සංචාරකයින්ගේ පැමිණීමේ සාධනීය වැඩිවීමක් – Saru FM Media

0
112


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය ඇතුලත සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මාර්තු මස 21 වැනි දා වනවිට සංචාරකයින් 84,000 ක් මෙරටට පැමිණ ඇති බවයි.2023 වර්ෂයේ පළමු මාස 3 තුළ තුන්ලක්ෂ තිස්දාසක් ( 330,000 ) ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ ඇතිබව ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. එය ඉතාමත් සාධනීය මට්ටමක් බව ඔවුහු පවසයි .


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here