වාහනයක් නඩත්තුවට ටිප්ස් 7ක් – Saru News Media

0
12

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වාහන හිමියන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි වාහන නඩත්තුව කියන කාරණාව. වාහනයක් මිලදී ගැනීම ගොඩක් අමාරු දෙයක් උනත් ගත්තු වාහනේ නඩත්තු කරනවා කියන එක ඊටත් වඩා අමාරු දෙයක්. ඒක වාහන පාවිච්චි කරන ගොඩක් අය කියන කතාවක්. වාහනයක් විතරක් නෙමෙයි කොයි දේ උනත් හරියට නඩත්තු ක​ළේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රති​ඵල ලැබෙන්නේ නැතුව යනවා. ඒ වගේම තමයි හරිහැටි නඩත්තු ක​ළේ නැත්නම් තමන්ගේ පොකට් එකටමයි පාඩු වෙන්නේ.  ඉතින් එහෙම වෙන්නේ නැතුව වාහනේ හරි හැටි නඩත්තු කරගෙන යන්න උදව් වෙන ටිප්ස් කිහිපයක් තමයි අද අපි කියල දෙන්න හදන්නේ. 

ටයර් කියන්නේ වාහනේ ඉතාම වැදගත් කොටසක්. ටයර් හරියාකාරව නඩත්තු නොකරනවා කියන්නේ ලොකු අනතුරකට අත වනනවා වගේ තමයි. අන්න ඒ හින්දා ටයර් වලට ලොකු අවධානයක් දෙන්න ඕනේ. දිනපතා ටයර් වල වායු පීඩනය පරික්ෂා කරන්න අනිවාර්යයෙන් වෙලාවක් වෙන්කරගන්නම ඕනේ. ඒ වගේම තමයි ටයර් වල තත්ත්වයත් දිනපතාම හොයල බලන්න ඕනේ. නියමිත කට්ට ප්‍රමාණය තියෙනවද, ටයර් වල පළුදු වීම් වගේ දේවල් තියෙනවද කියන කාරණා විශේෂයි. ඒ වගේ දිනපතා පරීක්ෂාවකින් තමයි වෙන්න තියෙන භයානක අනතුරක් ව​ළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට අමතරව හැම සේවා වාරයකදීම, ඒ කියන්නේ සර්විස් කරන වෙලාවලදී ටයර් ටික මාරු කරවගන්න මතක් කරලා. ඒ කියන්නේ ඉස්සරහ ටයර් පිටිපස්සට දාල, පිටිපස්සේ ඒවා ඉස්සරහට දාන එක. ​ඒකෙන් ටයර් වල සමාන්තරව ගෙවීම ඇතිකරගන්න පුළුවන්. 

 

 

ටයර් වගේම වැදගත් දෙයක් තමයි වාහනේ තෙල් මට්ටම් පරීක්ෂාවත්. බ්රේක් ඔයිල්, එන්ජින් ඔයිල් කියන්නේ වාහනේකට වැදගත්ම ඔයිල් වර්ග දෙකක්. මේවයේ කාර්යභාරය නම් වාහනේකට ඉතාම වැදගත්. එන්ජින් ඔයිල් ගත්තොත් වාහනේ එන්ජින් එක ඇතුලේ ලෝහ කොටස් අතර ඝර්ෂණය අවම කරලා සුමටව අදා​ළ කොටස් ක්‍රියාත්මක වෙන්න ඉඩ සලස්වන එක තමයි කාර්යභාරය. ඉතින් ඒක එන්ජින් එකේ කල්පැවැත්මට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා සතියකට පාරක් හරි එන්ජින් ඔයිල් චෙක් කරන ස්ටික් එකෙන් තහවුරු කරගන්න එන්ජින් ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද? සහ ඔයිල් වල වර්ණය වෙනස් වෙලාද කියන එක. ඔයිල් ගොඩක් අවපැහ වෙලා තියෙනවනම් ඒ කියන්නේ මාරු කරන්න වෙනවා.

 

 

මීටර් පැනල් එකේ යම් යම් සංඥා පෙන්නුම් කරනවා වාහනේ යම් යම් දෝෂ වලට අදාළව. යම් විදිහකින් එහෙම මොනාහරි සංඥාවක් පෙන්නුම් ක​ළොත් වහාම ඒ ගැන ක්‍රියාත්මක වෙන්න අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට චෙක් එන්ජින් සංඥාව දැල්වුනොත් හැකි ඉක්මනින් වාහනේ නවත්වල දෝෂය තහවුරු කරගැනීමක් ක​ළ යුතු වෙනවා. එහෙම නැතුව ඒ ගැන නොසලකා තව දුරටත් ධාවනය කරනවා කියන්නේ ඉතින් පොකට් එකට ලොකු බරපැනක් එකතු වෙන්න තියෙන අවස්ථාවක්.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here