COLOMBO ( News 1st ) – කොළඹ වරායේ සේවකයෙකුගේ සිරුරට පෙට්‍රල් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , කොළඹ අපරාධ කොට්ඨාශය මගිනි .
පොලීසිය සඳහන් කළේ, 2016 දෙසැම්බර් 8 වැනිදා අළුයම් කාලයේදී සුළු සේවකයින්ගේ විවේකාගාරය තුළදී එම ඝාතනය සිදු කර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ, කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ කාමරයේම සිට ඇති සැකකරුගේ ඇඳ මත තිබූ, සරමේ තිබූ පෙට්‍රල් සාම්පලයක් සහ අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලය සමාන බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
එම කරුණ ඇතුළුව තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වසර 06 කට පසු මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය .
උණුසුම් පුවත්
Saru Fm Media