සහෝදර සහෝදරියන් සමග ජීවත් වීමෙන් දරුවන්ට ලැබෙන වාසි – Saru News Media

0
12

දැන් අවුරුදු තිහ වෙලත් කසාද බඳින්නත් බය අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කියන විදිහට කසාදය ස​හ දරුවන් කියන්නේ අමතර බරක්. ඒත් ජීවිතයේ වෙන්න තියෙන දේවල් කාටවත් ව​ළක්වන්න අමාරුයි. ඒ කාලේ ගම් වල මිනිස්සුට අද කාලේ වගේ ලස්සන ගෙවල් දොරවල්, යාන වාහන තිබු​නෙ නැහැ. බයිසිකල් කබලක් වත් තිබුනේ ගමේ එහෙමත් ගෙදරක. ඒත් ඒ කාලේ ගම ගෙදරක අයියලා, අක්කලා, ආච්චිලා, සීයලා එක්ක ඔක්කොම හැකි විදිහට සතුටින්, විනෝදෙන් කාලය ගත කළා. ඉතින් පවුලේ සාමාජිකයින් වැඩි වුනාම ඒකෙ තියෙන වාසි මොනවද? අපි ටිකක් ඒ ගැන සොයා බලමු.

 

දෙමාපියන්ගෙන් උපදෙස් ගන්න පුළුවන් වුනත් දෙමාපියෝ අපිට දශක දෙකකට විතර ඉස්සර තමයි අපේ මේ කාලේ ගෙවලා තියෙන්නේ. එතකොට සමහර දේවල්වලදි දෙමාපියන්ගේ අත්දැකීම් සහ අදහස් ටිකක් ​පරණයි කියලා වැටහෙනවා. ඒ වගේම අපේ යාලුවෙක් වගේ නිතර ල​ඟ ඉන්න සහෝදරයාට ​හෝ සහෝදරියට අපේ ප්‍රශ්නයක් අවබෝධ කරගන්න හරි ලේසියි. එයාලට ඒ ප්‍රශ්නවල​ට අපිට වඩා හො​ඳ විසඳුම් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අපිට විඳවන ප්‍රශ්නයක්, ගැටළුවක් තියෙන වෙලාවක සහෝද​ර සහෝදරියෝ ඉන්න පවුලක ඉන්න එකේ වටිනාකම තේරෙනවා.

 

තනි ළමයා වුනොත් ගෙදර වගකීම්, නෑයන්ගේ වගකීම් ඇතුළු වගකීම් ගොඩක් එනවා. තව ඉතින් ඉඩකඩම්, යාන වාහන දේපළ, බිස්නස් ආදිය තියෙනවා නම් ඒවත් වගකීම් විදිහට තමුන්ගේ හිස මත වැටෙනවා. මිලියන ගා​ණක බිස්නස් එකක් වගේ දෙයක් නම් අමුතු ව​ධයකුත් නෙමෙයි, ඒත් ඒවා සැර වගකීම්. ඉතින් සහෝදර සහෝදරියෝ කීපයක් ඉද්දි ළමා කාලෙදි වගේම පස්සේ කාලෙකත් පවුලේ වගකීම්, පවුලේ දේවල් එකිනෙකා වෙත බෙදිලා යන නිසා එක් අයෙක්ට ලැබෙන පීඩන​ය අඩුයි.

 

අද කාලේ දරුවෝ ඒ කාලේ තරම් ගම වටේ, රට වටේ රවුම් ගහන්​නෙ නැහැ. ගෙදර ඉ​ඳගෙන කරන සෙල්ලම්වලට ගොඩක් කැමතිත් වගේ. ඒ වගේ පසුබිමකදි දරුවෝ එක්කෙනෙක්​ට වඩා ඉන්න තැනකදි සෙල්ලමක් දාන්න දරුවන්ට ලේසියි. දරුවන්ගේ සෙල්ලම කියන්නේ සෙල්ලමක්ම නෙමෙයි, දරුවන් ඒවා තුලින් වැඩිහිටියන් වීමට අවශ්‍ය කුසලතා ස​හ දැනුම ආදිය ප්‍රායෝගිකවම ලබා ගන්නවා.

 

මුලින්ම ​ඉස්කෝලේ රැස්වීමක කතා කරන එක ​එහෙම මතක් කරලා බැලුවාම අපි හැමෝම වගේ ඒ දේට බයයි. ඒ වගේම හෙට ලෝකෙදි හො​ඳටම ඉගෙනගන්න අයටත් වඩා හො​ඳට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන් උදවියටත් ලොකු තැනක් එනවා. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියන්නේ කොහොමත් ගෙදර ඇතු​ළෙම ගැටුම් එනවා. එතකොට හැම තිස්සේම අම්මලා තාත්තලාම ඕවාට අත දාන්නෙත් නැහැ. සමහර ඒවා අපිම තරහවෙලා, රණ්ඩු වෙලා සහෝදරයින්ම ඒවා ෂේප් කරගන්නවා. ඒ විදිහට පස්සේ කාලෙක මහා සමාජෙදි මිනිස්සු ආශ්‍රය කරන්න, මිනිස්සු එක්ක ඩීල් කරන්න අමතර හැකියාවක් දරුවන් කිහිප දෙනෙක් එකවර හැදුණු පවුලක දරුවන්ට ඉබේම එනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here