වෙනත් කාන්තාවන්ට කරුණාබර සිතින් උදව් වෙන්න පුරුෂයින්ට යොදාගන්න හැකි දැල් ආම්පන්න – Saru News Media

0
13

උදවු කිරීම කියන්නේ දේව ගතියක්. ඒ විදියට දේවාල වගේ වෙලා කාන්තාවන්ට උදව් කරන්න පෙළඹෙන පිරිමි අයත් ඉන්නවා. එහෙම උදව් කරන අයට ප්‍රති උපකාර ගන්න අවස්ථාවනුත් හරි හරියට සෙට් වෙනවා. පිරිමි අයත් අපිනම් ඔය අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියලා කිව්වට ළඟපාත ගෑණු ළමයෙක් ඉන්නවා නම් හෝ නිතර හමුවෙන දකින තැනක ඉන්නවා නම් සැටලයිට් එක පාත් කරලා ඒ ගැන විස්තර දැන කියාගන්නවා. ඉන් පස්සේ ටිකක් තදටම හිතට ඩෝං ගාල වදිනවා වගේ නම් කොහොම හරි කතාවක් දාගන්න පොටක් පාදගන්න බලනවා.

 

කොල්ලෙක් කාර් එකක්, බයික් එකක් ගන්නේ ගමන් පහසුවට විතරක්ම නෙමෙයි. තමුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව, වයිෆ් ව දාගෙන යෑම වගේම සෙට් වුනොත් ඉතිං තමුන්ගේ හිත ගත්ත අයෙකුට ඩ්‍රොප් එකක් දෙන අදහසකුත් හිතේ කොනක තියෙනවා. බස් නැවතුමක තනිවෙලා ඈතට වෙලා බස් එකක් එනකල් ඉන්න යුවතියන් දැක්කාම අපේ විවාහක තරුණයන්ගේ සිතත් ටිකක් උණු වෙනවා. “දෙයියනේ මේ ගෑණු ළමයා (හෝ ආන්ටි) අර බස් වල තෙරපිලා නේද යන්නේ? එතකොට එයාලට හිංසාවක්වත් වෙන්න පුලුවන් නේද?” කියලා ඔවුන් හිතනවා. හිතලා තමුන්ගේ වාහනයෙන් ඩ්‍රොප් කරන් යන්න උත්සාහ ගන්නවා. ඇත්තටම ඒ පාර අයිනේ ඉන්න අය නම් සමහර විට තවත් වාහනයක් එනකල් ඉන්නවා වෙන්නත් පුලුවන්. ඔෆිස් එකට අලුතින් ආපු නංගි, ට්‍රාන්සර් ආපු අලුත් ආන්ටි හෙමත් කොහේද යන්නේ කියලා හොයා බලලා වැඩක් වෙනවා වගේ නම් ඇරලවන්න අපේ කරුණාබර පුරුෂ පාර්ශවය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.

 

කෝච්චියේ හෝ කාර් එකේ ටික දවසක් එක තැන කතාවෙවී යද්දි ඊළඟට එන ප්‍රශ්නයක් තමයි නිවීහැනහිල්ලේ කතා කිරීම. කෝච්චියේ නම් ඉතිං කොහෙද නිවීහැනහිල්ලක් සෙනඟ නේ. කාර් එකක ගියත් ට්‍රැෆික් එකේ අමාරුවෙන් ඩ්‍රයිව් කරගෙන යද්දි සැනසීමක් ගන්න අමාරුයි. ඒ නිසා පිරිමි පාර්ශවය බොහොම ආසයි නිවිහැනහිල්ලේ කතාකරන තැනකට ගිහින් ටික වෙලාවක් ගතකරන්න. ඇත්තටම මෙහෙම නිවිහැනහිල්ලේ ගිහින් කතාකරමු කියන තැනින්ම සමහර ගෑණු ළමයි නම් දන්නවා දැන් නම් පොල් පැළේට තමා හැරෙන්නේ කියලා. ඒත් ඉතිං එයාලත් අමාරුවෙන් හුම්ම්… කියලා උත්තර දෙන්නේ කිසිම දෙයක් නොදන්නා ගාණට…

 

කාර්යාල වටපිටාවකදී වගේ ෆිට් වුන කෙනෙක් නම් එකපාර කතාබහ කරන්න නිදහස් තැනකට එක්කරං යනවාට වඩා කෝපි එකක් බිබී කතාකරන්න, අයිස් ක්‍රීම් එකක් කකා කතාකරන්න සහ මොනා හරි ටිකක් බඩට දාන ගමන් කතාකරන්න යන එක ටිකක් ශේප්. එහෙම තැන් සෑම නගරයකම පාහේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ටිකක් විතර කෑම බීම මිල වැඩි වුනත් එතන තියන පසුබිම අනුව නිදහස් බවක් සහ කියාගන්න බැරි දෙයක් තියනවා නම් යෝජනා කරන්න ඒ පසුබිම යම් සහයෝගයක් ලබාදෙනවා. අනික් අතින් කෑමකට ගිහින් විශ්වාසය දිනාගැනීම පසුව හිතේ තියෙන ව්‍යාපෘති ආදියටත් වඩාත් පහසුවක් වෙනවා.

 

කාර්යාල හෝ ෆැක්ටරි වල හෝ පිරිමින් වැඩි තැනකට ගෑණු ළමයෙක්ට එන්න වෙනවා කියන්නේ ඇයට උදව් කරන්නට එකතු වෙන පිරිමි ගාණ වැඩියි. අයියලා, අංකල්ලා, සර්ලා හැමෝම යුවතිය ටිකක් හැඩකාරනම් එනවා උදව් කරන්න. සමහර විට යම් පුහුණුවකට ආව ගෑණු ළමයෙක් නම් එයාට උදව් කරලා ඒ දේවල් කියලා දෙන මහා පින රැස් කරගන්න කට්ටිය පොරකන අවස්ථාත් තියෙනවා. ඒ වැඩ රාජකාරි කියාදීපු අයියලා උතුම් අදහසකින් ඒ දේවල් කරත්, සමහර නංගිලා නම් ඒ විදියේ උදව් වලින් අල්ලන්නට අමාරුයි.

 

හිතේ ඉන්න ගෑණු ළමයෙක් ඉන්නවා නම් ලොකුම කේස් එකක් තමයි එකට චැටක් දාන් ඉන්න වෙලාවක් වෙන් කරගැනීම. මේ කාලේ නම් හරි හරියට ජොගින් යෑම දැන් කොළඹින් පිටත් ජනප්‍රිය වෙලා. හවසට කාර්යාලය ඇරිලා ජොගින් යන්න ඔෆිස් එකේ ඉන්න හොඳ ෆිට් ගෑණු ළමයෙක් ශේප් කරගන්න එක ලොකු ගේමකුත් නෙමෙයි. ඒත් රාජ්‍ය අංශයේ වගේ නම් සාරිය ඇඳගෙන රාජකාරි යන යුවතියන් හවසට සාරි ගලවලා ජොගින් යන්න එන එකක් නැහැ. එහෙම අය දෙමළ පන්ති, ඉංග්‍රිසි පන්ති හරි, ඒ වගේ සෙට් වෙලා කරන මොනාහරි ස්ටඩී වැඩකට එකතුකරගන්න පුලුවනි. එහෙම දෙන්නා එකතුවෙන මොනාහරි වැඩක් සෙට් කරගන්නත් හොඳ කාන්තා උදව් කරන්නන් බොහොම දක්ෂයි.

 

ගීත ගායනය කියන්නේ හැමෝම බැරි වුනත් ආස දෙයක්. ස්මියුල් හරහා ගීත ගායනයට එකතු වීමත් හොද රිලේශන්ෂිප් එකක් හදාගන්න පොටක් වෙනවා. මේ කාලේ නම් මල්ටියූසර් ගේම්ස් තියෙනවා. ඒවාට කැමති අයත් හිමි හිමීට මිශන් වල ඉස්සරහට ගිහින් එකිනෙකා ටික ටික අඳුනා ගන්නවා. අවට පරිසරයට වඩා මොබයිල් ෆෝන් එකට මූණ ඔබාගෙන කාලය ගතකරන්න මේ කාලේ සමහරු කැමතියි. ඉතිං මොබයිල් ඇප් එකක් හරහාම හමුවෙන්න පොටක් පාදගන්න එක මේ කාලේ තරුණයින් අතර ජනප්‍රිය වෙලා.

 

දුක අහන්නට ගිය අය ඉන් පසු ඒ දුක කියන තැන්වලට කරගැසීම බොහොම පරණ ආදර කතාවල එන සිද්ධියක්. දිනපතා පාරවල මුහුණදෙන ට්‍රැෆික් එකේ බිසී ලයිෆ් එකත් එක්ක අපි හැමෝම ඉන්නේ වෙහෙසකින්. හැම ගෑණු කෙනෙක්ම ආසයි තමුන්ගේ ප්‍රශ්න දුක තවත් කෙනෙක් එක්ක බෙදාගන්න, ඇතිවෙන්න කතාකරන්න ලැබෙනවා නම්. එහෙම තමුන්ගේ ප්‍රශ්න කියද්දී ඒවා අහන් ඉන්න කැමති අයියලා සහ අංකල්ලා නම් ගොඩක් ඉන්නවා. ටිපිකල් අබිලිං චීත්තයක් නොවී, ඒ කියන කාරණා හතර වටේ නොකියා, ඇත්තටම ඒවාට යම් විසඳුමක්, අදහසක් දෙන්න හැකිනම් ඒ දුක අහන අයට ඒ කියන අයත් එක්ක බැඳීමක් ඇතිකරගන්න පහසුවෙන්ම පුලුවන්. ඒ විදියට පැරණි සම්බන්ධකමක් ෆේස්බුක් එකෙන් හෝ අලුත් වුනාට පස්සේ දුක සැප විස්තර ටිකක් අහගෙන ඉඳලා ඉන් පස්සේ සැබෑවටම හමු වී දුක බෙදාගන්න අවස්ථාවකටත් ඉඩකඩක් හදාගන්නට හැකියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here