saru fm media
Home දේශීය පුවත් විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි

විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි

0
107


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්‍ෂ 30ක් දක්වා ඉහළ නැංවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.  

දෙවන වසරේ සිට ඇපකරය මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.  

ඒජන්සි ආයතන මගින් රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් ආදී වශයෙන් වූ ගෙවීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරන බවත් එවැනි අවස්ථාවලදී  එම ගෙවීම් කිරීමට එකී ඒජන්සි ආයතනය කටයුතු නොකරයි නම් ඔහුගේ බැංකු ඇප මුදලින් නීත්‍යානුකූල පරිදි අයකර ගන්නා බවත් එම කාර්යංශය කියයි.

ඒජන්සි ආයතන හරහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් පරිදි කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා සහ ඒ සඳහා සුදුසු මූල්‍යමය ශක්තියකින් යුත් ආයතන ඇති කිරීම සඳහාත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව කියන එම කාර්යංශය ඉදිරියේදී ඒජන්සි ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දැඩිව නියාමනය කිරීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here