වර්තමානයේ අපට සිටින දක්ෂතම නවක රංගන ශිලිපිණියෝ – Saru FM Media

0
99


ලංකාවේ රංගන ශිල්පිණියන්ගේ නාමාවලිය රුක්මණී දේවිය, අයිරාංගනී සේරසිංහලාගෙන් පටන්ගෙ​න අද වෙනකල් පරම්පරා ගණනාවක් පසු කරමින් සුවිසල් වෙනස්වීම්, විශාල වීම් හා පෙරළි ගණනාවකට භාජනය වෙමින් ඉදිරියට ඇදෙනවා. කාලයත් එක්ක සිදු වුණු සමාජ පරිවර්තන, තාක්ෂණික වෙනස්වීම්, රූපලාවණ්‍ය නව්‍යතාවන් හා විලාසිතා රැළි එක්ක ලාංකික රංගන ශිලිපිණියන්ගේ කුලකය ද අද වෙද්දී නවීකරණය වෙලා. ඒ හා සමාන්තරවම අති දක්ෂ නවක රංගන ශිල්පිණියන් රැසකුත් අපිට තිළිණ වෙලා ඉන්නවා දැකීම ඔබට සතුටක් වෙයි. ඒ වගේම අධ්‍යාපනික සුදුසුකමින් හා කුසලතාවයෙන් ද වර්තමානය වන විට ඔවුන් ඉතා අගය කළ යුතු තත්ත්වයක රැඳිලා ඉන්නවා. ඔවුන් ද අනාගතයේදී මෙරට රංගන ක්ෂේත්‍රයේ හිණි පෙත්ත තරණය කිරීමට වගේම ජාත්‍යන්තරයේත් ජය කෙහෙළි නැංවීමට සූදානම් බවට මේ වන විටත් ඉඟි පහළ කර අවසන්. මේ ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නේ එවැනි අති දක්ෂ අලුත් ශිල්පිණියන් 7ක් පිළිබඳවයි…

 

නිතරම සුන්දර සිනහවකින් හා සුහදශීලී හැසිරීමකින් සැරසී සිටින ඇය 2019 වසරේ සිග්නිස් සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ද, සුමති ටෙළි සම්මාන උළෙලේ නැගී එන නිළිය ලෙසද සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ, ඇය වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය හරහා සාර්ථක ගමනක් පැමිණියාට පස්සේ සම්බන්ධ වන පළවෙනිම ටෙලි නාට්‍යය වන නාමල් ජයසිංහ මහතාගේ “සහෝදරයා” නාට්‍යයේ “උත්තරා දේවි” චරිතය වෙනුවෙන්. ඉන් පසුව “කූඹියෝ” සහ “තණමල්විල කොල්ලෙක්” නාට්‍ය නිර්මා​ණ සඳහා ද ඇය සිය දායකත්වය ලබා දෙනවා. ඒ වගේම “තාල” චිත්‍ර​පටියේ ද ඇගේ රංගන කෞෂල්‍යය රිදී තිරයට සාර්ථකව එළි දක්වනවා. ඒ එක්කම ඇය වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක් හා ළමා මනෝ චිකිත්සකවරියක් වශයෙන් ද කටයුතු කරනවා. අපි හැමෝම හොඳින් හඳුනනා ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්නගේ ආදරණීය බිරිඳ ද ඇයයි.

 

ඉතාම ආකර්ෂණීය නෙත් සඟලක් සතු ඇය අපේ රටේ සහෝදර ද්‍රවිඩ ජාතික තරුණියක්. නමුත් ඇයගේ මව සිංහල. 2009 වර්ෂයේ ජාතික රූපවාහිනියේ ‘ලන්ච් ටයිම් මියුසික්’ වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය තවමත් ලොතරැයි වැඩසටහන් නිවේදනයට එක් වෙමින් ඔබේ ආලින්දයට එනවා. රංගනයත් සමඟ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එක් වන නිසා ඇය පසු කාලීනව ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසාන තරගයේ හොඳම නිළිය බවට ද පත් වෙනවා. අවුරුදු 34ක යෞවන නාට්‍ය උළෙල ඉතිහාසයේ සිංහල වේදිකා නාට්‍යයකට දෙමළ නිළියක් හොඳම සම්මානය ලබාගත් ප්‍රථම අවස්ථාව හැටියට එය ඉතිහාසයට එකතු වුණා. ඊට පස්සේ ඇ​ය රිදී තීරයට පිය නඟන්නේ අශෝක හඳගම මහතාගේ “ඉනිඅවන්” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් හරහායි. නමුත් ඇය ඒ සඳහා ලංකාවේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. පසුගිය දිනවල තිරගත වුණු සෝමරත්න දිසානාය​ක මහතාගේ “සුනාමි” චිත්‍රපටය හරහා ද ඇය මතක හිටින චරිත රංගනයකින් අප හමුවට පැමිණියා.

 

ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙරට අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූණු “හෝ ගානා පොකුණේ” උමා ටීචර්ගේ චරිතය හරහා විශිෂ්ට රංගන පරාසයක නියැළුණු ඇය අනුසුයා සුබසිංහයි. 31 වන චිකාගෝ ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ ගුරුවරුන්ගේ තේරීම ත්‍යාගය ද, 38 වන ලූකාස් ජාත්‍යන්තර ​ළමා උළෙලෙහිදී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා සම්මානය ද, 55 වන ස්ලීන් චිත්‍රපට උළෙලෙහිදී සිටි ඔෆ් ස්ලීන් සම්මානය ද ඇය ප්‍රධාන චරිතය හෙබවූ “හෝ ගානා පොකුණ” දිනා ගත්තා. ඒ වගේම 2016 දී 4 වන දෙරණ සන්සිල්ක් චිත්‍රපට සම්මාන උළෙලේදී “හෝ ගානා පොකුණ” චිත්‍රපටය සඳහා අභිධාන නවයක් සහ සම්මාන හයක් හිමි වුණා. අනුසුයා සුබසිංහ සඳහා ජූරියේ විශේෂ සම්මානය ද එහිදී හිමි වුණා. මේ ආදී වශයෙන් බොහෝ සම්මාන රැසකට හිමිකම් කියමින් සිංහල රිදී තිරයට පිවිසි අනුසුයා සුබසිංහ සිංහල සිනමාවට අනාගතයේ  බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ රංගන ශිල්පිණියක්‌ බවට නිරායාසයෙන්ම පත් වෙලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ඇති ඇය මේ වෙද්දී සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්​ඨ කතිකාචාර්‍යවරියක් විදිහට සේවය කරනවා. ඉදිරියේදී “වෙඩි නොවදින ළමයි” චිත්‍රපටය හරහා ද ඇය රිදී තිරයේදී ඔබ හමුවීමට නියමිතයි.

 

ආකර්ෂණීය මෙන්ම සරාගී සුන්දරත්වයකට හිමිකම් කියන ඇය, චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ “සිහිනය දිගේ එන්න” චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුවයි අශෝක හඳගම මහතාගේ “ඇගේ ඇස අග” චිත්‍රපටිය හරහා සිනමාවේ ජනප්‍රියත්වයට පිවිසෙන්නේ. ඇය එම චරිතය සඳහා සිග්නීස් සම්මාන උළෙලේ නිර්මානශීලී සහය නිළියට හිමි සම්මානය දිනාගන්නවා. ඒ වගේම දෙරණ සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය වශයෙන් ද ඇය එම වසරේ සම්මාන දිනාගත්තා.  රිතිකා කොඩිතුවක්කු ගේ රංගනය මෙරට රංගන ක්ෂේත්‍රයේ කතා බහක් ඇති කිරීමට සමත් වුණා වගේම ඇගේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය වෙනුවෙන් පැසසුම් වගේම චෝදනා ද එල්ල වුණා. සිනමාවට පිවිසීමට පෙර ඇය නිරූපණ ශිල්පිණියක් වශයෙන් ද කටයුතු කර තිබෙනවා. නමුත් ඈ රඟ පෑ චරිත සීමිත වුණත් එම චරිත වෙනුවෙන් දක්වපු සුවිශේෂී රංග කුසලතාවන්  නිසා අදටත් ආකර්ෂණීය ශිල්පිණියක් ලෙස ප්‍රේක්ෂක මතකයේ රැඳී සිටිනවා.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here