ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරු – 1 කොටස – Saru News Media

0
2

මේ  වනකොට මොළ හතක් තියෙන බැසිල් රාජපක්ෂ තමයි ලංකාවේ මුදල් අමාත් ධූරය දරන්නේ. විධායක ආණ්ඩු බලයක් තියාගෙන, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තියාගෙන මේ ආණ්ඩුවේම සමහරු බැසිල් රාජපක්ෂ  නැතුව රටේ ආර්ථිකය හරියට කළමනාකරණය බැහැයි කියලා දිනපතා ඇඬුවා. ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පවා වෙනස් කරගෙන තමයි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් විදියට දිවුරුම් දීලා,  අවසානයේ දී මුදල් අමාත්යවරයා බවට පත්වෙන්නේ. දැනට ලොකු ලකයක් නැති උනත් ඉස්සරහට ලංකාව මොළ හත  එක්ක මොන අතට යයිද කියන එක අපිට දැන්ම කියන්න බැහැ. කතා බතා පැත්තකින් තියලා අපි හිතුවා අපේ ලංකාවේ මුදල්  අමාත්යවරු පිළිබඳව කෙටි සටහනක් ගෙන එන්න.

 

නිදහස්  ලංකාවේ පළවෙනි මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළේ ජේ. ආර් ජයවර්ධන මහතායි. ලංකාවට සුදුසු ආර්ථික ප්රතිපත්තියක් සකස් කිරීම ඔහුගේ මූලික අභිලාෂයව පැවතුණා. විශේෂයෙන්ම ශ්රී ලංකා මහ බැංකුව ඇති කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. කෙසේ නමුත් අයවැය පරතරය තුනී කිරීම සඳහා ඔහු ගෙනා  ඇතැම් යෝජනා නම් ජනතාව එතරම් ප්රිය කළේ නැහැ. උදාහරණයක් ලෙස සහල් සහනාධාරය නවතා දැමීමට ඔහු ගත් තීරණය හර්තාලයකින්  කෙළවර වුණා පමණක් නොව අග්රාමාත් ඩඩ්ලි සේනානායකට අගමැති ධුරය හැර යෑමට පවා සිදු වුණා.

 

 

ඩඩ්ලි සේනානායකගේ ඉල්ලා අස්වීමෙන් පසුව අග්රාමාත් ධූරය භාරගත් ශ්රීමත් ජෝන් කොතලාවල, මුදල් අමාත් ධූරය සඳහා ශ්රීමත් ඔලිවර් ගුණතිලක පත්කිරීමට තීරණය කළා. වනවිට සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔලිවර් ගුණතිලක එම තනතුර බාර ගත්තා. කෙසේ නමුත් ඔහුගේ ධුර කාලය වසරක පමණ කාලයකට සීමා  වුණා. එම කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ප්රතිපත්තිමය වෙනස්කමක් කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. ඉන් අනතුරුව පළමු ශ්රී ලාංකීය ආණ්ඩුකාරවරයා ලෙස ඔහුට  පත්වීම් ලැබුණා.

 

 

ශ්රීමත්  ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර ධූරය භාර ගැනීමත් සමගම එතෙක් නියෝජ් මුදල් අමාත් ධුරයේ කටයුතු කරමින් සිටි එම්. ඩී. එච්  ජයවර්ධන මුදල් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. වන විට ඔහුට වයස අවුරුදු තිස් නමයක් පමණයි. පොදු රාජ් මණ්ඩලීය රටක ලාබාලතම මුදල් අමාත්යවරයා බවට පත්වීමේ වාර්තාවට සමඟම ඔහු හිමිකම් කියනු ලැබුවා. කෙසේ නමුත් ඔහුට එම ධූරය දැරීමට ලැබුණේ වසර දෙකක පමණ කාලයක් පමණයි. මෙම කාලය තුළ වැඩි වශයෙන් තමන් නියෝජනය කළ හොරණ ආසනයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඔහු වැඩි අවධානයක් යොමු කළා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here