විවාහය ලස්සන කරගන්න.. මේ ගුණාංග එකතු කරගන්න – Tips for a longer marriage life – Saru News Media

0
7

කසාදය, විවාහය කියන්නේ කෙනෙක්ගේ ජිවිතයේ වැදගත්ම සිදුවීමක්. විවාහයකදී තමයි තමන් සමග මිය යනතුරු ජිවත් වීමට නියමිත පුද්ගලයා මොහු හෝ මැය කියල ලෝකයට කියන්නේ. සමහරු විවාහ පොරොන්දුවේදී මිය යන තුරු ජිවත් වන බවට දිවුරා පොරොන්දු වෙලා ගිහින් අවුරුද්දක් දෙකක් යද්දී (සමහරවිට මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්) දික්කසාද වෙන්න ඕන කියල නඩු දානවා. ඉතින් අපි අද කතා කරමු  කසාදයක් දික්කසාදයක් දක්වා නොයා ඇත්තටම මැරෙනතුරු එකට ඉන්නනම් මොනවද ජෝඩුවක් කරන්න ඕන කියලා.

 

මේකනම් ප්‍රධානම දෙයක්. ඇයි මේක ප්‍රධානම දෙයක් වෙන්නේ..? ජිවිතේ දී  මිනිස්සු අතින් වැරදීම් වෙනවා. සමහර දේවල් පොඩි පොඩි දේවල්. සමහර දේවල් ලොකු වැරදීම් වෙන්නත් පුළුවන්. නෝනගේ අතින් හොද්දට ලුණු පොඩ්ඩක් වැඩිපුර වැටෙන්න පුළුවන්. උයන කෑම එක රහ නොවෙන්න පුළුවන්. මහත්තයාගේ අතින් පොඩි පොඩි දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් වලට මහා ලොකුවට තරහ අරගෙන විසඳන්න ගියාම තමයි ප්‍රශ්න දුර දිග යන්නේ. ඔබට අසීමාන්තිකව තරහ යනවනම් අපි “ලයිෆි” යේම මීට කලින් ලිපියක් පල කරලා ඇති කුකුල් කේන්ති කාරයන්ට කේන්තියට විසඳුම් ගන්න හැටි. ඒකත් පොඩ්ඩක් කියවන්න.

 

ඉවසීම කියන්නේ විවාහකයෙකුට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕන වටිනා ගුණාංගයක්. විවාහකයෙකුට ඉවසීම බලපාන්නේ කොහොමද? මේක සම්බන්ධ වෙන්නේ ගොඩක් දුරට උඩ කියපු “තරහව” ත් එක්ක. මහත්තය අසීමාන්තිකව හේතුවක් නැතුව තරහ ගන්නවානම් නෝනා කරන්න ඕන මහත්තයට වැඩිය ලොකුවට තරහ ගන්න එක නෙමෙයි. ඉවසන එක. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා වගේ ඔබට සැනසීම ලඟා වේවි. හැබැයි ඉතින් ඔහු හෝ ඇය අසිමාන්තික විදිහට තරහ ගන්න එකෙත් සීමාවක් නැත්නම් ඔබට ඔහු හෝ ඇය එක්ක කතා කරලා විසඳුමක් හොයාගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි. අනිත් කෙනා අතින් වැරද්දක් උනාම පළමු පාරනම් ඔබට එය ඉවසන්න වෙනවා. නැවත නැවත ඒ වැරැද්ද කරනවානම් තමයි ඔබට ඔහු හෝ ඇය එක්ක කතා කරලා විසඳුමක් හොයාගන්න වෙන්නේ.

 

අනිකා සතුටින් තියන්න කියන්නේ විවාහකයෙකුට කරන්න ඕන කියල ඇඟිල්ලෙන් ඇනලා කියන්න නම් හේතුවක් නෙමෙයි.ඒත් ඉතින් මේ මාතෘකාව ගැන කතා කරද්දී අපිට මේ ගැන කතා නොකරනම් ඉන්න බෑ. විවාහයක් කියන්නේ වගකීමක් කර නොගෙන යුතුකමක් කරගන්න බලන්න. ඒ කියන්නේ කරන්නන් වාලේ කරන දේවල් නැතුව ඇය හෝ ඔහු වෙනුවෙන් හදවතින්ම දේවල් කරන්න උත්සාහ ගන්න. උපන්දිනය, විවාහ සංවත්සර දිනය වගේ දේවල් මතක  ඉඳල තමන්ට පුළුවන් විදිහට පොඩි තෑග්ගක් ඔහුට හෝ ඇයට දෙන්න. ඉඳල හිටලා දෙන්නත් එක්ක ගිහින් චිත්‍රපටයක් බලන්න. මේ සරල දේවල් ටිකෙන් තේරුම් යන්න ඇති ඔබට අනිකාව සතුටින් තියන්න කියල අපි කිවුවේ මොකක් ගැනද කියලා.

 

ඔබ ලෝකේ ලොකුම රස්සාව කළත් ඔබ විවාහකයෙක් නම් ඔබට ඔබේ පවුල වෙනුවෙන් වෙන් වූ වෙලාවක් තිබිය යුතුමයි. හැමදේටම වඩා කෙනෙක්ට ආදරය පෙන්නන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔහු හෝ ඇය වෙනුවෙන් කාලය වෙන් කිරීම. දවසකට නියමිත වෙලාවක් ඒ වෙනුවෙන් තිබිය යුතුයි වගේම, ඔහු හෝ ඇය රෝගී උනාම, ප්‍රශ්නයක් ඇති උනාම,  හදිස්සියකදී ඔහු හෝ ඇය වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඔබට හැකියාවක් තිබිය යුතුමයි.

 

විවාහයට කලින් සමහර විට ඕනෑම කෙනෙක්ට වෙනත් ආද‍ර සම්බන්ධතා තියෙන්න පුලුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒත් ඉතින් විවාහ වෙනවා කියන්නේ කෙනෙක් එක්ක ජිවිත කාලය පුරාවටම එකට ඉන්නවා කියල තමන්ගේ කැමැත්තෙන්ම පොරොන්දුවක් දීල බැඳෙන බැඳීමක්. ඉතින් ඒ බැඳීමට යද්දී පුළුවන් තරම් තමන්ගේ හා අනිකාගේ පරණ දේවල් ගැන මතකය අමතක කරන්න. ඒවා මතක් උනත් ඒවා මතක බව හෝ ඒවා වැදගත් බව කාටවත් කියන්න යන්නත් එපා. ඒවා අතීතයටම වීසි කරන්න.

 

ජීවිතයේදී ප්‍රශ්න ඇතිවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. රණ්ඩු වෙනවා, යාලු වෙනවා, තරහ යනවා, අඬනවා, හිනා වෙනවා මේ හැම දෙයක්ම අපේ හැඟීම් ප්‍රකාශන විධි. ඒ දේවල් වලට හේතු තියෙනවා. අනිත් කෙනාට ප්‍රශ්නයක් තියේද කියල මේ හැඟීම් ප්‍රකාශන වලින් ඔබට තේරුණොත් ඔහු හෝ ඇය සමග කතා කරන්න ඒ ගැන. සාකච්ඡා කරන්න. දෙන්නම එකතු වෙලා එයට විසඳුම් හොයන්න. ඒ වගේම ඔබටත් කුමන හෝ ප්‍රශ්නයක් තියේනම් එය ඔබේ ජිවන සහකරුට හෝ සහකාරියට හංගන්න එපා. ඒ වගේම දෙන්න අතරේ රණ්ඩු, ප්‍රශ්න තියෙනවනම් එයට විසඳුමත් සාකච්ඡාවම තමයි.

ඉතින් ඔබ විවාහකයෙක්නම් ඔන්න ඔය දේවල් අනුගමනය කරන්න බලන්න. ඔබේ විවාහ ජීවිතය තවත් ලස්සන වනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් අනිත් අයටත් මේ ගැන දැනගන්න මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – seesmit.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here