වැලිමිටියාවේ කුසලධම්ම හාමුදුරුවන්ගේ ජීවන තොරතුරු – Saru News Media

0
8

මීට මාසයකට විතර කලින් මුළු ලංකාවම කම්පනයට පත් කළ ආරංචියක් ලැබුණා. විද්යාලංකාර පරිවේණාධිපති සහ කැළණිය විශ්වවිද්යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවන්ගේ අපවත් වීම. නිකාය භේදයකින් තොරව ලංකාවේ සියළුම භික්ෂූන් වහන්සේලාගේ ගෞරවාදරයට උන්වහන්සේ පාත්රව හිටියා. වගේම කැළණිය කේන්ද් කරගෙන වැඩ වාසය කළත් මුළු රටේම මිනිස්සු ආගමික භේදයකින් තොරව උන්වහන්සේට ගෞරව කළා. ලංකාවේ ප්රධානතම  ඓතිහාසික විද්යායතනයක ප්රධානියා වුණත් කිසිසේත්ම උන් වහන්සේ උඩඟු  වුණේ නැහැ. සැබැවින්ම උන්වහන්සේ පොඩි දරුවෙක් වගේ නිහතමානී ගුණයෙන් යුක්ත වුණා. අපි අද ඔබට කියන්න යන්නේ උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ කතා කීපයක්

 

 

 ගිහි කල නාරම්මල වැලමිටියාව ප්රදේශය වාසය කළ උන්වහන්සේ කුඩා කාලයේ ඉඳන්ම පැවිදිවීම සඳහා ආශාවක් දක්වලා තියනවා. දවසක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ කුඩා දරුවා මිදුලේ ඉන්නවා දැකලා පන්සලට එන්න කියලා කියලා තියනවා. එදා පන්සලට ගියාම දරුවාට කන්න දීලා ගෙදරට ඇරලවන්න කියලා පන්සලේ මුරට හිටපු කෙනාට කියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේ පළවෙනි වතාවට පන්සලේ කෑම කාලා තියෙන්නේ. වගේම ලොකු හාමුදුරුවෝ ලබන සතියෙත් පන්සලට එන්න කියලා මේ දරුවාට කියලා තියෙනවා.  

 

 

 යක්කඩුවේ ප්රඥාරාම හාමුදුරුවෝ දවසක් විද්යාලංකාර පිරිවෙනේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ් කොස් ගස් වගයක් හොයන්න මේ පන්සලට ඇවිල්ලා තියෙනවා. පන්සලේදී මේ දරුවාව දැකල ලොකු හාමුදුරුවන්ගෙන් මේ දරුවව මහණ කරන්න ඉල්ලලා තියනවා. ලොකු හාමුදුරුවෝ තමන් වහන්සේගේ ගෝලයෙක් විදිහටම දරුවා පැවිදි කරන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වත්, යක්කඩුවේ හාමුදුරුවෝ දිගින් දිගටම මේ දරුවා විද්යාලංකාරයේ පැවිදි කරන්න කියලා ඉල්ලීම් කරනවා. අවසානයේදී ලොකු හාමුදුරුවෝ සහ කුසලධම්ම හාමුදුරුවන්ගේ ගෙදර අය එයට එකඟ වෙනවා. ඔන්න ඔය විදියට තමයි වැලිමිටියාවේ උපත ලබපු කුසලධම්ම හාමුදුරුවෝ විද්යාලංකාරයට එන්න මග පෑදෙන්නේ.

 

 

 විද්යාලංකාරයට ආපු මේ දරුවා තම සමකාලීන හාමුදුරුවොත් එක්ක ඉක්මනින්ම මිත් වුණා. ඉතින් ඔහු දවසක් තරුණ හාමුදුරුවරු එක්ක පිංකමක මල්වෙඩි සංදර්ශනයක් බලන්න රාත්රියේ ගිහිල්ලා තියනවා. එදා රෑ වෙලා ආපු හින්දා යක්කඩුවේ හාමුදුරුවන්ට බයේ ධාතුමන්දිරයේ තමයි ඉඳලා තියෙන්නෙ. පස්සේ ගැන විමසපු යක්කඩුවේ හාමුදුරුවෝඑහෙනම් උඹ ධාතුමන්දිරයේ හිටපන්කියලා. පස්සේ මේ හිත රිදිච්ච මේ දරුවා ආපහු ගෙදර යන්න තීරණය කරලා තියෙනවා. හේතුව විදිහට යක්කඩුවේ හාමුදුරුවන්ට කියලා තියෙන්නේ තමන්ට සනීප නෑ කියලායි. යක්කඩුවේ හාමුදුරුවෝ මුකුත් කියන්නේ නැතුව බස් එකට ටිකට් ගන්නත් රුපියල් හයක් වගේ දීලා තියනවා. මාසෙකින් පස්සේ යක්කඩුවේ හාමුදුරුවෝ මේ දරුවා බලන්න ආපහු ගමට ඇවිල්ලා, මේ දරුවව හම්බවෙලාඋඹට දැන් සනීපද?කියල අහල තියනවා. ආපහු පිරිවෙනට එන්නත් කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි  ආපහු මේ දරුවා පිරිවෙනට  එන්නේ. ගමන නම් නැවත ආපහු ගමට එන්නේ නැහැ. වැලිමිටියාවේ කුසලධම්ම නමින් පැවිදි වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here