මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් ස්ටෑන්ඩ්-අප් කොමඩි ගැන දන්නවා. සමහරු දන්නවා ඒක ලෝකේ තියෙන ප්‍රහසන ඉදිරිපත් කිරීමේ කලාවක් විදියට. තව කොටසක් ඒක දන්නවා “හිටගෙන විහිළු කරන සීන් එකක්” විදියට. තවත් සමහරු නම් ඒ ගැන දන්නේ රට ජාතිය විනාශ කරන්න සිද්ධ වෙන කුමන්ත්‍රණයක් විදියට. හරි ඒක කොහොම වෙතත්, එක එක්කෙනා ස්ටෑන්ඩ්-අප් කොමඩි ගැන දරණ අදහස ගැන අපි වාදවිවාද කරන්න යන්නෙ නෑ. ඒක තම තම නැණ පමණින් දැනගෙන සිටිය යුතු දෙයක්.
හරි, දැන් අපි කතා කරමු ස්ටෑන්ඩ්-අප් කොමිඩියන් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. අපිට ෂුවර්, සෑහෙන්න පිරිසක් කැමැත්තෙන් ඇති, ඇත්තටම ස්ටෑන්ඩ්-අප් කොමඩි වගේ දෙයක් කරන්නේ කොහොමද, ඒක අමුතුවෙන් ඉගෙන ගන්න, ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්ද කියලා දැනගන්න. ඇත්තටම කියනවා නම්, ඔය කාරණා දෙකටම උත්තරේ ඔව්. ස්ටෑන්ඩ්-අප් කොමඩි කියන්නේ ඉගෙන ගන්න ඕන දෙයක් තමයි. නිකම්ම ස්ටේජ් එකක් උඩට ගිහිල්ලා, මයික් එකක් අරගෙන, ඔය හැමෝම කතා කරලා කතා කරලා පිළුණු වෙලා තියෙන පරණ ජෝක්ස් කලා කියලා, ඒක ස්ටෑන්ඩ්-අප් කොමඩි වෙන්නෙ නෑ. ඒකට ඊට වඩා ටැලන්ට් එකක්, පුහුණුවක් අවශ්‍යයි. ආන්න ඒක නිර්මාණය කරගන්න සෑහෙන්න දෙයක් කරන්න අවශ්‍යයි. ඇත්තටම උපන් හැකියාවකුත් තියෙනවා නම් වැඩේ තවත් අනර්ඝයි. හැබැයි උපන් හැකියාවෙන් විතරක්ම ස්ටෑන්ඩ්-අප් කොමඩි එකක් ගොඩදාන්නත් බැහැ. අන්න ඒ නිසා, අපි හිතුවා, ස්ටෑන්ඩ්-අප් කොමීඩියන් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට ඒකට ටිප්ස් කීපයක් කියලා දෙන්න.
ඕන දෙයක් ඉගෙන ගන්න මූලිකවම කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනවා. එක්කෝ අපි පංතියකට හරි ගිහින්, ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතිනම් සෙල්ෆ් ස්ටඩි, ඒ කියන්නේ තනියම ඉගෙන ගන්න එක කරන්න ඕන. ඒක පළවෙනි එකට වඩා ටිකක් අමාරුයි. හැබැයි කරන්න බැරි නෑ. දැන් ස්ටෑන්ඩ්-අප් කොමඩි ගත්තත්, ඒක ඉගෙනගන්න පුලුවන් දෙයක්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. වෙන රටවල ස්ටෑන්ඩ්-අප් කොමඩි උගන්නන පංති එහෙමත් තිබුණට, අපේ රටේ ඒක ලොකු ආට් එකක් විදියට ස්ථාපිත වෙලා නැති නිසා, එහෙම ඉගෙන ගන්න පංති එහෙම නෑ. හැබැයි අපිට තනියෙන් ඉගෙන ගන්න බැරිත් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, යූටියුබ් එකේ ගත්තත් ස්ටෑන්ඩ්-අප් කොමඩි උගන්වන චැනල් එහෙම තියෙනවා. එතකොට, ඔය ජාත්‍යන්තර මට්ටමේ ස්ටෑන්ඩ්-අප් කොමඩි ෂෝ එකක් එහෙම බලලා දේවල් ඉගෙන ගන්නත් පුලුවන්. ඉතින් කොහොමහරි, ස්ටෑන්ඩ්-අප් කොමඩි කියන්නේ නිකම්ම ස්ටේජ් එකකට නැගලා විහිළු කතා කියන එක නෙවෙයි කියලා අපි කිව්වනේ. ඒකට විවිධ තාක්ෂණයන්, ටෙක්නික්ස් තියෙනවා. අන්න ඒවා ඉගෙන ගන්න ඕන.
දැන් අපි උඩින් කියපු විදියට ක්ලාස් එකකට නොයා, තනියෙන්ම ඉගෙන ගත්තා කියමුකෝ. හැබැයි ප්‍රායෝගිකව ස්ටෑන්ඩ්-අප් කොමඩි ඉවෙන්ට් එකක ඉදිරිපත් කිරීමක් කරනකොට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්, ටෙක්නික්ස් ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය වගේ දේවල්, තනියෙන් ඉගෙනගන්න බැහැ. ඒකට ප්‍රැක්ටිස් එක ඕන. පටන් ගැන්මට අපිට තනියෙන්, කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තමන්ගේ ස්ටෑන්ඩ්-අප් කොමඩි පාට් එක ඉදිරිපත් කරන්න, තනියෙන් පුහුණු වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඒක අර ගොඩ පීනලා පුරුදු වෙනවා වගේ තමයි. වැඩේ හරියටම අල්ලගන්න නම්, වතුරට බහින්නම වෙනවා. අන්න ඒකට හොඳම ක්‍රමයක් තමයි ඔය ඕපන් මයික් කියලා කියන ඉවෙන්ට්ස් තියෙන්නේ. ආන්න ඒවලට සෙට් වෙන එක. ඒ කියන්නේ, ඕපන් මයික් ඉවෙන්ට් එකකදී ඕනම කෙනෙක්ට සහභාගී වෙලා ඉදිරිපත් කිරීමක් කරන්න පුලුවන්.
හැබැයි ඉතින් එව්වා කරන්න කලින්, මොකද්ද අපි ඉදිරිපත් කරන්නේ කියන එක අවබෝධ කරගන්නත් ඕනනේ. ඇත්තටම අපි කියපු පළවෙනි කාරණාවත් එක්කම සමගාමීව සිද්ධ වෙන්න ඕන දෙයක් තමයි, තමන් කරන්න බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩ්-අප් කොමඩි ඉවෙන්ට් එකට ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන් වෙන එක. මෙතනදී, මුලින්ම අපි දැනගන්න ඕන, ස්ටෑන්ඩ්-අප් කොමඩි සෙට් එකක් කියන්නේ මොකක්ද කියලා. ස්ටෑන්ඩ්-අප් කොමඩි එකක අපේ ඉදිරිපත් කිරීමේ ගලායෑම තමයි මෙතනදී සෙට් එකක් කියලා හඳුන්වන්නේ.
* ඕපනින්ග් (Opening) – මේ කියන්නේ තමන්ගේ ඉදිරිපත් කිරීමේ පටන් ගැන්ම ගැන. මේකෙදී අපිට හොඳ විහිළුවකින්, එහෙම නැතිනම් පන්ච් ලයින් එකකින් ප්‍රේක්ෂකාගාරය අල්ලගන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව පටන් ගත්තු තැනම බෝරින්ග් වෙන්න බැහැනේ.
* බිට්ස් (Bits) – මේ කියන්නේ අපි ජෝක්ස් කියලා හඳුන්වන කෑලි ටික. හැබැයි එකිනෙකට සම්බන්ධයක් නැති ජෝක් කතා ටිකක් ඔහේ කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි මේ අන්තර්ගතය ඇතුළෙදී කියන හැම ජෝක් එකකටම ඒකේ චරිත, අවස්ථාවන් වගේ දේවල් හඳුන්වලා දෙන විස්තරාත්මක කොටස් ඇතුළත් වෙන්නත් ඕන. ආන්න ඊට පස්සේ අන්තිමට ඒ හැම ජෝක් එකකම පන්ච් ලයින් එකක්, ඒ කියන්නේ හොඳටම ෆනී කූටප්‍රාප්තියක් එන්න පුලුවන්. විශේෂයෙන්ම ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු නොවෙනම පන්ච් ලයින් එකකින් ජෝක් එක ඉවර වෙනවා නම් මරු.
* ට්‍රාන්සිෂන්ස් (Transitions) – මේ කියන්නේ, අර එක් එක් ජෝක් එකක්, එකිනෙකට සම්බන්ධ වෙන කොටස්. ඒ කියන්නේ, ස්ටෑන්ඩ්-අප් කොමඩි සෙට් එකක තියෙන්නේ එකිනෙකට අසම්බන්ධිත ජෝක්ස් වුණොත්, ඒක නිකම් ඉස්කෝලේ සෙට් එකක් වටවෙලා හිතට එන එන ජෝක් කෑලි කියනවා වගේ වෙනවා. මෙලෝ රහක් නෑ. හැබැයි මෙහෙම ට්‍රාන්සිෂන්ස් වලින් අර උඩ කියපු බිට්ස් සම්බන්ධ වෙනකොට, මේ සම්පූර්ණ කොටසම එක සංවාදයක් විදියට ගාණට ගලාගෙන යනවා.
* ක්ලෝසර් (Closer)- මේ කියන්නේ තමන්ගේ ෂෝ එකේ අන්තිම ෆයිනල් ජෝක් එක. ඒක සමහර වෙලාවට අර පටන් ගන්නකොටම කරපු ජෝක් එකේ දෙවෙනි කොටස වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සෙට් එකේ අර බිට්ස් කියලා කියපු ජෝක්ස් වලින් ගොඩනැඟීගෙන ආපු සම්පූර්ණ විහිළුවේ කූටප්‍රාප්තිය වෙන්න පුලුවන්. කොහොම හරි මේ ක්ලෝසර් එක බොහොම ප්‍රබල වෙන්න ඕන.
අපි කීප පාරක්ම කිව්වා වගේ, ස්ටෑන්ඩ්-අප් කොමඩි එකක් කරනවා කියන්නේ හිතට එන ජෝක්ස් කියන එක නෙවෙයි. ඊට වඩා මේක බොහොම භාරදූර කර්තව්‍යයක් කියලා උඩින් කියපු පොයින්ට් එකෙන් වැටහෙන්න ඇතිනේ. දැන් කෙනෙක් බය වෙන්න පුලුවන්, ඔය වගේ එකක් කොහොමද අපි කරන්නේ කියලා. බය වෙන්න එපා. ස්ක්‍රිප්ට් එකෙන් පටන් ගමු. ඒකට කරන්න තියෙන්නේ අර බිට්ස් වලින් පටන් ගන්න එක. දැන් ගොඩක් වෙලාවට අපි දන්න ජෝක්ස් තියෙන්නේ කොහෙන් හරි කියවපු නැතිනම් අහපු නැතිනම් දැකපු එව්වනේ. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවොත්, අපිටම වුණත් ජෝක්ස් නිර්මාණය කරන්න පුලුවන්. මේක කරන්න හොඳම ක්‍රමය තමයි දවස ගාණේ ලියන්න වෙලාවක් වෙන් කරන එක. එහෙම ලියනකොට, ඒ ජෝක් එකක චරිත ගැන, අවස්ථාවන් ගැන, අවස්ථා සම්බන්ධයන් ගැන හිතන්න. ඒවත් ලියන්න.
දැන් මෙහෙම ජෝක්ස් ලියන්න ප්‍රවීණත්වය ලැබෙනකොට, ටිකෙන් ටික, ස්ටෑන්ඩ්-අප් කොමඩි සෙට් එකක් ලියාගන්න හැකියාව ලැබෙනවා.
Saru Fm Media