saru fm media
Home දේශීය පුවත් විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි

විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි

0
112


(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකුගේ අත් මැණික් කටුවට ඉහළින් වෙන්වන සේ  කඩුවකින් කපා  සැකකරු එම කොටස්ද රැගෙන ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව  කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පහර දීම සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

තුවාලකරුගේ  නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භකර ඇති අතර වෙන් වූ අත් කොටස්  සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

සැකකරු සහ කපා වෙන්කොට ගෙන ගිය අත් කොටස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් කරනු ලැබු අත් දෙකෙහෙ කොටස් තිබුණේ නම් එය තුවාලකරුට බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here