විපක්ෂයේ පක්ෂ නායකයින් හා විදෙස් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් – Saru FM Media

0
100


 

COLOMBO (News 1st) –  රටවල් 12 ක් නියෝජනය කරමින් සහභාගී වූ තානාපතිවරුන් ඇතුළු නියෝජිතයන් හා විපක්ෂයේ පක්ෂ නායකවරුන් සමග විශේෂ සාකච්ඡාවක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. 

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මූලික අරමුණින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී  ඊයේ මෙම සාකච්ඡාව සිදුව ඇත. 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇත. 

එහිදී විපක්ෂ නායකවරයා තානාපතිවරුන් ගෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙසයි.



උණුසුම් පුවත්




Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here