ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩඉම් ලකුණු මෙන්න – Saru FM Media

0
97


2022 පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල  මත 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. 

ඒ අනුව , කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 182 ක් වන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කඩඉම් ලකුණු 180කි. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩඉම් ලකුණ 179 ක් වන අතර කොළඹ නාලන්ද විද්‍යාලයේ කඩඉම් ලකුණ 176 යි. 

කොළඹ විශාඛා විද්‍යාලයේ කඩඉම් ලකුණ 181කි. 

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 178 ක් වන අතර කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ කඩඉම් ලකුණ 175 ක් ලෙස දැක්වේ. 

ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබා මෙම කඩඉම් ලකුණු මත පැසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතුන් මත ලැබී ඇති පාසැල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ  හැකියි. 

මාර්ගගත ක්‍රමයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එම අභියාචනා ඉදිරිපත් කළ  යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. 

 

 



උණුසුම් පුවත්




Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here