ස්මාට් ගැජට් හොයන අයට ගැලපෙන ස්මාට්වොච් කීපයක්! – Saru News Media

0
3

ස්මාට්ෆෝන් කියන්නේ දැන් කාලේ හැමෝම අතේ තියෙන දෙයක්නේ. ඇත්තටම ස්මාට්ෆෝන් එකකින් අපේ එදිනෙදා වැඩ පහසු කරන විදිය මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් නම් හිතාගන්නත් බැරි තරමයි. කොහොම වුනත් අද ලෝකේ තියෙන ස්මාට් උපාංග ස්මාට්ෆෝන් වලට විතරක් සීමා වෙන්නේ නෑ. ඊලඟට ජනප්‍රිය වෙලා තියෙන තවත් ස්මාට් උපාංගයක් වෙන්නේ ස්මාට්වොච්. මේවා එක්කෝ ස්මාට්ෆෝන් එකත් එක්ක රැහැන් රහිතව සම්බන්ධ වෙලා, ස්මාට්ෆෝන් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් උපාංග. එහෙමත් නැතිනම් ස්මාට්වොච් එකටම සිම් එකක් දාලා, ස්මාට්ෆෝන් එකක අවශ්‍යතාවයක් නැතුවම ස්මාට්වොච් එකෙන් සියලුම දේවල් කරගන්න පුළුවන්.

හරි, මේ හැම ආකාරයකම ස්මාට්වොච් දැන් ස්මාට්ෆෝන් වගේම ජනප්‍රිය වේගෙන එන්නේ. ඒ නිසා ස්මාට්වොච් එකක් ගන්න හිතන කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතා අනුව තෝරගන්න වෙළෙඳපොළේ තියෙන ස්මාට්වොච් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ!

 

Huawei Watch GT කියන්නේ ඇත්තටම ස්මාට්වොච් එකක්ද කියන එක ගැන වාද විවාද තියෙනවා. කොහොම වුනත් මේ උපාංගය ලබාදෙන බැටරි බලයත් එක්ක තරග කරන්න උපාංග නම් වෙළෙඳපොලේ නැති තරමයි. නිෂ්පාදකයෝ කියන්නේ Huawei Watch GT උපාංගය සාමාන්‍ය භාවිතය යටතේ සති දෙකක් එක පාරක් ආරෝපණය කළහම පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි. ඒක ඇත්ත හැබැයි. ස්මාට්ෆෝන් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕන මේ ස්මාට්වොච් එකට ෆෝන් එකට එන කෝල්ස්, මෙසේජස්, ඇලර්ට්ස් ඔක්කොම එනවා. හැබැයි කෝල්ස් ආන්සර් කරන්න බෑ. ඒත් ඔය ෆිට්නස් ට්‍රැකින් අවශ්‍ය අයට නම් මේකේ උපරිම පහසුකම් තියෙනවා. ඒ එක්කම කාලගුණේ ගැන විස්තර එහෙමත් මේකේ තියෙනවා!

තව දෙයක්, තවත් වැඩිදියුණු කරපු Huawei Watch GT 2 ස්මාට්වොච් එක මේ මාසේ අන්තිමට එන්න නියමිතයි!

 

බොහොම හුරුබුහුටි නිමාවකින් සහ බලවත් දෘඩාංග එකතුවකින් යුතුව නිර්මාණය කරලා තියෙන මේ Galaxy Watch Active උපාංගය බොහොම සැහැල්ලු ඒත් වේගවත් ක්‍රියාකාරීත්වයකින් සමන්විතයි කියන්න පුළුවන්. ඒ වගේම මේකේ නිමාවේ තියෙන සුන්දරත්වයටත් ගොඩක් අය ආකර්ෂණය වෙනවා. ඇත්තටම ස්මාට්වොච් එකක් කියන්නේ ස්ටයිල් එකත් තියෙන්න ඕන දෙයක් කියන එක අමතක කරන්න බැහැ. මේකේ ඇතුළත් කරලා තියෙන ඇප්ස් වලින් අපිට සෑහෙන වැඩ කොටසක් කර ගන්න පුළුවන් වුනත්, තුන්වෙනි පාර්ශවයේ වෙනත් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න බැරි වීම නම් අඩුවක් තමයි. 

මේකෙත් වඩාත් දියුණු කරපු අනුප්‍රාප්තිකයෙක් ඉදිරියේදී දැකගන්න පුළුවන්.

 

ජීවිතේ ඇපල් යාලුවන්ට ගැලපෙනම ස්මාට්වොච් එක තමයි Apple Watch Series 4 කියන්නේ. අර ඇපල් සමාගමටම ආවේණික වුණු සුන්දර, සුඛනම්‍ය හැඩය සහ නිමාවත් එක්ක එන සුමට කොන් සහිත හතරැස් මූණක් තියෙන මේ Apple Watch Series 4 උපාංගයේ සෞඛ්‍යට සහ ශරීර සුවතාවයට ඉහළ ඉඩක් ලබාදීලා තියෙනවා. කොටින්ම කිවුවොත් දිගින් දිගටම ඔබේ හෘද ස්පන්දනය අධීක්ෂණය කරලා, මොකක් හරි වැරැදි විදිය​කට හදවත ගැහෙන්නේ කියලා දැනුනොත් වහාම ඩොක්ටර් කෙනෙක්ට දැනුම් දෙන්න පවා මේ වොච් එකට පුළුවන්. බැරි වෙලාවත් අපි අසනීපෙකින් ඇද වැටුනොත් එහෙම වහාම හදිසි අනතුරු සේවාවන්ට දැනුම් දීමක් කරලා, අපේ තත්ත්වය දිගින් දිගටම අධීක්ෂණය කරන්නත් මේකට පුළුවන්. මේකේ බැටරිය සාමාන්‍ය භාවිතයේදී දවසක් විතර රැඳිලා තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here