විස්මිත ජර්මානු රජ මාලිගා – Saru News Media

0
3

පළවෙනි ලෝක යුද්ධයේ අවසානය දක්වා ජර්මනියේ විවිධ වර්ගයේ පාලකයෝ ගණනාවක් හිටියා. එහි ප්‍රධානියා වුණේ කයිසර් ලෙස හැඳින්වුණු ජර්මානු අධිරාජ්‍යයා. ඉන්පසුව ජර්මනියේ රාජධානිවල රජවරු, මහාදිපාදවරු, ආදිපාදවරු සහ කුමාරවරුන් හිටියා. මේ හැම පාලකයෙක්ම වගේ ආඥාදායකයෝ වුණාට හොඳ කලාකාමී පුද්ගලයෝ. නමුත් මේ සියළු දෙනාටම පළමුවන ලෝක යුද්ධයෙන් ලද පරාජයෙන් පස්සේ කිරුළු අහිමි වුණා. හැබැයි අද වෙනකල් ඔවුන් නිර්මාණය කරපු විශිෂ්ට ගණයේ මාලිගා ජර්මනියට ලොව පුරා දස දෙසින් සංචාරකයෝ ගෙන්වනවා. අපි අද මේ ආටිකල් එකෙන් ජර්මනියේ ප්‍රමුඛතම මාලිගා කීපයක් ගැන දැනකියා ගමු.

 

මෙම මාලිගය නිර්මාණය කරලා තියෙන්නේ බැවේරියාවේ රජකම් කළ දෙවන ලුඩ්විග් රජතුමා. ඔහු උමතුවකින් පෙළුණු රජකෙනෙක්. සංගීතයට සහ කලාවට පෙම් බැඳීමත් මේ උමතුවේම ලක්ෂණයක් වුණා. ඇතැම් වාර්තාවලට අනුව මෙම මාලිගය ඔහු නිර්මාණය කරන්නේ එවකට සිටි ප්‍රමුඛ පෙළේ ජර්මානු සංගීතඥයකු වන රිචඩ් වාග්නර්ගේ සංගීත නිර්මාණ රස විඳීමට. අද වෙනකොට මේ මාලිගය ලෝකයේ වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන මාලිගාවන් අතරින් එකක් බවට පත්වෙලා තියෙනවා.

 

මධ්‍යකාලීන යුගය දක්වා ඉතිහාසයක් තිබෙන මෙම මාලිගය පිහිටා තිබෙන්නේ අයින්ෂ්නාක් නගරයේ. ඒ වගේම මෙම මාලිගය ලෝක ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච සුවිශේෂී සිද්ධියකට පසුබිම් වෙලා තියෙනවා. කතෝලික සභාවෙන් වෙන්ව ප්‍රොතෙස්තන්ත ආගම යුරෝපය තුළ ප්‍රචාරය කිරීමට මූලික වුණු මාටින් ලූතර් කිං හට රැකවරණය ලැබිලා තියෙන්නේ මෙම මාලිගා ඒ එවකට භාරකාරයාව සිටී ෆ්‍රෙඩ්‍රික් ද වයිස්ගෙන්.

 

මැක්ලේන්බර්ග් ආදිපාදවරුන්ගේ සහ මහාදිපාදවරුන්ගේ ප්‍රධාන මාලිගය බවට පත්ව තිබූ මෙම මාලිගය වර්තමානයේ ජර්මානු ප්‍රාන්ත රජයක පාර්ලිමේන්තුවක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම මාලිගයෙන් වැඩි කොටසක් කෞතුකාගාරයක් ලෙස මහජනයා සඳහා  විවෘතව පවතිනවා. ඒ වගේම මේ මාලිගය සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද පවතිනවා. එක ජනප්‍රවාදයකට අනුව මෙම මාලිගය තුළ අඩි කිහිපයක් උස භූතාත්මයක් සැරිසරන අතර මාලිගයේ භාණ්ඩ ආරක්ෂා කිරීම ඔහු සිදු කරනවා යැයි පැවසෙනවා. 

 

විටල්ස්බාක් රාජවංශය වෙනුවෙන් 18 වැනි සියවසේ දී මෙම මාලිගය තැනීම ආරම්භ වුණා. මෙම මාලිගයේ ප්‍රධාන ශාලාව සහ සෝපාන පෙළ අතිශයින් චිත්තාකර්ෂණීය නිර්මාණයක්. ඒ වගේම මාලිගයේ සිවිලිම පවා විචිත්‍රවත් සිතුවම් වලින් අලංකාරව පවතිනවා. බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට මේ වන විට මෙම මාලිගය පත්ව තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here