සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි … – Saru FM Media

0
24


සුපිරි රොක් තරු යුරෝපයේ දෙවැනි මහා ක්‍රීඩාංගනය මිනිස්සුන්ගෙන් පුරවනවා දැක්ක ටීනා මෙහෙම කියනවා. ”මටත් ඕනි මගේ ෂෝ එකකින් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවන්න”. ඒ තමයි රොක් වලට ඇත්තටම අමු අමුවේ තමන්ගේ කටහඬ දුන්න ටීනා.

ඒ වෙලාවේ රොක් සිහිනයේ ඉහලම කඳු මුදුන තමයි වෙම්බ්ලි පිරෙන්න මිනිස්සු ගේන එක.

මැඩෝනා, ස්පයිස් ගර්ල්ස්, රයිහනා, ටේලර් ස්විෆ්ට්ල පසු කාලෙක ඒ සිහිනය පහසුවෙන් අත්කර ගත්තත් ටීනාගේ කාලේ රොක් සිංදු කියපු ගැහැණියක් හැටියට ඒක අමාරු සිහිනයක්. විශේෂයෙන් කළු හමකුත් එක්ක.

1996 එයාගේ වෙම්බ්ලි ෂෝ එක පිරිලා ඉතිරිලා ගියා. ඊට පස්සෙත් වෙම්බ්ලි එකේ ෂෝ කිහිපයක් එයා කළා. ඒවත් එයාගේ ෆෑන්ස්ලගෙන් පිරිලා ගියා. එයා එක පාරක් නෙවෙයි. කිහිප පාරක් එයාගේ සිහිනය සැබෑ කරගත්ත.

ගෝලීය ස්ත්‍රී ගායිකාවන් අතරින් ඇරීතා ෆ්‍රැන්ක්ලින්, විට්නි හුස්ටන් එක්ක තිබ්බත්, ලෝකයේ පිරිමි ගැහැණු ඔක්කොම එකට තියපු ගායක ගායිකා දෙසීය එක්ක තිබ්බත් ටීනා මුල් පනහ අතරේ ඉන්නවා. හැබැයි මොන උස් පහත් කම් එයාගේ කසාදේ තිබ්බත් රෝලින් ස්ටෝන් මෙහෙම කියනවා.

ටීනා සහ අයිකි ටර්නර් (Tina and Ike Turner) එකතුවෙලා කලේ R&B සහ පොප් අතරේ තිබ්බ වෙන්වීම එකතු කරපු එක. ඒ එකතු කිරීම ඇතුලේ ලෝකයේ තවත් අතිවිශාල රොක් ගායක ගායිකාවන් පිරිසක් ඒ එක්කිරීමේ විෂයාසක්තභාවය නිසා උමතු වෙලා ගිය එක.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here