සමාජ මාධ්‍ය ජාලා හැදූ දැවැන්තයෝ – Saru News Media

0
11

අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා කියන දේ අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපට නොතේරෙනවා වුණාට මේ සමාජ මාධ්‍ය ජාලා මගින් අපේ ජීවිතයේ වගේම සමස්ත ලෝකයේම දිශානතිය තීරණය කරලා කිව්වොත් වැරැද්දක් නැහැ. උදාහරණයක් විදිහට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල අරාබි වසන්තය ඇතිවීම කෙරෙහි සමාජ මාධ්‍ය ජාලා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. මෑතක දී ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට තරම් මේ සමාජ මාධ්‍ය ජාලා සිය බලය භාවිතා කිරීම කෙරෙහි නිර්භීත වී තිබුණා. මේ නිසා අපි අද හිතුවා සමාජ මාධ්‍ය ජාලා ආරම්භ කරන්න මුල් වුණු පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඔබට හඳුන්වා දෙන්න. හැබැයි අපි මේ සඳහා ෆේස්බුක් එකේ අධිපති මාර්ක් සකර්බර්ග්ව නම් ඇතුළත් කළේ නැහැ. මොකද ඔහු පිළිබඳව ගොඩක් දෙනෙක් දන්න නිසා.

 

ඇඳුම් නිර්මාණය කිරීම සහ සිරුර සම්බාහනය කිරීම පිළිබඳව හදාරා ඇති ජැක් ඩෝර්සි 2006 වසරේදී Twitter සමාජ මාධ්‍ය ජාලය දියත් කරන ලද්දේ තවත් කිහිප දෙනෙකු සමගයි. 2008 වසරේ දී යෝග හැදෑරීම සඳහා තම තනතුර අත්හළ ඔහු යළිත් එම ධූරය භාර ගත්තේ  2018 වසරේදියි. සිය ධනය පුණ්‍ය කටයුතු සඳහා නොමසුරුව වැය කරන ඩෝර්සි, 2016 වසරේ දී තමන් සතුවූ කොටස් වලින් තුනෙන් එකක් ට්විටර් සමාගමේ සේවකයන් අතර බෙදාදුන් අතර කොවිඩ් 19 සහන කටයුතු සඳහා  සිය වත්කම් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළා.

 

 

මේ මිතුරන් තිදෙනාම Paypal ආයතනයේ සේවය කරද්දී හමුවූවන් වන අතර පසුව ඔවුන් තිදෙනාගේ සුසංයෝගයෙන් Youtube සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය වුණා. මේ කාලයේදී ජාවේඩ් තම අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැනක් ලබා දී තිබූ නිසා ඔහු උපදේශකයෙකුගේ මට්ටමින් පමණක් සේවය කිරීමට එකඟ වුණා. මේ නිසා 2006 වසරේදී ගූග්ල් විසින් යූටියුබ් මිලට ගන්නා තෙක් බොහෝ දෙනෙක් ජාවේඩ්ගේ දායකත්වය ගැන දැන සිටියේ නැහැ. 2010 වසර දක්වා චැඩ් යූටියුබ්හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වූ අතර ඉන්පසුව තවත් ආයතන කීපයක් ආරම්භ කිරීමට ඔහු තම අවධානය යොමු කළා. ඒ බොහෝ කටයුතු සඳහා චෙන්ද එක්වී තිබුණා.

 

මේ දෙදෙනා ආරම්භයේ දී Burban නම් සමාජ ජාලයක් නිර්මාණය කිරීමට සිතා සිටියත් එහි ඇති සංකීර්ණතාව අනුව පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවනු ඇති බවට අනුමාන කරමින් Instagram සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කිරීමට තීරණය කරනු ලැබුවා. 2010 වසරේ දී ආරම්භ කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය ජාලය 2012 වසරේ දී Facebook වෙත විකුණා දැමීමට කටයුතු කළා. Instagram මුල්  අවධියේ දී තමන් කෙතරම් ඒ සමග බැඳී සිටියේ ද කියනවා නම් එක්තරා අවස්ථාවක බීමතින් සිටියදී පවා අඩවියේ කටයුතු යථාවත් කිරීමට තමන් සමත් වූ බව ක්‍රෙයිගර් පසුව ප්‍රකාශ කළා.

 

 

ඩෙනිස් සිය විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් සඳහා Dodgeball නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර පසුව එය google සමාගම වෙත විකුණා දමා තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් ලද අත්දැකීම් තුළින් නවීන් සමග එක්වී Foursquare සමාජ මාධ්‍ය ජාලය දියත් කිරීම සිදුවුණා. ඉන්පසුව එය එයට සමගාමීව තවත් දුරකථන යෙදුම් හඳුන්වාදීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here