IMF ආයතනය විසින් ලංකාවට විස්තීරණ ණය පහසුකම (Extended fund facility), කියන කොන්දේසිය යටතේ ණයක් දීම පිළිගෙන තිබීම, අද දින තුල වාර්තා වුනා. මේ අවස්ථාවේ දී, ඊට අදාලව ඉතාම ප්‍රධාන කාරණාව ක අවධානය යොමු කල යුතු යැයි අපි කල්පනා කරනවා.
IMF ආයතනය, මෙම මුදල් දීමට එකඟ වීමත් සමඟම, ඒ සදහා කොන්දේසි ගණනාවක් පිළිබද ව බරපතලව සාකච්ඡා කරලා තිබෙනවා. ඒවා අතර ඉතාමත්ම ප්‍රධාන වෙන්නේ, ලංකාවේ දූෂණය – මූල්‍ය හා කටයුතු පිළිබඳව දූෂණය, නැති කිරීම පිළිබඳව කාරණාවයි. ඒ කියෙන්නේ, අනාගතයේ දී මේ මුදල් මුලදී දෙන මුදල් වලින් පස්සේ, තවදුරටත් කෙරීගෙන යනවාද නැද්ද කියන දේ තීන්දු වෙන එක ප්‍රධාන දෙයක් වෙන්නේ මේ දූෂණය පිළිබදව ඇති වෙලා තියෙන වෙනස මොකක්ද කියන එකයි.
මෙම කාරණාව ඉෂ්ඨ කරගැනීම සඳහා IMF එකෙන් කරලා තියෙන යොජනාව තමයි ලංකාවේ දූෂණයට විරුද්ධව පවතින නීති, වඩා දියුණු කරලා, ඒක අංග සම්පූර්ණ කරන්නෙයි කියලා. මෙතනදී අපිට අවධානය කරන්න පුළුවන් IMF එකෙන් කරලා තිබෙන මෙම යෝජනාව ලංකාවේ දූෂණය නැති කිරීමට කොහොමවත්, ලොකු වෙනසක් ඇති කල හැකි ක්‍රමයක් නෙවෙයි. මොකද, ලංකාවේ කොච්චර නීති අලුත් කෙරුවත්, එයින් ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඒකට හේතුව අර්බුදය පවතින්නේ නීති නැති කම නිසා පමණක් නෙවෙයි, නීති ක්‍රියාත්මක නොකිරීම නිසාය.
නීති හැඳුවයි කියන එකෙන් ඇගවෙන්නේ නැහැ, නීති ක්‍රියාත්මක කරාවිය කියලා. සමහර වේලාවට බටහිර රටවලින් එන විශේෂඥයෝ, ඔය IMF එක වගේ තැන්වල, මුල් බැහැලා ඉන්න අය, හිතනවා ඇති ඒ ගොල්ලෙන්ගේ රටවල්වල වගේ, යම් නීතියක් නීතිගත කෙරුවොත් එයින් පස්සේ ස්වභාවිකවම ඒක ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවයි කියලා. එහෙම සිද්ධ වීමක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ.
නීතිය ඕනතරම් පවතිනවා. ඒවා තවත් වඩාත් හොඳ කිරීමට විරුද්ධව නොවෙයි අපි කියන්නේ, ඒකත් තව වඩාත් දියුණු කල යුතුයි කියන එක ගැන ප්‍රශ්නක් නැහැ, නමුත් නීතිය දියුණු කලාට නීතිය ක්‍රියාත්මක වෙනවයි කියන එක ගැන කිසිම සහතිකයක් ඇත්තේ නැහැ, ඇත්තටම සහතිකයක් තියෙන්නේ ඒක අනිත් පැත්ත ගැන.
පොතක නීතිය අලුත් වෙයි. සැබෑ ජීවිතයේ දී දූෂණය ඒ විදිහටම තියෙයි. ඒකට හේතුව, හෙව්වොත් ඉතාමත්ම ලේසියෙන් ඒක හොයා ගන්න පුළුවන්, මේ පහු ගිය අවුරුදු 10 – 20 කාලය තුල, සමහර ඉතාම හොඳ නීති ජාත්‍යන්තර බලපෑම නිසා ලංකාවට ඇතුල් කරනු ලැබුවා. උදාහරණයක් වශයෙන් වධහිංසාව නැති කිරිම පිළිබද නීතිය (Torture) ඒක නැති කරන්න කියලා, 1994 දී නීතියක් ගෙනාවා එය ජාත්‍යන්තර වශයෙන් බලන කල ඉතාමත් දියුණු නීතියක්. නමුත්, ඒකෙන් පොලිස් ස්ථාන වල කෙරුණ වධහිංසාව අඩු වුනෙත් නැහැ, එක පහුගිය කාලයේ දී වැඩි වෙලත් තියෙනවා. එවගේම පොලිස් ස්ථානවලදී සිද්ධ වෙන මරණත් අඩු වෙලා නැහැ; වැඩි වෙලා තියෙනවා. කොතනද කියලා කිව්වොත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉතා නුදුරු අතීතයේ දී කිව්වා, ‘ලංකාවේ පොලීසිය වෘත්තියමය පොලීසියක් හැටියට සලකන්න බැරිය’ කියලා. ‘මොකද කොච්චර නඩු තීන්දු දුන්නත් පොලිස් ස්ථාන තුල සිද්ධ වෙන ඝාතන වල අඩුවක් වෙලා නැහැ’. ‘ඒ පිළිබදව පොලිස්පතිවරයාවත් වෙන කිසිම කෙනෙක්වත් කිසිම සාධනීය දෙයක් කරලා තියෙනවා කියලා පෙන්නේ නැහැ’ කියලා.
Saru Fm Media