සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම්කරයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
14

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී ඊයේ සිදුවූ පිහි ඇනුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම්කර තිබෙනවා.

සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඉලක්ක කර ගනිමින් පිහි ඇනුමක් සිදුවුණා.

16 හැවිරිදි පිරිමි ළමයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තවාදී ආගමික පෙළඹවීමක් මත එය සිදුව ඇති බවයි සිඩ්නි පොලීසිය පවසන්නේ.

බිෂොප්වරයාට අමතරව තවත් කිහිප දෙනෙකු පිහි ඇනුමට ලක්ව ඇති බවද සදහන්. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ද තුවාල ලබා ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here