පුදු​ම ඉක්මනින් බොලිවුඩයේ සරාගී ගිනි සිළුවක් බවට පත්වුණා. උර්මිලා​ගෙ සරාගී පෙනුම වගේම සුන්දර සිරුර බොලිවුඩ් රසිකයින්ව පිස්සු වැට්ටෙව්වා. අධ්‍යක්ෂක රාම් ගෝපාල් වර්මාගේ චිත්‍රපටිවලින් තමයි උර්මිලාට වාසනාව කැන්දුනේ. වර්මාගේ ‘රංගීලා’, ‘භූත්’, ‘සත්‍යා’, ‘ප්‍යාර් තූනේ ක්‍යා කියා’ වගේ චිත්‍රපටි රැසක උර්මිලා රඟපෑවා. උර්මිලාගෙයි රාම් ගෝපාල් වර්මගෙයි පෙම් පළහිලවුවක් ගැන කසුකුසුවකුත් ඒ කාලෙ බොලිවුඩයෙ පැතිරිලා ගියා. හැබැයි අන්තිමේදි උර්මිලාගෙ අත ගන්​නේ කාශ්මීරයේ ව්‍යාපාරිකයෙක් සහ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන මොෂින් අක්තාර්. 2016 දී තමයි මේ දෙන්නා විවාහ වෙන්නෙ. ඒ වෙද්දි උර්මිලාට වයස 42ක්.

 

තමන්ගේ හුරුබුහුටි පෙනුම නිසා කාලයක් බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතියක් වෙලා හිටපු ප්‍රීති සින්ටාව පස්සෙ කාලෙක අපිට ගොඩක්ම දකින්න ලැබුණේ අයිපීඑල් තරඟවලදි තමයි. චෝරී ​චෝරී චුප්කේ චුප්කේ, දිල් චාහ්තා හේ, වීර් සාරා වගේ චිත්‍රපටි හරහා අතිශය ජනප්‍රිය වෙච්ච ප්‍රීතිගේ නම ඈඳුණු පෙම් හබත් කීපයක්ම ඒ කාලෙ පැතිරුණා. ව්‍යාපාරිකයෙක් වෙච්ච නෙස් වාඩියා එක්ක තිබුණයි කියන ප්‍රීතිගෙ සම්බන්ධකමක් අන්තිමේදි අහවර වුණේ වාඩියා ප්‍රීතිට පහර දෙන්න උත්සාහ කළාය කියල පොලීසිත් ගිහිල්ලා. ප්‍රීති සින්ටාගෙ අත ගන්න අන්තිමේදි හැකි වු​ණේ ඇමරිකානු ජාතිකයෙක් වුණු ජීන් ගුඩිනෆ් ට. 2016 දි විවාහ වෙද්දි ප්‍රීති සින්ටාගේ වයස 41ක් වුණා.

 

මධුරි ඩික්ෂිත් අමතක නොවන ඩාන්ස් එකක් දාපු ‘චෝලී කේ පීචේ ක්‍යාහේ?’ සින්දුව මතකද? අන්න ඒ සින්දුවේ මධුරි එක්ක නටන අනිත් කෙනා තමයි මේ නීනා ගුප්තා. නීනා කියන්නෙ දක්ෂ රංගන ශිල්පිණියක්. එයා බොලිවුඩ් වගේම ජාත්‍යන්තර චිත්‍රපටවලත් තමන්ගේ රංගන දක්ෂතාවය පෙන්නලා තියනවා. ඒ කාලේ ලෝකෙම හොල්ලපු බටහිර ඉන්දීය කොදෙවු පිතිකරුවා වෙච්ච විවියන් රිචර්ඩ්ස් එක්ක තමයි නීනා ගේ හාදකම තියෙන්නෙ. ඒ සම්බන්ධතාවෙන් නීනාට දුවෙකුත් ලැබෙනව. ඒත් නීනායි රිචර්ඩ්සුයි කසාද බඳින්නේ නැහැ. නීනා දියණියව ලොකු මහත් කරගෙන තනිකඩව ජීවත් වෙනවා. ඇය මුල් පාරට කසාද බඳින්නෙ විවේක් මෙහෙරා කියල කෙනෙක්ව. ඒ 2008 දි. ඒ වෙද්දි නීනාට වයස 49ක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here