විවාහ මගුලේ සිරිත් වල ඉතිහාසේ – Lankan wedding traditions explained – Saru News Media

0
15

මංගල පෝරුව යනු සිංහල චාරිත්‍රානුකූලව විවාහ මංගලයකදී වැදගත්ම අංගයකි. එහිදී පෝරුවට නැග්ගවීම සිදුකරන්නේ මාමා වරුන් විසිනි. එසේ වන්නේ ඇයි? තමුන්ට වඩාත්ම සමීප ජීවිතයේ නනිකඩ සමයේ දිවියට සෙවනැල්ලක් මෙන් වූ පියා ඒ සදහා තෝරානොගෙන මාමා වරුන් විසින් පෝරුවට යුවල නග්ගවන්නේ ඇයිදැයි යන ගැටලුවක් පැන නගී.

අතිතයේ එකගෙයි කෑම සංස්කෘතියක් ලෙස ප්‍රචලිත වූ සමයේ එකම දරුවාට පියවරුන් කිහිපයකි. එවිට ඒ දරුවා කුමන පියාගේද යන්න හරිහැටි අඳුනාගැනීම අපහසුවකි. එහෙත් මව සෑම විටම ස්ථිරය. එබැවින් මවගේ සහෝදරයෙකු වන මාමා විසින් මගුල් පෝරුවට නැංගවීම සිරිතක් පෙර සිට පැමිණ තිබේ.

 

විවාහ මංගලෝත්සව ජයට ගැනීම අතීතයේදී උරුම වූයේ රජ සිටු මැතිවරුන් ආදී ඉහල ප්‍රභූ පැලැන්තියේ අයවලුන්ට පමනි. එසේ වූ ප්‍රභූන්ගේ විවාහ මගුල් මෙලොව ඇති සුර පුරයක් මවාලන අයුරින් නිම කිරීමට ඔවුහු වගබලාගත්හ. අෂ්ඨක කීමට එක් අයෙකු නොව පුරාණයේ අට කොණට අට දෙනෙකු යෙදාගෙන ඇත. අශ්ඨක කීම සඳහා තෝරාගන්නා අයද යම්කිසි වටිනාකම් වලින් සම්පූර්ණ වූ අයවලුන් වීම එදා අනිවාර්ය කරුණක් විය. එදා රාජ විවාහ මංගලයකදී අෂ්ඨක කිම සිදුවුණේ මෙලෙසයි:

 

තමන් බමුණෝ අට දෙනා විත් පෝරුවේ අට කොණේ ඉන්දා

උතුම් මහරජ සමග බිසවත් මගුල් පෝරුවේ වඩා ඉන්දා

බැතින් තෙරුවන් නැමද පළමුව රැගෙන අවසර හමන නන්දා

පටන් ගති ඒ බමුණො අටදෙන මංගලම් කීමට එදා

 

පෝරුව අද වනවිට ස්ථාවර දෙයක් වී ඇති අතර විවාහ මංගල උත්සව පවත්වන බොහෝ හෝටල ප්‍රිය සම්භාෂණ ශාලාවන්හි පෝරුවක් ස්ථිරවම වඩා හිඳුවා තිබේ. එහෙත් පුරාණයේ එක් යුවලක නැංවූ පෝරුවට තවත් යුවලක් නැංවීම අශුභ කටයුත්තක් ලෙස සැලකීය. විද්‍යාව අඩුවෙන් මිත්‍යාව වැඩියෙන් තිබූ එකල්හි මනාලිය පෝරුවට නැගීමට පෙර යම් අනාචාරයේ හැසිරිමක් සිදුකර ඇත්නම් මනාලිය පෝරුව මස්තකයේදී සිහි විසඥ වේ යැයි මතයක්ද පැරැන්නෝ අතර තිබුණි. එහෙත් එසේ අනාචාරයේ ගිය පුරුෂයින්ට පෝරුව මත අෂ්ඨක අසා සිටියදී කුමක් වේ දැයි ඒ ජනප්‍රවාද වල සඳහනක් නොමැත.

 

මෙය යුරෝපාකරයෙන් අපේ මංගල චාරිත්‍ර වලට එබිකම් කළ සිරිතක් වේ. මිථ්‍යා විශ්වාස ගැන කියද්දී යුරෝපාදී දැන් දියුණු ජනයාටද මිථ්‍යා විශ්වාස වලින් පිරුණු අතීතයක් විය. එහිදී හැඩවුණු මනාලියට යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ ආදින්ගේ ඇල්ම බැල්ම ලැබීමට ඉඩ ඇති යැයි ඔවුන් ද විශ්වාස කළෝය. මනාලියටම සමාන තවත් පිරිසක් මනාලිය දෙපසින් සිටීමෙන් යකාට හරිහැටි මනාලිය හදුනාගත නොහැකි වෙතැයි එකල ජනයා විශ්වාස කොට මනාලිය හා සමාන පරිවාර මනාලියන් කිහිපයක් මංගල උත්සව වලට සහභාගී කර ඇත.

 

එංගලන්තයේ සහ ප්‍රංශයේ රජ පවුල් හි විවාහ මංගල උත්සව වලදී සුදු ඇඳීමේ චාරිත්‍රයක් විය. එහෙත් 1840 ට ප්‍රථම එය එතරම්ම පැතිරුණු සම්ප්‍රදායක් නොවීය. එහෙත් 1840 දී හිරුනොබසින අධිරාජයේ රැජින වූ වික්ටෝරියා රැජින සුදු ඇදුමින් සැරසී සිය මංගලෝත්සවයට සහභාගී විය. එම මහා මංගලෝත්සවයේ සැටි දැක්වෙන චිත්‍ර සහ සේයාරූ ලොව පුරා ප්‍රචලිත විය. එබැවින් එම කාලයෙන් පසුව සුදුපැහය මංගල උත්සවයේ පලමු දිනදී යොදාගැනීම ලොව පුරා ම ජනප්‍රිය මංගල උත්සව අංගයක් විය. 1980 ගණන්වලදී අද මෙන් එතරම්ම සන්නිවේදනය ප්‍රචලිත නොවූවත් ඩයනා කුමරියගේත් චාල්ස් කුමාරයාගේත් විවාහ මංගලෝත්සවයේ සේයාරූ සහ වීඩියෝ බැලීම අප රට ගම්බද කාන්තාවනට පවා ආශ්වාදයක් ගෙනදුන් කාර්යයකි. එනම් ඊට අවුරුදු 140කට එපිට චාල්ස් කුමරුගේ ආච්චී වන වික්ටෝරියා රැජින කසාද බැදීමද ඊටත් වඩා ලොව වටා ප්‍රචලිත වූ මංගල උත්සවයක් වන්නට ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here