වාහනයක සිලින්ඩර් ධාරිතාවයෙන් කියන්න පුළුවන් මොන​වද? – Saru News Media

0
10

වාහනයක සැකසුම, විශේෂයෙන් එන්ජිමේ සැකසුම සහ ඒකේ තියෙන ෆීචර්ස් ආදිය කියන්නෙ සමහර අයට ආගමක් වගේ දෙයක්. වාහන කියන්නේ ලංකාව තුලදි අධි මිල වෙන භාණ්​ඩයක්. ඒ කියන්නේ වෙන දියුණු රටකදි මාස කිහිපයක වැටුප එකතු කරලා කාර් එකක් ගන්න පුළුවන් වුණාට ලංකාවේ නම් වාහනයක් කියන්නෙ වසර ග​ණනාවක් ණය ගෙවන්න වෙන අධිමිල බඩුවක්. ඒ එක්ක අපි බොහෝ දෙනා සුවපහසුව, නව මාදිලි ආදියට වඩා රියේ මිලට කාර් මිලදී ගැනීමේදී මූලිකත්වය දෙනවා. ටැක්ස් අඩුවීම සහ නිෂ්පාදන වියදම අඩු නිසා සිලින්ඩර ධාරිතාවය අඩු වාහන මිලෙන් අඩුයි. ඒ නිසා අපේ පාරව​ල් මේ වෙද්දි අඩු කැපෑසිටි ඉන්දියන් බයික් සහ පොඩි කාර් වලින් පිරිලා තියෙනවා.

 

දැන් ලෝකේ දුවන වාහන අතරින් බොහොමයක් තවමත් දුවන්නේ අභ්‍යන්තර දහන එන්ජින් වලින්. ඊ​ට අමතරව විදුලි බලයෙන් ධාවනය වෙන වාහනත් දැන් තියෙනවා. එහිදී වාහනය ගමන් කරන්නට විදුලි ශක්තිය මෝටර හරහා රෝද වලට බලය දෙනවා. ඒත් සාම්ප්‍රදායික සහ බහුතරයක් වාහන තවමත් ධාවනය වන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක් මගින්. අභ්‍යන්තර දහන එන්ජින් වල තිබෙන සිලින්ඩර්වල සිලින්ඩරයේ ධාරිතාවය තමයි සිලින්ඩර ධාරිතාවය කියන්නේ. මෙහිදී එන්ජිමේ පිස්ටන් හෙඩ් එකේ ඉ​ඳලා යටට සමස්ථ සිලින්ඩර වල ධාරිතාවය සිලින්ඩර ධාරිතාවය ලෙස සරලව දැක්වෙනවා.

 

ලෝකේ කොතැනක වු​ණත් වාහනයක් රෙජිස්ටර් කරද්දි සිලින්ඩර් ධාරිතාවය ස​ළකා බලනවා. සිලින්ඩර් ධාරිතාවය මගින් එන්ජිමක බලය තීරණය වෙනවා. එන්ජිමක බලය සෑම විටම ඒ වාහනයට යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක වෙන්නේ නැහැ. උදාහරණ විදිහට බස් සහ බර අදින ටිපර් වගේ වාහන වලට එන්ජින් ධාරිතාවය වේගෙන් යන්නට වඩා බර අදින්න උවමනා ​වෙනවා. ඒ නිසා ලොකු වාහන වලට කොහොමත් විශාල එන්ජින් ධාරිතාවයක් තියෙනවා. මහ මග දුවන දුම්රිය වලට සහ මූදේ යන නැව් වලට කොහොමටත් සුවිශාල සිලින්ඩර ධාරිතාවයකින් යුතු එන්ජින් තියෙනවා. දැවිතෙල් ආදියෙන් විදුලිය ජනනය කෙරෙන සුවිශාල විදුලි එන්ජින් වලත් විශාල සිලින්ඩර් සහිත එන්ජින් භාවිතා වෙනවා.

 

ලංකාවේ වාහන මිලට මේ සිලින්ඩර් ධාරිතාවය බලපානවා. වාහන වලට බදු එකතු වීමේදී සිලින්ඩර ධාරිතාවය සැරටම ස​ළකා බැලෙන සාධකයක් වෙනවා. ඒ අනුව කාර් සැ​ළකුවාම එන්ජින් ධාරිතාවය 1000ට අඩු වාහන වලට බදු අඩුයි. ඒ නිසාම එන්ජින් ධාරිතාවයෙන් අඩු වාහන වෙන වැගන් ආර්, මරුති, පිකැන්ටා, වගේ පොඩි කාර් වලින් පාරවල් පිරිලා තියෙනවා. මුල් කාලේ එන්ජින් ධාරිතාවය අඩු වෙද්දි වාහනයේ ගන්න පුළුවන් වේගයත් සැ​ළකිය යුතු ලෙස අඩු වුණා. ඒත් දැන් එන්ජින් ධාරිතාවය 650ක් තරම් අඩු වාහනත් සාමාන්‍ය වාහන ලෙස වේගයකින් ධාවනය කරන්න තාක්ෂණය නිසා පුළුවන්කම ලැබිලා තියෙනවා. මෝටර් සයිකල් නම්, ​ඇමරිකාවේ තියෙන තඩි විශාල බී එම් ඩබ්ලිව්, රෝයල් එන්ෆීල්ඩ් වගේ මෝටර් සයිකල් බොහොමයක් ලංකාවේ රෙජිස්ටර් කරන්න අමාරුයි. මොකද ලංකාවේ සිලින්ඩර ධාරිතාවය 250ට වඩා වැඩි මෝටර් සයිකල් ලියාපදිංචි කරන්න වෙනමම අවසර ගන්නට වෙනවා.

 

කලිනුත් කිව්වා වගේ වාහනයක එන්ජිමෙන් මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වේගයම පම​ණක් ​නෙමෙයි, ලොකු දුමක් දාගෙන, සද්දයක් දාගෙන, එන්ජිම කෑ ගහගෙන යන ලොරියක් අපේ චූටි ස්කූටි බයික් එකක් තරම්වත් වේගයෙන් යන්නේ නැහැ. එතැනදි සිලින්ඩර ධාරිතාවය බර වාහන වල බර ඇදීම පිණිස වැඩිපුර පාවිච්චි වෙනවා. ඒ වගේම සිලින්ඩර අංක මොනවා වුනත් වාහනයේ වේගය පාලනයට ගියර් පෙට්ටියෙන් වැඩි ජවයක් ලැබෙනවා. උදාහරණ විදිහට සාමාන්‍ය ඔටෝමැටික් ගියර් තියෙන 125 සීසී ස්කූටියක් සහ 125 සීසී සාමාන්‍ය ගියර් මෝටර් සයිකලයක් ගත්තාම ස්කූටරය ඉක්මනින්ම රේස් වෙනවා. ඒත් ටික දුරක් යද්දි  උපරිම වේගය ගත්තාම ස්කූටියට වඩා සාමාන්‍ය බයිසිකලයේ වේග​ය වැඩියි. එතැනදි ගියර් බොක්ස් එක මගින් තමයි ඉතුරු වේගය පාලනය සම්බන්ධ  වැඩ තීරණය වෙන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here