වැඩිය කතාබහට ලක් නොවුනු දකුණු කොරියානු සිනමාපට හතක් – Saru FM Media

0
113


මෑතකදී නම් ගොඩක් අය කොරියන් කතාවලට ආස කරන්න පටන්ගත්ත බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ කොරියන් කතා වගේද දකුණු කොරියානු සිනමාව. පැරසයිට් වගේ කතා බහට ලක් වුනු සිනමාපට වලට වඩා අඩුවෙන් කතාබහට ලක්වුනු සිනමාපටයන් හතක් ගැන තමයි අද අපි කතාකරන්න යනනේ.

මේක ටිකක් විදියේ වෙනස් ආකාරයේ කොරියානු සිනමාපටයක්. එහෙම කියන්නේ ඇයි දන්නවද, කොරියානු සිනමාපටයක් වුනත් මේකට පාදක වෙන්නෙ බෞද්ධ දර්ශනය නිසා. වැවක පාවෙන පන්සලක් වටා ඒ පන්සලේ ජීවත් වන හාමුදුරු නමක් හා සාමණේර නමක් වටා චිත්‍රපටයේ කතාව දිව යනවා. මේ චිත්‍රපටය හරිම හිමින් හරිම අපූරුවට ගලාගෙන යන කවියක් වගේ සිනමාපටයක් විදියටත් හඳුන්වන්න පුලුවන්.

වචනයේ පරිසමාප්තියෙන්ම මේක කවියක් වගේ ගලාගෙන යන සිනමාපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Lee Chang-dong කියන කොරියානු අධ්‍යක්ෂකවරයා. මේ සිනමාපටයට ප්‍රධාන වශයෙන් පාදක වෙන්නේ එක් ගැහැනියකගේ චරිතයක්. ඇය ඇල්සයිමස් රෝගයෙන් පීඩා විදින ගැහැනියක්. ඉතින් සාමාන්‍ය සිනමාපටයකින් නොලැබෙන අපූරු කතාපුවතක් ගෙන දෙන හරිම අපූරු සිනමාපටයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.

මේකත් ටිකක් වෙනස් විදියේ කතාවක්. අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුනු Some Birds Can’t Fly, Hunt For The Wilderpeople වගේ සිනමාපටයන් වල කතා තේමාවන්ට සමාන අතිසංවේදී කතාපුවතක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නේ. ගමේ ඉන්න මිත්තනිය ළඟට පැමිනෙන නගරයේ ජීවත් වන මුණුපුරාගේ චරිතයත් ඇතුලත් හරිම සංවේදී සිනමාපටයක් විදියට නෙය හඳුන්වන්න පුලුවන්.

මේක නම් එතරම් underrate වෙච්ච ෆිල්ම් එකක් නම් නෙවෙයි. ඒ හින්දා ගොඩක් අය බලලත් ඇති. අපි කලින් කතා කරපු සිනමාපට ත්‍රිත්වයටම වඩා හාත්පසින්ම වෙනස් ශෘංගාරාත්මක ආදර කතාවක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්. වංශවතියක් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරන සේවිකාවක් චිත්‍රපටයට පාදකවෙනවා. ඒ වගේමයි අවසානය වෙනකන් ම කුතුහලයෙන් රැඳී ඉන්න පුලුවන් වෙනස්ම සිනමාපටයනක් විදියටත් මෙය හඳුන්වන්න පුලුවන්.

The Bow කියන්නේත් වෙනස්ම විදියක කතාවක්. චිත්‍රපටයට පාදක වෙන්නේ නව යොවුන් වියේ දැරිවියක් සහ වයස 60ක මහල්ලෙක්ගේ කතාවක්. ඉතින් සිනමාපටය ගැන වැඩිය තොරතුරු නොකියා ඉන්නම්. මේ සිනමාපටයත් හරිම සන්සුන්, සෙමින් ගලාගෙන යන සිනමාපටයක්. ඒ වගේම අපි නොහිතන පැතිකඩක් ගැන අපුරුවට කතා කරන සිනමාපටයක්.

Pieta කියන්නේ අපි කවුරුත් හොඳට දන්න මූර්තියක්නේ. ඉතින් මේ සිනමාපටයට පාදක වෙන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් සීමා මායීම් නැතිව ඕන තරම් කැපකිරීම් කරන්න පුලුවන් අම්මෙක් ගැන. ඉතින් චිත්‍රපටයේ සමහර සිදුවීම් හරි සංවේදීයි. මිනිසුන්ට මේතරවි අමානුෂික වෙන්න පුලුවන් ද කියන ප්‍රශ්නය චිත්‍රපටය නරඹන අයට දැනේවි.

මේ සිනමාපටය නම් ලෝකයේ ටිකක් කතාබහට ලක්වුනු චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්. චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ගලා යන්නේ පලිගැනීමක් වටා. ඉතින් මේ ෆිල්ම් එකත් ඔබට කුතුහලය පිරුනු වෙනස්ම මාදිලියේ ට්විස්ට් එන්ඩ් එකක් තියෙන අමුතුම ත්‍රිලර් අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here