saru fm media
Home දේශීය පුවත් ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

0
200


(නිමන්ති රණසිංහ )

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ශනය ලබන 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (21)  නියෝග කළේය. 

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) යළිත්  අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම මරනය සිදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න  තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් මෙය දීර්ඝ විමර්ශනයක් බවට පත්වී ඇති බවත් අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති  නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේය.

ඒ අනුව මෙම සිද්ධිය කැඳවන පුරෝගාමී විනිසුරුතුමිය හමුවේ එම නඩුව කැඳවීම සඳහා ලබන අපේ මස 4 වෙනිදා දක්වා නඩුව කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ ලෙස නියෝග කළේය .

 


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!