COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ සභගත කළේ ය.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
අදාළ එකඟතාවලට අනුව ඉදිරියේදී මෙරට සිදු කිරීමට නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
➡️ 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම
➡️ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීම
➡️ වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීම් ක්‍රමාණුකූලව අඩු කිරීමට, වැට් බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් – වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර
➡️ 2025 දී, අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර
➡️ විධිමත් වියදම් කළමනාකරණයක් ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර
➡️ උද්ධමනයට සරිලන පරිදි, වැටුප් සහ විශ්‍රාම වැටුම් ගැලපීමට පියවර (මේ ගැළපීම් සිදුකරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළයි.)
➡️ ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම (ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි)
➡️ අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක්ම විදුලි මිල ගැළපීමට පියවර
➡️ මහා පරිමාණයෙන් පාඩු ලබන, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුල බල මණ්ඩලය වැනි ආයතනයන් හි ශේෂ පත්‍ර යළි සකස් කිරීම
➡️ කල් ඉක්ම වූ ස්වෛරීත්ව ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීම
➡️ උද්ධමන අනුපාතය 4% 6% අතර අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කිරීම ( 2023 වසර මැද භාගය වන විට උද්ධමන අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒම අපේ ඉලක්කයයි)
➡️මේ සැලසුම් ක්‍රියාත්මක කරන කාලය තුළ දී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. (අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා)
➡️ දැනට පවත්නා විදේශ විනිමය සීමා කිරීම් හා නියාමනය ක්‍රමයෙන් ඉවත් කරමින්, විදේශ විනිමය වෙළෙඳපොලේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට ඉඩ ලබාදීම
➡️ තීරණය කරන ලද ඉලක්කයන්ට අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කිරීම
➡️ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කිරීම.
➡️ අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළත් කිරීමට ද අපේක්ෂා කෙරේ
➡️ ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීම
➡️ සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම
➡️වෙළෙඳ ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ පියවරයන්, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාවය හා පිරිවැය අඩු කර ගැනීමට ද පියවර
මේ අතර දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව දැනටමත් අවධානය යොමු වී ඇති බවත් මහා භාණ්ඩාගාරය ඊට අදාළ සංශෝධිත යෝජනා සකස් කරමින් සිටින බවත් සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ජූලි මස සමාලෝචනයේදී මෙම බදු සංශෝධන අදාළ සැලසුමට අතුළත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි.
තව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, IMF එකඟතාවට අනුව ඉදිරි වසර 4 තුළ නිසි මූල්‍ය විනයක් සහිතව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළ හොත් රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආරථික පදනමක් සැකසෙනු ඇති බවයි. එසේ නොමැතිව එම මාර්ගයෙන ඉවත් වුවහොත් පසුගිය අප්‍රේල් මාසයටත් වඩා අන්ත අයහපත් තත්ත්වයකට මුළු රටම ඇද වැටෙනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
IMF එකඟතා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 3 වන සතියේදී පැවැත්වීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා සභාවෙන් ඉල්ලා සිටියේ, මෙම එකඟතාවලට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන ලෙසයි.
”ඊට පස්සෙ පමණයි මට දෙවැනි රවුමේ සාකච්ඡා කිරීම ආර්ම්භ කරන්න පුළුවන් .එහිදී ඔබගේ අදහස් සමග සහයෝගය ද ලබා දන ලෙස සභාවේ සිටින ඔබ සැමගෙන්ඉල්ලා සිටිනවා .එකඟතා ඇති වූ පමණින් සෑහිමකටය පත්වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි.. තවත් දීර්ඝ ගමනක ආරම්භයයි..අපේ උත්සාහයෙන් ඒ ගමන යා යුතුයි. අපේ මූලික ඉලක්කය විය යුත්තේ රට ගොඩනැගීම පමණයි… පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩ නැංවීම පමණයි”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් සැලසුම් වසර 4කදී ක්‍රියාත්මක කළ යුතුව ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා එහිදී වැඩි බරක් තැබිය යුතු විශේෂිත කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළේ ය.
➡️ සමාජයේ පහළම ස්ථරයේ සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සහතික කිරීම
➡️ රුපියල ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ග හා විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීමට
➡️ දූෂණය මැඩලීමේ නිතීරිතී වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම
පිටරටින් ණය ගෙනැවිත් රට කරවීමේ සම්ප්‍රදාය අවසානයේ පිළිකාවක් වූ බැවින් අද සියලු දෙනා දුකට පීඩාවට පත්ව සිටින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම මාර්ගයේ ගමන් කළ හොත් නිදහසින් වසර 100 ක් සපිරෙන් 2048 දී ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රාජ්‍යක් කළ හැකි බවයි.
”අපිට හැමදාම ණය ගන්න බැහැ. අපි උත්සාහ ගත යුත්තෙ ණය නොගන්නා ජාතියක් බවට පත් වීමටයි. ඉදිරි අවුරුදු 10 තුළ මෙතෙක් සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් ඒ තත්තවය උදා කරගන්න පුළුවන් බවට විශ්වාසයි. එක් මවකගේ දරුවන් ලෙස එක් හිතින් වෙහෙස වුවහොත් ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්න පුළුවන් ”
ශ්‍රී ලංකා මාතාව අර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට තමා ක්‍රියා කළ බව මේ වනවිට ජාත්‍යන්තරයම පිළිගෙන ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ක්‍රියාත්මක කිරීමට තමන්ට සහය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
”විපක්ෂයේ චෝදනාවලට මම උත්තර දෙන්න යන්නේ නෑ . අතීතය විවේචන කිරීම මාගේ කාර්ය නෙවෙයි. මගේ කාර්ය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන ලෙසට නීති රීති හා පසුබිම සකස් කරමින් අනාගතය ගොඩට නැංවීමට මම කැපවෙනවා.. ක්‍රියා කරනවා. රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හ එකඟතා ක්‍රියාත්මක කිරීමට ඔබේ සහය ලබා දන්න.. මේ මල්වට්ටියට අපි හැමෝම අතගසමු ”
උණුසුම් පුවත්
Saru Fm Media