සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට – Saru FM Media

0
16


කොළඹ (LNW): ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පවසයි . ඒ හරහා සයිබර් ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්මකනක හේරත් මහතා කියා සිටින්නේ
ඩිජිටල්කරණය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලින් පුරවැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක් එක් ආයතනවල දත්ත ආරක්ෂා කිරීම, වෙබ් අඩවි ආරක්ෂා කිරීම වැනි කාර්යයන් සයිබර් ආරක්ෂණ පනත හරහා අපේක්ෂා කරනව බවයි .

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය හෙවත් SRILANKA CERT මඟින් සංවිධානය කළ 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (23) දින සහභාගී වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව පැවැසීය.

“තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගි වූ අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සමුළුව සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබුණි.

මෙහිදී තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණු අතර එහි මුල්ම ප්‍රකාශනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ සභාපති රොහාන් මුත්තයියා මහතා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත පිළිගැන්විණි. ඊට අමතරව සයිබර් ආරක්ෂණ සතිය වෙනුවෙන් සංවිධානය කළ “Hacking Challenge” තරඟාවලියේ ජයග්‍රහාකයන්ට ත්‍යාග පිරිනැමීම ද ඇමැතිවරයා අතින් සිදුවිය. පසුගිය 2006 වසරේ දී ආරම්භ කර තිබෙන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය අද වනවිට ගෝලීය මට්ටම දක්වා වර්ධනය වී තිබෙන අතර ලොව පිළිගත් ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවට අයත් සයිබර් අවකාශය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.

” 15 වැනි වරට සයිබර් ආරක්ෂණ සමුළුව අද දින ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. එය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය විසින් සංවිධානය කර තිබෙනවා. සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය දැනුවත් කිරීම අද වනවිට ඉතාම වැදගත් වෙනවා. වර්තමානයේ අපේ තොරතුරු ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දී අනුමත වී තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයේ අවසානය වනවිට සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න පියවර ගන්නවා. ඒ වගේම සයිබර් ආරක්ෂණ පනත අද වනවිට භාෂා පරිවර්තනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී ඒ සඳහා අනුමැතිය ලැබුණු පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්නත් ඒ සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන්නත් හැකියාව ලැබෙනවා.

සයිබර් ආරක්ෂණ පනත මඟින් බලාපොරොත්තු වෙන්නේ එක් එක් පුද්ගලයාගේ මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක් එක් ආයතනවල දත්ත ආරක්ෂා කිරීම, වෙබ් අඩවි ආරක්ෂාව වැනි කාර්යයන් සිදු කෙරෙනවා. එසේ නොමැතිව සමාජ මාධ්‍යයට වාරණයක් ඇතිවන ආකාරයේ කිසිඳු තත්ත්වයක් මෙයින් ඇති වන්නේ නැහැ. ඇතැම් විට සාමාජ මාධ්‍ය ක්‍රිකාකාරීන් ද මේ සඳහා කැමැත්තක් දක්වයි. මේ පනත ක්‍රියාත්මක වීම තුළින් අපේ රටේ සිදුවන සයිබර් ප්‍රහාර සහ පෞද්ගලිකව සිදුවන තර්ජනයන්, ගැටළුවලින් ආරක්ෂා කර ගන්න හැකියාවක් ලැබෙනවා. අද වනවිට සමාජ මාධ්‍ය තුළ තිබෙන යම් යම් ක්‍රියාදාමයන් නිසා අපේ රටේ දරුවන්ගේ ජීවිත හානි වූ අවස්ථා තිබෙනවා.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here