සර්පයෙක් වගේ ඉඳලා ලස්සන වෙන්නෙ කොහොමද? ⋆ ධරණී

0
11

එක රටක බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. දවසක් ඔහු ධනවතුන්ගේ සාදයකට සහභාගී වුණා.

අපි හැමෝගෙම අශ්වයෝ දම්මලා රේස් එකක් තියමු.”

සාදේ හිටපු යාළුවෝ ටික කතා වුණා. හැබැයි අර කලින් කිව්ව ධනවතාට අශ්වයෙක් හිටියේ නැහැ. අර කතාව ඇහැව්ව ධනවතා ඊට පහුවෙනිදම ලෝකේ ඉන්න වේගවත්ම, වටිනාම අශ්වයව මිලදීගත්තා. අශ්වයාට රත්තරං කුටියක් හදලා දීලා ලෝකේ තියෙන රසම කෑම එහෙමත් දුන්නා.

ඔන්න දැන් තරඟෙ දවස. ලෝකේ තියෙන හැම සැප සම්පතක්ම දෙන නිසා තමන්ගේ අශ්වයා දිනයි කියලයි ධනවතා හිතුවේ. හැබැයි අඩියයි දෙකයි ගියේ ඇඟේ බර නිසා අශ්වයාව බිමට ඇදන් වැටුණා.

මගෙ අස්සයට මෙහෙම වුණේ ඇයි?”

මනුස්සයා පළාතේ බුද්ධිමතෙක්ගෙන් අහලා බැලුවා.

ඔයා කළේ අස්සයට කෑම ගිල්ලෙව්ව එක විතරයි. සතාට ඕන කරන ආහාර පාලනයවත්, පුහුණුවවත් හරියට දීලා නැහැ.”

කෑමවලට තියන ගිජුකම නිසා බත් පිඟන් ගණන් ගිලලා දාලා ලෙඩවෙන අපේ උදවියත් මේ අශ්වයාට සමාන කරන්න බැරිකමක් නෑ. ලෙඩයි, බරයි දෙකම අඩු කරගෙන සම වයසට යන එකත් පාලනය කරන්න කැමති නම් ඒකට හොඳම ක්‍රමේ ආහාර පාලනය (Fasting) කරන එකයි.

වේලක් දෙකක් මඟඇරෙන එක ඇඟට හොඳයි කියලා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණේ ඒකයි. නැතිබැරිකමට නොකා ඉන්න එකයි, ෆාස්ටින් කරන එකයි දෙකක් කියලා ඒ මහත්තුරු වුණත් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් එදිනෙදා අවශ්‍ය පෝෂණය සපුරගන්න බැරි කෙනෙක් නම් අපි අද කියලා දෙන ආහාර පාලන ක්‍රමය අනුගමනය කරන එක හානිදායක වෙන්න පුළුවන් කියන එකත් මුලින්ම කියන්න ඕන.

ගල් යුගයේ ජීවත්වෙච්ච මිනිස්සුන්ට ආහාර කල් තියාගන්න අයිස් පෙට්ටි තිබුණ එකක්යෑ. ඉතින් කන වෙලාවට හොඳට මස්, මාළු, පලතුරු කාලා පැය ගණන් නිරාහාරව ඉන්න එකයි ඒ අය කළේ. සැලකිය යුතු කාලයක් කෑම නැතිව ඉන්න පුළුවන් විදියට අපේ ඇඟවල් හැඩගැහිලා තියෙන්නේ පරිණාමය එක්කමයි. සත්ව වර්ග අනුව නිරහාරව ඉන්න පුළුවන් කාලසීමා වෙනස් වෙනවා. සර්පයින් වගේ උරගයින්ට මාස ගාණක් වුණත් නිරාහාරව ඉන්න පුළුවන්. රස්නේ කාලෙට ගොදුරු ගිලින උරගයෝ ශීත කාලෙට ගුල්වල හැංගෙනවලු. ශීත කාලේ ළඟයි කියලා ඉස්සර මිනිස්සු හොයාගත්තේ ගුල්වල හැංගෙන සර්පයෝ දිහා බලලලුනේ.

බුදුන්, ජේසුතුමා, නබිනායකතුමා වගේ ආගමික ශාස්තෘවරුන් පවා ආහාර පාලනය කරලා තියෙනවා. කෙනෙක්ට තමන්ගේ ආහාර පාලනය කරන්න පුළුවන් නම් ඔහුට ඔහුගේ මනස පාලනය කරන්න පුළුවන් කියලයි ජේසුතුමා කියලා තියෙන්නේ. ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු වගේ ආගම් අදහන මිනිස්සු නම් තවමත් ෆාස්ටින් කරනවා.

ෆාස්ටින් කරන එක ඇඟට හොඳයි කියන එක මුලින්ම හොයාගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස්. ඊටපස්සේ කාලය එක්ක ලෝකේ පුරා එක එක ජාතියේ ෆාස්ටින් ක්‍රම ව්‍යාප්ත වෙලා. හැබැයි කැනඩියානු වෛද්‍ය ජේසන් ෆන්ග් හඳුන්වල දුන්නු ඉන්ටිමිටන්ට් ෆාස්ටින් (Intermittent Fasting) ක්‍රමය තමයි මේ වෙනකොට ලෝකය පුරා ජනප්‍රිය. අපි අද කියලා දෙන්නෙත් මේ ක්‍රමේ ගැනයි.

දවසට පැය 24යි. ඒ කාලෙදි අපි පැය 16ක් ඇතුළෙදි උදේ/දවල්/රෑ කෑම වේල් ටික ගන්නවා. ඊටපස්සෙ පැය 8ක් නිදාගන්නවා. ඒකේ අදහස අපි පැය16ක් කනවා 8ක් ෆාස්ටින් කරනවා කියන එක. ඉන්ටිමිටන්ට් ෆාස්ටින්වලදි කරන්නේ නිරාහාරව ඉන්න පැය ගාණ වැඩි කරලා ආහාර ගන්න පැය ගාණ අඩු කරන එකයි. උදාහරණයක් විදියට පැය 8ක් ඇතුළෙදි ආහාර අරන් පැය 16ක් නිරාහාරව ඉන්න එක. තමන් කැමති විදියට මේ පැය ප්‍රමාණය 14/10, 12/12 වගේ වෙනස් කරගන්න පුළුවන්. හැබැයි 16/8  පැය ක්‍රමේ තමයි වැඩිය ප්‍රතිඵලදායක.

“පැය 16ක් බඩගින්නේ ඉන්න මොන දෙයියටද පුළුවන්?” උඩ කතාව කියෙව්වට පස්සේ එහෙම හිතුණා නේද? ඇත්ත. ගහෙන් ගෙඩි එන්නා වගේ පැය දාසයක් නොකා ඉන්න කාටත් බෑ. ඉතින් අපිට ඒකටත් හුරුවෙන්න වෙනවා. ඒ මෙහෙමයි. සමහරු ඉන්නවා උදේට නොකා ඉන්න බෑ. තව අයට දවල්ට නොකෑවත් රෑට නොකා ඉන්න බැහැ. මුලින්ම තමන්ට අත්අරින්න පුළුවන් කෑමවේල හොයාගන්න. උදේ 6ට උදේ කෑම කන කෙනෙක් නම් 6යේ ඉඳලා පැට අටක කාලයක් ඇතුළත ඒ කියන්නේ දවල් 2 පහුවෙන්න කලින් දවල්ට කන්න. ඊටපස්සේ ආයේ පහුවෙනිදා 6 වෙනකල් කන්න බැහැ. එතකොට එයාට මගඇරෙන්නේ රෑ වේල. කෙනෙක් උදේ 11ට කෑවොත් 7 පහුවෙන්න කලින් රෑට කන්න ඕනේ. එයාට ආයේ කන්න තියෙන්නේ පහුවෙනිදා හතට. එයා එතකොට උදේ වේල මඟඇරලා.

කෙනෙක්ට මේකත් එකපාර කරන්න බැහැ. අපි කෑම කාලා හුරුවෙච්චි වෙලාවටම මොළේට කෑම ඕනේ. ඉතින් මොළය ග්රේලින් (Ghrelin) කියන බඩගිනි ඇතිකරන හෝර්මෝනය ස්‍රාවය කරලා එවෙලෙට අපිට සංඥාවක් දෙනවා. ඒ නිසා කන්න පුරුදු වෙච්චි වෙලාවට අපිට බඩගිනි එන එක සාමාන්‍යයි.

ඒ නිසා මුලින්ම ප්‍රධාන ආහාර වේල් තුන අතරේ  ගන්න චොක්ලට්, කේක්, බිස්කට් වගේ කඩචෝරු කන එක නවත්තන්න. සතියක් දෙකක් යද්දි ඉබේටම අපි එව්වා නැතිව ඉන්න හුරුවෙනවා. ඊටපස්සේ අර කිව්ව විදියට වෙලාව බලලා එක වේලක් ස්කිප් කරන්න. ෆාස්ටින් කරන අතරතුරේ කෝපි, ප්ලේන් ටී, වතුර බිව්වට කමක් නැහැ. එකපාර පැය 16කට යන්න බැරි නම් පැය 10න් පටන් අරන් ටිකෙන් ටික කාලේ වැඩි කරන්න. කැමති විදියට සතියට දවසක්, දෙකක්, තුනක් නැත්තම් දිනපතාම වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. මාස තුනක් විතර යනකොට ඇඟ ඉබේටම මේ ක්‍රමේට හුරුවෙනවා.

මෙහෙම ෆාස්ටින් කරනකොට මොකද වෙන්නේ කියලා දැන් බලමු. අපි ගන්න ආහාර මේදය විදියට අපේ ශරීරයේ තැන්පත් වෙනවා. අපේ රටේ උදවිය පිෂ්ඨ කෑම, තෙල්, සීනි වැඩියෙන් ගන්න නිසා තැන්පත් වෙන මේද ප්‍රමාණයත් වැඩියි. ඒ තැන්පත් වුණු මේදය තමයි අපි නිරාහාරව ඉන්න කාලෙදි ශක්තිය විදියට වැය වෙන්නේ. එතකොට අපේ ශරීරයේ බර ඉබේටම අඩුවෙලා ඇඟ හැඩවෙලා බඩ අඩු වෙනවා. ඒ වගේම දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග පාලනය කරන්නත් ෆාස්ටින් හොඳයි.

අපි කන හැම කෑමක්ම ශක්තිය බවට පරිවර්තනය වෙනවනේ. ආහාර ශක්තියට පත්කරන හැම  මොහොතකම අපේ ඇඟට ඔක්සිඩන්ට් කියලා රසායනික ද්‍රව්‍යක් මුදාහැරෙනවා. අපේ සම ඉක්මනට වයසට යවන්න උන්දැට පුළුවන්. ඉතින් නිතරම කෑම කකා ඉන්නවා කියන්නේ අපේ ඇඟට යන ඔක්සයිඩ් ප්‍රමාණය වැඩිවෙනවා කියන එකයි. නිරාහාරව ඉන්න කාලය වැඩි කළාම සම වයසට යන එකත් පාලනය කරන්න පුළුවන් කියන එක පැහැදිලිනේ.

නිරාහාරව ඉන්දැද්දි සෛලවල තියෙන අපද්‍රව්‍ය සෛල විසින්ම ගිලදානවා කියලා යුෂිනොරි ඔසුමි කියන ජපන් වෛද්‍යවරයා මෑතකදි හොයාගෙන තියෙනවා. මේ නිසා පිළිකා තත්ත්වයන් පවා අවම කරගන්න පුළුවන් කියලයි ඔහු කියන්නේ.

ෆාස්ටින් කරන කෙනෙක් කන්න ඕන කොහොමද කියන එකයි ඊළඟට වැදගත් කාරණාව. මොකද පැය 16ක් බඩගින්නේ ඉඳලා කන්න ලැබුණු පැය අටේදි අර වාඩුව ගන්න වාගේ බත්, පාන් ගිලිනවා නම් වැඩක් නැහැනේ. පැය 16ක් ෆාස්ටින් ඉඳලා එකපාරම බත් කන්න එපා. පුළුවන් නම් කැඳ වර්ගයක්, සුප් එකක්, ජූස් එකක් බොන්න. නැත්තම් සලාද කන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here